Top News

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මඟින් නැගෙනහිර පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරනවා

ඉන්දීය රජයේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනයට පියවර. 2019-2023 ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් ලබාදීම පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබා දෙන්න – ජනපති. 1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා සේම නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියාවේ සහාය…

(0)Comments | August 25, 2023 9:10 am

මැණික් අපනයනයෙන් 2025 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 02ක වාර්ෂික ආදායමක් උපයා ගැනීම අපේක්ෂාවයි

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා. මැණික් අපනයනය කිරීම තුළින් 2025 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 02ක වාර්ෂික ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහා ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා පැවසීය. මේ වසරේ ගත වූ මුල් මාස 7…

(0)Comments | August 25, 2023 9:05 am

මෙරට ධාවනය කෙරෙන වාහනවලින් 90%ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොරයි

මෙරට ධාවනය කෙරෙන වාහනවලින් 90% ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුවේ බලශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ඉංජිනේරු) නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 22දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තෝරා ගන්නා ලද තරුණ නියෝජිතයන්ද කාරක සභාවට සහභාගී විය. මෙරටට…

(0)Comments | August 24, 2023 5:30 pm

ණය ගත්ත හැමෝගේම පොලී අඩු කරන්න මහ බැංකුවෙන් සැලැස්මක්

දැනට බැංකුවලින් ණය ලබාගෙන ඇති සියලු දෙනා විසින් ගෙවනු ලබන පොලී, ක්‍රමානුකූලව අඩු කිරීම සඳහා කටයුතු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව හෙට දිනයේ දී මේ සඳහා චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා…

(0)Comments | August 24, 2023 4:56 pm

පොලී අඩු කරන්න මහ බැංකුවෙන් චක්‍රලේඛයක් හෙට

ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට ගැළපෙන ආකාරයෙන් සෙසු පොලී අනුපාතිකයන් ද සාමාන්‍යකරණය කිරීම සඳහා හෙට (25) දිනයේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (24) දින පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව සඳහන් කළේය. මේ අතර සියලුම බලපත්‍රලාභී බැංකුවල උකස් පහසුකම් මත වාර්ෂිකව සියයට 18ක්,…

(0)Comments | August 24, 2023 4:24 pm

ඉන්දියාවේ සහාය තවදුරටත්

ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මූල්‍ය සහයෝගිතාව සහ දිගු කාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ තවදුරටත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (අගෝ. 23) පාර්ලිමේන්තුවේදී පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමක් ආමන්ත්‍රණය කරමින්…

(0)Comments | August 24, 2023 12:29 pm

මහ බැංකුව අනතුරු අඟවයි

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී ඇත. ඒ අනුව තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට හෝ පවත්වාගෙන ගොස් ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති ආයතන කිහිපයක් ද එම නිවේදනයේ දැක්වෙයි. එම ආයතන වනුයේ, Tiens Lanka Health Care…

(0)Comments | August 24, 2023 12:04 pm

Marina Square ව්‍යාපෘතියෙහි අඛණ්ඩ ප්‍රගතිය විදහා දක්වමින් Tower Cove හි වැඩ අවසන් කරයි

කොළඹ වරායට මුහුණුලා ඉදි කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන Marina Square – Uptown Colombo ඉදි කිරීම් ව්‍යාපෘතියේ කැපී පෙනෙන සන්දිස්ථානයක් සටහන් කරමින් අදාළ ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති කුළුණු පහෙන්, හතරවන කුළුණ ‌ලෙසින් Tower Cove හි ව්‍යුහාත්මක ඉදිකිරීම් කටයුතුවල  වැඩ අවසන් කරන ලදි. ඒ සමගින්ම මෙය, මෙම ඉදි කිරීම් කටයුත්තෙහි…

(0)Comments | August 24, 2023 11:40 am

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

දිල්ලි බලා පියාසර කළ UL 195 දරන ගුවන් යානය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිවේදනය කොළඹ සිට දිල්ලි බලා පියාසර කළ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 195 දරන ගුවන් යානය ඊයේ (2023 අගෝස්තු 23) ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදුකළ බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත්, එම ගුවන් යානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට…

(0)Comments | August 24, 2023 11:34 am

මුදල් ‌ප්‍රතිපත්තිය ස්ථාවරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අගෝස්තු මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළේය. 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ මුදල් තත්ත්වයන් සැලකිය යුතු ලෙස…

(0)Comments | August 24, 2023 8:10 am