Top News

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය නැවත ස්ථාපිත කිරීමට පියවර

1972 අංක 11 දරන කෘෂිකාර්මික සංස්ථා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන යටතේ කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය ස්ථාපිත කර ඇති අතර, එම ආයතනයේ කටයුතු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරා 2008 ජූලි මස 27 දින සිට ආයතනය වසා දැමිය යුතු බවට 2008 ජූලි මස 16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. කුළුබඩු හා…

(0)Comments | November 3, 2020 12:19 pm

අපනයන නිෂ්පාදන ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහනක්

ග්‍රාමීය නිෂ්පාදන විධිමත් ව්‍යාපාර ආකෘතියක් තුළ සංවර්ධනය කර අපනයන සැපයුම් දාම හා සම්බන්ධ කිරීමටත්, ආනයන ආදේශන ලෙස දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමටත් හැකිවන අයුරින් අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. හඳුනාගනු ලබන ප්‍රදේශයක් තුළ විසිරී සිටින සමජාතීය නිෂ්පාදකයින් අපනයන නිෂ්පාදන ගම්මාන සමාගමක් ලෙස ඒකරාශී කර එම නිෂ්පාදන අපනයන වෙළඳපොළට යොමු කිරීම සඳහා…

(0)Comments | November 3, 2020 12:16 pm

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමට HNB ප‍්‍රංශයේ PROPARCO වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 60 අරමුදලක් ලබා ගනී

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ ක‍්‍රියා කරන ප‍්‍රමුඛතම බැංකුව හැටන් නැෂනල් බැංකුව ප‍්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ සන්ධිස්ථානමය ගිවිසුමකට එළැඹෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක අරමුදලක් ලබා ගත් බව නිවේදනය කර ඇත. මෙම සහයෝගීතාවයට එළැඹෙමින් HNB හි…

(0)Comments | November 3, 2020 10:38 am

ව්‍යාපාර සහ ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ අපේක්ෂා සුභවාදී වෙයි

USAID PARTNER ව්‍යාපෘතිය සහ ලංකා වාණිජ මණ්ඩලය විසින් සිදු කරන ලද, COVID-19 බලපෑම් පිළිබද නවතම සමීක්ෂණය පෙන්වා දෙයි.   ඉදිරි මාස 12 තුළ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ දැක්ම ධනාත්මක වන අතර එම කාලසිමාව ඇතුලත අපනයන ව්‍යාපාර වල සහ රටේ ආර්ථිකයෙහි  මධ්‍යස්ථ වර්ධනයක් අපේක්ෂා කරන බවත්  ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ එක්සත් ජනපදයේ අන්තර්ජාතික…

(0)Comments | November 3, 2020 12:29 am

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට IPG සූදානම්

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය සේවා අංශයන් මගින් කෝවිඩ් 19 වෛරසය වැළැක්වීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ගයන් පිළිපදිමින් එම නියාමනයන්ට අනුකූලව අනුමැතිය ලද විට,ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඕනෑම අවස්ථාවක පැවැත්වීමට තමන් සූදානම් බව මෙම තරගාවලිය සංවිධානය කරන ඩුබායි මූලස්ථානය කරගත් IPG ආයතනය නිවේදනය කරයි. මේ වන විට ක්‍රීඩකයින්, කණ්ඩායම් හිමිකාරීත්වයන් සහ තරග විකාශන සමාගම් ආදිය තීරණය…

(0)Comments | November 2, 2020 2:37 pm

ජනාධිපති කාර්ය සාධක බලකා ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ වටවල කිරි ගොවිපොළේ නිරීක්ෂණ සංචාරයක

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ගිනිගත්හේන ලොනාච් වතුයායේ පිහිටි වටවල ඬේරි ලිමිටඞ් සමාගමට අයත් වටවල කිරි ගොවිපොළ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම වටවල ඬේරි ලිමිටඞ් සමාගම, මෙරට ප‍්‍රධාන පෙළේ විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගමේ 100%ක හිමිකාරීත්වය සහිත…

(0)Comments | November 2, 2020 2:25 pm

ශ්‍රී ලංකා මහ බැංකුව ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා’ ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා” ප්‍රකාශනය එළිදක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා භාෂා ත්‍රිත්වයෙන් ම බාගත කර ගැනීමට හැකියාව ඇත.* ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන…

(0)Comments | November 2, 2020 2:08 pm

2020 ඔක්තෝබර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ වෙනසක් නැහැ

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.0හි නො වෙනස් ව පැවති අතර, 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 11.5හි…

(0)Comments | November 2, 2020 1:45 pm

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ඩයලොග් ආසිආටා ආයතනය මනුසත් දෙරණ සමඟ එක්වෙයි

ලාංකීය ජනතාව වෙත උපකාරයක් අවැසි  සෑම මොහොතකම පෙරට එමින් ඔවුන් වෙත සහායවීම සදහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමේ ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග් ක‍්‍රියාන්විතයේ’ දෙවන අදියර පසුගියදා ආරම්භ කරනු ලැබීය. මෙම මෙහෙයුම් කාර්ය තුළදී,  එම…

(0)Comments | November 2, 2020 12:54 pm

BOI කර්මාන්ත ශාලා සඳහා ඇදිරිනීති බලපත්‍ර කෙරෙන්නේ මෙහෙමයි

රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් මෙසේ කියා සිටී. ආයෝජන කලාපවලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්මක…

(0)Comments | November 2, 2020 12:52 am