Top News

ඔක්තෝබර් මාසයේ දී විදෙස් ණය ගෙවීමන් පසු නිල සංචිතය ඩොලර් මිලියන 807කින් පහළට

2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,858.5 ක් ලෙසින් වාර්තා වේ. මෙම අගය 2020 සැප්තැම්බර් 30 දිනට ඩොලර් මිලියන 6,666.3 ක් ලෙසින් සටහන් වූ අතර ඒ අනුව ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 807.8කින් නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළ ගොස් ඇත….

(0)Comments | November 9, 2020 12:02 pm

කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩිවෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1,500කින් ඉහළට

කොවිඩ්-19 වසංගත තත්ත්වය ලොව පුරා රටවල ආර්ථික අඩපණ කිරීමටත්, අතිවිශාල ජනතාවක් රැකියා වියුක්තිකයන් පිරිසක් බවට පත්කරලීමටත් මේ වන විට හේතු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට කොවිඩ් අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය මිලියන 40 ක් බව වාර්තා පෙන්වා දේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය. කෙසේ වෙතත් කොවිඩ් වසංගත…

(0)Comments | November 9, 2020 10:09 am

සතියක දී කොටස් වෙළෙඳපොළේ සමාගම්වල සමස්ත වටිනාකම රු. බිලියන 155කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පසුගිය සතිය තුළ දී රු. බිලියන 155 කින් ඉහළ ගොස් තිබේ. සතිය ආරම්භයේ දී රු. බිලියන 2,494.26 ක් ලෙසින් සටහන්ව තිබූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම නොවැම්බර් 06 දින සතියේ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 2,649.30 ක් ලෙසින් වාර්තා වුණි. මේ අනුව රු. බිලියන 155.04 කින් හෙවත් 6.21%කින් 2020 නොවැම්බර් 02…

(0)Comments | November 9, 2020 10:01 am

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම් සලසයි

  සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් – 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.   2020 අප්‍රේල්…

(0)Comments | November 9, 2020 9:29 am

යූනියන් පෙදෙස ශාඛාවේ දෙදෙනෙකුට කොවිඩ් – කීල්ස් සුපර් නිල නිවේදනය මෙන්න

කොළඹ 02 යූනියන් පෙදෙස කීල්ස් සුපර් ශාඛාවේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කීල්ස් සුපර්මාර්කට්ස් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | November 7, 2020 2:20 pm

MAS වෙතින් නිවේදනයක් – සියලුම බොඩිලයින් කර්මාන්තශාලාවල පුළුල් ලෙස PCR පරීක්ෂණ

සේවා නියුක්තිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පියවර බොඩිලයින් සමාගම සිය සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන් ජීවත් වන සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීම අතිශයින් වැදගත්කොට සලකයි. ඒ වෙනුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂි​ත ක්‍රියාමාර්ග ගෙන තිබියදී පවා, කණගාටුදාය​ක ලෙස, අපගේ කර්මාන්තශාලා තුන අතරින් දෙකකින්, එනම් හොරණ (68 දෙනෙකු) සහ අගලවත්ත (1 අයෙකු) යන කර්මාන්තශාලාවලින් පසුගිය දිනවල COVID-19 ආසාදිතයන් වාර්තා…

(0)Comments | November 6, 2020 8:39 pm

ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කරයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමේ ජාතික වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම අදියර තුනක්…

(0)Comments | November 6, 2020 7:58 pm

මහ බැංකුවේ මහ පුටුවල වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයාව සිටි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මාසයේ සිට සිය ධූරයෙන් විශ්‍රාම ගෙන ඇත. ආචාර්ය වීරසිංහ මෙලෙස මහ බැංකුවට සමු දී ඇත්තේ 29 වසරක දීර්ඝ සේවා කාලයකින් පසුවය. මේ අතර නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ එච්.ඒ. කරුණාරත්න මහතා ද මීට මාස කිහිපයකට පෙර සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ. මහ බැංකුවේ ඔහුගේ…

(0)Comments | November 6, 2020 12:42 pm

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටස් වෙළෙඳපොළේ ‘ලොකු අයියලා‘ අතර 12 වැනි තැනට

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි 12 වැනි තැනට පැමිණීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමත් වී තිබේ. ඊයේ (05) දිනයේ දී සමාගමේ කොටසක අවසන් ගනුදෙනු මිල රු. 24.90 ක් ලෙසින් සටහන් වීමත් සමඟින් රු. බිලියන 48.67 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කීමට එක්ස්පෝලංකා මේ වන විට සමත් වී ඇත. එය සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 1.88%ක…

(0)Comments | November 6, 2020 10:15 am

බැංකු සමඟ කේවල් කරලා ඉල්ලීම් දිනාගන්න බය වෙන්න එපා – මුදල් මණ්ඩල සාමාජික සමන්ත කුමාරසිංහ ව්‍යාපාරිකයින්ට කියයි

තමන් බැංකුව සමඟ හොඳින් ගනුදෙනු කරන්නෙක් නම් කිසිවිටෙක තම බැංකුව සමඟ කේවල් කිරීමට බිය විය යුතු නැති බව නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජික සමන්ත කුමාරසිංහ මහතා පවසයි. ඊයේ (04) දින විකාශය වූ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් කුමාරසිංහ මහතා මේ බව කියා සිටියේය. බැංකුව සමඟ කේවල්කර…

(0)Comments | November 5, 2020 4:23 pm