රැමිස් (RAMIS) පද්ධතිය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධකිරීමේ ප්‍රගතිය පිළිබඳව ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලීම සිදු විය. මේ පිළිබඳ විමසා බැලීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ…
කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පාසල් 100ක පිහිට වූ ප්‍රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක් බව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසීය. මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම ප්‍රවර්ධනයට සුදුසුම පිරිස වන්නේ සිසු පරපුර බවත් පාසල් තුළින් එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට…
හොංකොං කේන්ද්‍ර කරගත් ඉහළ පිළිගැනීමකට පාත්‍ර වූ ගුවන් සේවයක් වන Cathay Pacific ගුවන් සේවය, 2024 වසරේ පෙබරවාරි මස 2 වැනිදා සිට කොළඹට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවරගෙන ඇති බව නිවේදනය කරයි. වසර හතරක විරාමයකින් පසු, Cathay Pacific නැවත වරක් ශ්‍රී ලාංකීය ගුවන් තලය කරා ඇදී යමින්, වටිනා දේශීය ගනුදෙනුකරුවන්ට සේවය සලසා දෙමින් ලොව…
2023 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමිව් සඳහන් කර සිටී. 2023 මුල් දින 06 තුළ 22,896 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර පසුගිය අගෝස්තු මාසයේ දී 136,405 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබුණි. සැප්තැම්බර් මුල් දින…
පසුගිය කාලයේදී අඩු මිලට බැඳුම්කර මිලදීගත් බැංකු ඇතුළු පාර්ශවයන්ගේ ප්‍රාග්ධන ලාභ මත ප්‍රමාණවත් බදු පනවන්නේ නැතිව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් මත පමණක් දේශීය ණය ප්‍රශස්තකරණයේදී බදු පැනවීම අසාධාරණ යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී (07) අවධාරණය කළේය. ඔහු පැවසුවේ ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල් පනතට සංශෝධනයක් ගෙන එමින් මෙම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බවයි….
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2023 අගෝස්තු මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,598 ක් බව වාර්තා වේ. මෙය 2023 ජූලි මාසය අවසානය වන විට පැවති නිල සංචිත වත්කම් වටිනාකම වන ඩොලර් මිලියන 3,765 හා සැසඳීමේ දී 4.4% ක පහළ යාමක් වේ. නිල සංචිත වත්කම්වල අන්තර්ගත ප්‍රධාන සංරචකය වන…
“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දී කියුබාව බලා පිටත්ව යාමට නියමිතය. “වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව 2023 සැප්තැම්බර් 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වේ. “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ වත්මන්…
බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ ලැබෙන ප්‍රතිලාභ ගැන සාකච්ජාවක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්න – කමිටු සභාපති වරයාගෙන් උපදෙස් විදේශ තානාපති කාර්යාලයන්හි සේවය සඳහා විදේශයන්හි සිටින මෙරට සිසුන් ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවා ගැනීම පිළිබඳ අවධානය ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 24% ක් සේම ලෝක වෙළද කටයුතුවලින් 16%ක් ක්‍රියාත්මක වන්නේ…
ජනපති මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයේ දී පවසයි. බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදු කර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත්…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ද සංශෝධනයට පියවර ගෙන තිබෙනවා. වාර්ෂිකව මිලියන 7000ක විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමේ ඉලක්කය මෙම වසරේදීම ළඟා කර ගැනීමට හැකිවන බව විශ්වාසයි – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර. විශේෂඥයින්ගේ සහාය ඇතිව මෙරට විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය වෙනුවන් ජාතික විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් කර එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා…
Video Story