Top News

‘ජය ඉසුරු’ වෙනුවෙන් රු. මිලියන 1,500 ක්

2021 අයවැය යෝජනා අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ‘ජය ඉසුරු‘ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 1,500 කි. මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය පහසුකම් ලබා දීම සඳහා රු. මිලියන 7,334 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත. තවද…

(0)Comments | November 18, 2020 1:33 pm

ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් කොළඹ වාණිජ මහාධිකරණ කටයුතු ඩිජිටල්කරණය කරමින් Virtual Hearing Solution හඳුන්වාදෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින් පවතින COVID 19 වසංගතතත්ත්වය යටතේ තවත් එක් ජාතික වගකීමක් ඉටු කරමින්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී ලංකා වාණිජ මහාධිකරණ කටයුතු අන්තර්ජාල පරිසරයක් තුළ පවත්වාගෙන යාමේ පහසුකම් සලසමින් SLT නවතම හඳුන්වාදීම වන Virtual Hearing Solution පද්ධතිය හඳුන්වාදී තිබේ. කොළඹ නීති පුස්තකාලය (Colombo Law Library) සමග එක්ව SLT විසින් දියත් කළ පළමු…

(0)Comments | November 18, 2020 12:14 pm

විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න ඊජිප්තුවෙන් නව ක්‍රමයක් හඳුන්වා දෙයි

කොවිඩ්-19 වසංගතය ලොව පුරා සංචාරක කර්මාන්තයට අඛණ්ඩව පහර දීම නිසා මුළු ලොවම එකතැන රැඳී සිටින සමයක, “Go on a Couch Safari” (ඔබේ සුව අසුනේ හිඳිමින්ම වන සතුන් නැරඹීමේ චාරිකාවක යෙදෙන්න) නම් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන සංචාර මඟින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නව මානයකින් ඉදිරියට ගෙන යාමට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. ඒ අනුව…

(0)Comments | November 18, 2020 12:03 pm

ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය සහ ඉන්දියාවේ හිමාලයානු ජෛව සම්පත් තාක්ෂණ ආයතනයේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ පිළිබඳ කවුන්සිලය අතර අවබෝධතා ගිවිසුමක්

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන යටතේ ‘අධි තාක්ෂණික ප්‍රවේණිගත කිරීම භාවිතයෙන් තේ ශාකයේ ජානමය ලක්ෂණ හඳුනා ගැනීම වේගවත් කිරීම සහ වැදගත් ශෂ්‍ය විද්‍යාත්මක ලක්ෂණ හඳුනාගැනීම’ යනුවෙන් වර්ෂ දෙකක පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයට ප්‍රදානයක් ලැබී ඇත. තේ ප්‍රභේද නිපදවීමේ කාර්යය සඳහා ගත වන කාලය අඩු කර අභිජනන වැඩසටහන් කඩිනම් කිරීමට අවශ්‍ය…

(0)Comments | November 18, 2020 10:14 am

ඊ-ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සහ ඊ-ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධානම අරමුණු දහයෙන් එකක් වන “සුහුරු ජාතියක්” යන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුවක් සහ ඒ සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ගයක් රජය විසින් අනුගමනය කරනු ලබන අතර එයට ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස ප්‍රමුඛතාවය ලබා දී…

(0)Comments | November 18, 2020 10:02 am

2021 අයවැය කථාව

හැඳින්වීම ගරු කථානායකතුමනි, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව තුළ 2021 – 2023 මැදිකාලීන ආර්ථික පුනර්ජීවන හා දිළිදුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය කතාව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්. ගරු කථානායකතුමනි, අප රට කවර ආර්ථික මට්ටමක සිටියත්, කවර අභියෝගයන්ට මුහුණ දී තිබුණත් පිළිගත යුතු එක් මූලික යතාර්ථයක් වන්නේ…

(0)Comments | November 17, 2020 6:01 pm

මෝටර් රථ අමතර කොටස් ආනයන බදු අඩු කිරීමට පියවර

මෝටර් රථ අමතර කොටස් සඳහා පනවා ඇති ආනයන බදු අඩු කිරීමට පියවර ගන්නා බව මුදල් අමත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින සිය අයවැය කතාවේ දී කියා සිටියේය. “පසුගිය පස් වසර තුළ ඩොලර් මිලියන 5,318 ක් පමණ විදේශ විනිමය යොදා ආනයනය කළ වාහනවල වටිනාකම එම කාලය තුළ අප ලබා ගත් ණය ප්‍රමාණයෙන් 31% ක්…

(0)Comments | November 17, 2020 4:27 pm

කොටස් වෙළෙඳපොළට අදාළ අයවැය යෝජනා කිහිපයක් මෙන්න

1. පුද්ගලික ඉතිරිකිරීම් දිරිගැන්වීම සඳහා වෛද්‍ය රක්ෂණය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, නිවාස ණය, ලැයිස්තුගත සමාගම් කොටස්වල මසකට රුපියල් ලක්ෂය දක්වා කරනු ලබන පෞද්ගලික ආයෝජන ආදායම් බදු ගණනයේ දී අඩු කළ හැකි ගෙවීමේ ලෙස සැලකීම. 2. සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියාමනය යටතේ දේපළ ආයෝජන භාරය මගින් නිත්‍ය නිවාස වෙළෙඳපොළ නියෝජනය දිරිගැන්වීම සඳහා එම ආයතනවල ප්‍රාග්ධන…

(0)Comments | November 17, 2020 3:48 pm

නේවාසික විදේශිකයින්ට සුපිරි මහල් නිවාස මීල දී ගැනීමට ඉඩ

ශ්‍රී ලංකාවේ නේවාසිකව සේවය කරන විදේශියකයන් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල සිය ඇති ඉපයීම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණයවලින් සුපිරි මහල් නිවාස මිල දී ගැනීමට ඉඩප්‍රස්ථා සැලසීමට යෝජනා කරනු ලබන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින මුදල් අමාත්‍යවරයා වශයෙන් සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේය. මේ අතර ප්‍රාග්ධන ලැබීම්…

(0)Comments | November 17, 2020 3:41 pm

වැරදි බදු වාර්තා සකස් කළොත් දඩුවම්

පෞද්ගලික අංශයේ බදු උපදේශකයන් හා විගණකයින්, බදු ගෙවන්නන් නියෝජනය කිරීමේ දී සහ සහතික නිකුත් කිරීමේ දී වැරදි බදු වාර්තා සකස් කිරීම හෝ අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකා එවැනි බදු උපදේශක සේවාවන් පවත්වා ගෙන යාම අවලංගු කළ හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17)…

(0)Comments | November 17, 2020 3:09 pm