Top News

හොරණ බොඩිලයින් සමාගමෙන් නිවේදනයක්

නිල නිවේදනය: සේවා නියුක්තිකයන් පිරිසකට COVID-19 වැළඳී ඇති බව තහවුරු වීමත් සමග හොරණ බොඩිලයින් (පුද්.) සමාගම වහා නිසි පියවරයන් අනුගමනය කරයි. MAS සමූහ ව්‍යාපාරය කවදත් සිය ප්‍රමුඛත්වය ලබාදෙනුයේ සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. හොරණ පිහිටි බොඩිලයින් කර්මාන්තශාලාවටද මෙය එලෙසම අදාළ වන අතර, ඒ වෙනුවෙන් දැඩි සෞඛ්‍ය හා ආරක්ෂි​ත ක්‍රමවේද එහි ක්‍රියාත්මක කර තිබේ. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය…

(0)Comments | November 1, 2020 10:54 pm

කොටස් වෙළෙඳපොළ හෙට විවෘතයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු හෙට (02) දිනයේ සිට සාමාන්‍ය අයුරින් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. බස්නාහිර පළාතට බලපැවැත්වෙන පරිදි ඉදිරි සතිය පුරාවටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද කොටස් වෙළෙඳපොළ දෛනික මෙහෙයුම් මේ අනුව සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.  

(0)Comments | November 1, 2020 7:07 pm

රාජ්‍ය අමාත්‍ය කබ්රාල් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ අනවශ්‍ය බිය දුරු කරයි

පහත දැක්වෙන්නේ 2020 ඔක්තෝබර් 31 වන දින, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් නිකුත් කරන ලද නිවේදනයයි. කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ආර්ථික කටයුතුවල පසුබෑමක්, විදේශ විනිමය ඉපැයීම් පහල යාමක්, ආදායම් එකතු කිරීමේ අඩුවීමක් සහ සෞඛ්‍ය හා සුභසාධන ආශ්‍රිත වියදම් වැඩිවීමක් දක්නට ලැබිණි….

(0)Comments | October 31, 2020 7:07 pm

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් නිල නිවේදනය මෙන්න

සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එකිනෙකට වෙනස් ස්ථානවලින් මෙම රෝගීන් වාර්තා වී ඇති බවත් බාහිර මූලාශ්‍ර හරහා ඔවුන් හට කොවිඩ්-19 ආසාදනය වන්නට ඇති බව විශ්වාස කරනු ලබන බවත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් මෙහිදී වැඩිදුරටත්…

(0)Comments | October 30, 2020 5:33 pm

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කර්මාන්තශාලාවල පමණක් දින 20ක් තුළදී PCR පරීක්ෂණ 26,500කට වැඩි ප්‍රමාණයක් – අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

මෙම මස 08දා සිට 28 දින දක්වා දින 20 කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලා තුල පමණක්  PCR පරීක්ෂණ 26,500කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි. ආයෝජන ප්‍රවර්ධන කළාප 14 තුල පමණක් PCR පරීක්ෂණ 16527 ක් සිදු කර ඇත.තවත් පරීක්ෂණ වාර්තා 495 ක් ලැබීමටද නියමිතය. ඒ අනුව කොවිඩ් ආසාධිතයින් 423 දෙනෙකු හදුනාගෙන ඇත. කටුනායක කළාපයෙන් 411 දෙනෙකු හා බියගම කළාපයෙන් 12 මේ අතර වේ….

(0)Comments | October 30, 2020 2:09 pm

ඉන්දියාවේ ඇක්සිස් බැංකුවේ ඉල්ලීම මහ බැංකුව පිළිගනී. බලපත්‍රය අද සිට අහෝසියි

ඉන්දියාවේ ඇක්සිස් බැංකුව විසින් 2019 වසරේදී එම බැංකුවේ ගෝලීය මෙහෙයුම් පිළිබඳව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණය මත කරන ලද ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ඇක්සිස් බැංකුව කොළඹ ශාඛාවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ එම බැංකුව සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු…

(0)Comments | October 30, 2020 10:51 am

රාජා එදිරිසුරිය කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ 

  2020 ඔක්තෝබර් 28, කොළඹ: රාජා එදිරිසුරිය මහතා, කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත්තේය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මෙම පත්කිරීම සිදු කර තිබේ. ඒ ඊට අදාලව ඉදිරිපත්කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයෙන් ලද අනුමැතිය මගිනි. මීට පෙර රාජා එදිරිසුරිය මහතා නාගරික…

(0)Comments | October 30, 2020 9:52 am

EPF සේවාවන් අඛණ්ඩව ලබා දීමට විධිවිධාන සලසයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිය පාර්ශ්වකරුවන් වෙත අඛණ්ඩ ව සේ.අ.අ. ආශ්‍රිත සේවාවන් ලබාදීම සදහා සකසා ඇති විධිවිධාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පවතින දුෂ්කරතා මධ්‍යයේ සිය සේවාවන් අඛණ්ඩ ව සැපයීම සඳහා යොදා ඇති විධිවිධාන පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් (EPF) දෙපාර්තමේන්තුව සිය පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමට…

(0)Comments | October 29, 2020 7:08 pm

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ඉකුත්දා ආරම්භ කෙරෙණි. එහි නව කොන්සල්වරිය ලෙස දක්ෂිණි සේනානායක මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කර තිබේ. මෙම පත් කිරීම පිළිබඳ ලිපිය දක්ෂිණි සේනානායක මහත්මියට බාර දීමේ චාම් උත්සවයක් ඉකුත්දා හූස්ටන් නගර ශාලාවේදී පැවැත්විණි.  එහිදී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සේනානායක මහත්මියට  පත්වීමේ…

(0)Comments | October 29, 2020 2:20 pm

ෆයිබර්ග්ලාස් භාණ්ඩ නිෂ්පාදනයට ශ්‍රී ලංකා – ඕමාන සහයෝගීතා වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ හා ඕමානයේ පෞද්ගලික සමාගම් එක්ව ෆය්බර්ග්ලාස් නිෂ්පාදනය, කලාපය තුළ ව්‍යාප්ත කීරීමට අදාළ අන්තර් ව්‍යාපාර අන්තර්ජාල හමුවක් ඉකුත්දා පැවැත්විණ. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව ඕමානයේ ෆයිබර්ග්ලාස් සහ ඇක්‍රිලික් නිමි භාණ්ඩ පිළිබඳ ජනප්‍රිය නිෂ්පාදන සමාගමක් වන අල් හිලාල් ෆයිබර් ඇන්ඩ් ඇක්‍රිලික් ඉන්ඩස්ට්‍රි එල්එල්සී සමාගම සහ ශ්‍රී ලාංකික සමාගම් වන…

(0)Comments | October 29, 2020 1:51 pm