Top News

“අපේ අරමුණ ආර්ථිකයේ සෑම අංශයකම ප්‍රමිතිකරණය හා තත්ත්වය වැඩිදියුණු කිරීම තුළින් ගුණාත්මක භාවය ඉහළ නංවාලීමයි” – SLSI සභාපති අසංග රණසිංහ

දේශීය පාරිභෝගික භාණ්ඩ සහ සේවා ප්‍රමිතිකරණය වගේම ආනයනික භාණ්ඩ සහතිකකරන කාර්ය සඳහා ඇති එකම ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), 1964 අංක 38 දරණ පණත යටතේ Bureau of Ceylon Standards නමින් ආරම්භ කර ඇත. ඉන් පසුව එම පණත 1984 අංක 06 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත ලෙස සංශෝධනය කරමින් අද අප හඳුන්වන ශ්‍රී ලංකා ප්‍රමිති…

(0)Comments | August 23, 2023 3:12 pm

HNB සමූහය පළමු මාස හය සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 9.8ක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2023 දෙවන කාර්තුව සඳහා සිය මූල්‍ය කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගනිමින් 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.6 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇත. බැංකුව පළමු අර්ධයේදී රුපියල් බිලියන 8.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 56%ක වර්ධනයකි. මේ අතර, HNB සමූහය පිළිවෙලින් රුපියල් බිලියන…

(0)Comments | August 23, 2023 1:53 pm

මහ බැංකුවෙන් වැදගත් තීරණයක් හෙට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (23) දින රැස්වීමට නියමිත බව වාර්තා වේ. එහිදී මහ බැංකුවේ ප්‍රත්පත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත අතර එම තීරණය හෙට (24) උදෑසන නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙය 2023 වසරේ අංක 06 දරන මුදල් ප්‍රතිපත්ති විවරණයයි. මීට පෙර 2023 ජූලි 05 වැනි දින…

(0)Comments | August 23, 2023 12:20 pm

වැඩිම අපනයන වර්ධන වේගයක් අත්කර ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමත්වෙයි

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්‍රයේ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 315ක ආදායමක් උපයාගෙන තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය. එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය 34%ක අපනයන වර්ධන වේගයක් ලබා ඇති බවත් එය මහ බැංකු වාර්තා මගින් ද තහවුරු කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය….

(0)Comments | August 23, 2023 11:49 am

කොළඹ ඉඩම් මිල වැඩිවෙයි

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයේ දී සියයට 15.2 ක වාර්ෂික වර්ධනයක් සහිතව දර්ශකාංක 215.3 ක් දක්වා ඉහළ ගියේය. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහි ඉහළ යාම පිළිවෙලින් සියයට 17.2, 15.1 සහ 13.5 ක් වූ අතර එය සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යාම සඳහා හේතු විය. අර්ධ වාර්ෂික පදනමින්, 2022…

(0)Comments | August 23, 2023 9:29 am

වාණිජ වාහන සහ බස්රථ ආනයනය කිරීමේ රෙගුලාසි පිළිබඳ සමබර ප්‍රවේශයක් සඳහා CMTA අවධානය

දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාණිජ වාහන සහ බස් රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ නිවේදනය වෙත සිය අවධානය යොමු කර ඇත. මෙම සීමා ලිහිල් කිරීමේ සුභවාදී තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන CMTA,  වාහන ආනයනය සඳහා යොදවන විදේශ මුදල් වියදම් කළමනාකරණය කිරීම…

(0)Comments | August 23, 2023 9:14 am

මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 10 (ඇ) වගන්තිය ප්‍රකාරව 2023 අංක 01 දරන මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි නිකුත් කරන ලද අතර එය 2023.08.09 දිනැති අංක 2344/17 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම රෙගුලාසි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන සියලුම…

(0)Comments | August 22, 2023 3:17 pm

කොළඹ අලුත්ම සුපිරි හෝටල් 3ක් ඔක්තෝබරයේ දී විවෘත කිරීමට සියල්ල සූදානම්

කොළම ගාලුමුවදොර ඉදිකෙරුණු අලුත්ම සුපිරි හෝටලයක් වන ITC One Colombo සහ තවත් හෝටල් දෙකක් වන Sheraton සහ Radisson Blu යන හෝටල් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගිය 19 වනදා හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ උත්සව…

(0)Comments | August 22, 2023 2:11 pm

වාහන ආනයනයට අවසර දුන්නත් ලංකාවේ LC ජාත්‍යන්තරව පිළිනොගන්නා තත්ත්වයක්. ගැටළුවට ඇමති මැදිහත් වෙයි

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි (LC) නිකුත් කිරීමේ දී ඇතිවන ගැටලු විසඳීම සඳහා වහාම මැදිහත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඇති…

(0)Comments | August 22, 2023 12:03 pm

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දෙවැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දෙවැනි කාර්තුවේදී, 2022 අදාළ කාලසීමාවට සාපේක්ෂව 2.4% ක (රු. මිලියන 400) ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති නමුත් Mobitel සමාගම 9.3% ක (රු. මිලියන 1,066) සෘණ වර්ධනයක් වාර්තා කර තිබේ. මෙම හේතුව නිසා සමූහයේ ආදායම, 2022 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2023 දෙවැනි කාර්තුවේදී 2.8% (රු. මිලියන 763) කින් පසුබෑමකට ලක්ව ඇත….

(0)Comments | August 22, 2023 11:15 am