2023 ජනවාරි සිට ජූනි දක්වා වසෙර් පළමු භාගය තුළ දී රජයේ සමස්ත ආදායම රු. බිලියන 1,317.05 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය 2022 පළමු භාගය තුළ දී වාර්තා වූයේ රු. බිලියන 919.47 ක් ලෙසිනි. මෙහිදී 2023 මුල් මාස 06 තුළ දී රජයේ බදු ආදායම රු. බිලියන 798.80 සිට රු. බිලියන 1,198.85 ක් දක්වා…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2021 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ පැවති සියයට 10.8 සිට 2023 ජුලි මාසයේ දී සියයට 4.6 ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති 2.5 සිට 2023 ජුලි…
සමාජ මාධ්‍ය ජාලයන් හි සුප්‍රකට චරිතයක් වන Nas Daily මෙම වසර අවසානයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (21) දින විකාශය වූ අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමිනි. Nas Daily යටතේ ඇති ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක් ගිණුම් හරහා මිනිත්තුවේ…
2023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී. 2022 වසරේදී වාර්තාගත මිලක් වාර්තා කිරීමෙන් පසු තේ මිල ජුනි මාසයේදී කිලෝ ග‍්‍රෑම් 1ක් රු. 704.7 සිට කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 1,245.2…
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ජෙඩා අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම අඟහරුවාදා, බදාදා සහ ඉරිදා යන දිනවල කොළඹ සහ ජෙඩා අතර ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක වේ. මේ වනවිට මෙම නගර දෙක අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වන අතර,…
ඊශ්‍රායලයේ අකිරා ගුවන් සේවය ඔක්තෝබර් 31 සිට සතියකට දෙවරක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සිදු කිරීමට නියමිත බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගිය 19 වනදා හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. සංචාරක ව්‍යාපාරයේ…
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (20) පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය. තරගය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද කතා බහක නිරත විය. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා…
සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යාම අරමුණයි. ඊට දායකවන සියලු දෙනාට පහසුකම් සැලසීමට රජය සුදානම් – “හිල්ටන් යාල රිසෝර්ට්” අති සුඛෝපභෝගී හෝටලය විවෘත කරමින් ජනපති පවසයි. මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු…
ශ්‍රී ලංකා රජයේ නිල පිළිගැනීම හිමි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් මෑත කාලීනව ජාතික ආර්ථිකය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මඟින් ඉටු කරන ලද මෙහෙවර අගය කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන්ගේ ගෞරව ප්‍රණාමය පුද කරයි .ආර්ථිකය වර්ධනය කිරීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් සිදුකරන…
ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසා බැලීමට, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ…
Video Story