Top News

සුඛෝපභෝගී මිල අධික වාහන ලංකාවට ගෙන්වන සුමල් පෙරේරා අයවැය ගැන මෙසේ කියයි

ආර්ථිකයේ යහපත උදෙසා ඇතැම් ව්‍යාපාර සමබන්ධයෙන් තෝරා ගැනීමක් සිදුකළ යුතු තැනකට පැමිණ ඇති බවත්, වසර 5ක් පුරාවට වරින් වර වෙනස් නොවන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හට ප්‍රමාණවත් බවත් ඇක්සෙස් ඉංජිනියරින් පීඑල්සී හි සභාපති සුමල් පෙරේරා මහතා පවසයි. අද (20) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති අයවැය සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා…

(0)Comments | November 20, 2020 1:51 pm

තරුණ ව්‍යවසායකයින් උදෙසා Q-shop දහසක් ව්‍යාපෘතිය ඇරඹයි

තරුණ ව්‍යවසායකයින් සඳහා වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථා පරිශ්‍රයේ දී ඊයේ (19) පැවැත්විණි. එහි දී ප්‍රථම Q-shop වෙළඳසැල අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය. මේ ඔස්සේ ගුණාත්මකභාවයෙන් ඉහළ රාජ්‍ය අංශයේ හා දේශීය නිෂ්පාදන සෘජුව ම පාරිභෝගිකයා වෙත නිකුත් කිරීම ඔස්සේ තරුණ ව්‍යවසාකයින් සඳහා…

(0)Comments | November 20, 2020 1:50 pm

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය හා අධ්‍යාපන යන අංශවල කැපී පෙනෙන දියුණුවක් ඇති බව එක්සත් රාජධානියේ Legatum ආයතනයේ අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි

ඉකුත් දශකය තුළ  ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බවත් එය ලංකාවේ සෞභාග්‍යයේ ඉදිරි ගමනට ඉවහල්වී ඇති බවත් Legatum ආයතනය සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී තිබේ. Legatum ආයතනය එක්සත් රාජධානියේ විශේෂඥ බුද්ධි මණ්ඩලයකින් සමන්විත වන අතර එමඟින් ලෝකයේ සියලු රටවල සියලු අංශවල සංවර්ධනය විශ්ලේෂණය කර වාර්ෂිකව වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලබයි….

(0)Comments | November 20, 2020 1:40 pm

චීනයේ දැවැන්ත ටයර් නිෂ්පාදකයා Shandong Haohua Tyre හම්බන්තොටට

මෙරට ටයර් නිෂ්පාදන හා අපනයන කේෂ්ත්‍රයට නව මං පෙත් විවර කරමින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලොව ප්‍රමුඛ ටයර් නිෂ්පාදන සමාගමක්වන Shandong Haohua Tyre Co. Ltd සමාගම සමඟ ටයර් නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කිරීම සඳහා ඊයේ (19) දින ගිවිසුම් ගත විය. සම්පුර්නයෙන්ම අපනයන වෙළඳපොල ඉලක්ක කරගනිමින් මෙහි ටයර් නිෂ්පාදනය වන අතර, අර්ධවානේ සහ වානේ රේඩියල් ටයර් නිපදවීම…

(0)Comments | November 20, 2020 11:20 am

2020 ජනවාරි – අගෝස්තු කාලයේ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වියදම 15%කින් ඉහළට

2020 වසරේ පළමු මාස අට තුළදී රජයේ වියදම් රු. බිලියන 1,882.7 ක් වූ අතර එයින් රු. බිලියන 1,670.4 ක් පුනරාවර්තන වියදම් සහ රු. බිලියන 231.3 ක් මූලධන හා ශුද්ධ ණය ගැනීම් සඳහා විය. පළාත් සභා සේවකයින් ද ඇතුළුව රජයේ සේවකයින්ගේ පුද්ගල පඩිනඩි සඳහා වන මුළු වියදම 2019 වසරේ සමාන කාලපරිච්ඡේද තුළදී, වු රු. බිලියන 446.4…

(0)Comments | November 19, 2020 5:29 pm

වැඩිම ණය චීනයෙන්

2020 වසරේ ජනවාරි මස 01 වන දින සිට අගෝස්තු 31 වන දින දක්වා ඇ.ඩො. මිලියන 1,352.2 ක විදේශ ප්‍රතිලබ්ධි ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර, මෙයින් ඇ.ඩො. මිලියන 1,320.9 ක් ණය ප්‍රතිලබ්ධි වන අතර, ඇ.ඩො. මිලියන 31.3 ක් ප්‍රදාන ලෙස ලද ප්‍රතිලබ්ධි (Disbursements) වී ඇත. මෙම ප්‍රතිලබ්ධිවලින් ඉහළම ප්‍රමාණය චීනය සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුම්…

(0)Comments | November 19, 2020 1:58 pm

2020 මුල් මාස 08 දී වාහන ආනයන බදු අදායම 47%කින් පහළට

නිෂ්පාදන/සුරා බදු තුළින් ලද ආදායම මෝටර් වාහන හැර අනෙකුත් සියළුම අංශයන්ගෙන් ලද ආදායම් වැඩිවීමත් සමඟින් 2019 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ රු. බිලියන 94.6 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස තුන තුළ දී රු. බිලියන 105.6 දක්වා සියයට 11.6 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. කෙසේ වුවද, කොවිඞ්-19 වසංගතයෙහි බලපෑම පෙන්නුම් කරමින් 2020 වසරේ…

(0)Comments | November 19, 2020 12:49 pm

දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බව යුරෝපා සංගමය පවසයි

මෙය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල සමඟ එක්ව කරනු ලැබූ නිවේදනයකි. පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් අංශ අවස්ථා ගණනාවනක දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා…

(0)Comments | November 19, 2020 11:31 am

අයවැය යෝජනා සම්බන්ධයෙන් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති සිය සතුට පළකරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2020 නොවැම්බර් මස 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සිය සතුට පළකරයි. මෙම යෝජනා අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා පියවර කිහිපයක් ඇතුළත් වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ…

(0)Comments | November 19, 2020 10:32 am

HNB සමූහය 2020 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 8.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව (HNB) 2020 මුල් මාස 9 සඳහා රුපියල් බිලියන 7.7ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එම කාල පරිච්ෙඡ්දය සඳහා HNB සමූහය රුපියල් බිලියන 8.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2020 මුල් මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා…

(0)Comments | November 19, 2020 9:51 am