Top News

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් යානයකින් මෙරටට

පාකිස්ථානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලාහෝර් නුවර සිට කොළඹ බලා පැමිණීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගෙන තිබිණි. එම කණ්ඩායමේ සාමාජිකයෝ 2023 අගෝස්තු 17 දින UL 154 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි අතර, ගුවන් යානයේදී ඔවුන්ට ඉතාමත් සුහද පිළිගැනීමක් හිමි විය. ඔවුන්ගේ ගුවන් ගමන සුවිශේෂී අත්දැකීමක් බවට පත්කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබිණි. පාකිස්ථාන ක්‍රිකට්…

(0)Comments | August 18, 2023 9:04 am

ඇමරිකානු සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අද (17) දින පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඇමරිකාවේ සහය ලබා ගැනීම හා ඇමරිකානු සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි. කොළඹ ඇමරිකානු…

(0)Comments | August 17, 2023 5:58 pm

පාඩු පිට පාඩු ලැබූ විදුලිබල මණ්ඩලේට මාස 03 කදී රු. කෝටි 2,000 ක ලාභයක්

ලංකා විදුලිබල මණ්ඩලය 2023 ජුනි 30න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 20.65 (රු. කෝටි 2,065) ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ. මණ්ඩලේ නවතම මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව අනාවරණය වන අතර 2022 සමාලෝචිත කාර්තුවේ අලාභය වූ රු. බිලියන 38.49 හා සැසඳීමේ දී මෙය සුවිශේෂී කාර්යසාධනයක් වේ. එසේම 2023 වසරේ මුල් කාර්තුව තුළ දීද…

(0)Comments | August 17, 2023 4:27 pm

Netflix ට මුහුණ දෙන්න චිත්‍රපට සංස්ථාව සැලසුම් හදයි

මෙරට චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරි යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික චිත්‍රපට…

(0)Comments | August 17, 2023 12:36 pm

අධ්‍යාපන අමාත්‍යංශය සහ UNICEF සංවිධානය එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් මිලියන 1.6ක් වෙනුවෙන් අහිමි වූ අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනට මුලපුරයි

රට පුරා විසිරී සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් පැවති කොවිඩ් වසංගත උවදුර සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියි. 3වන ශ්‍රේණියේ ළමුන්ගෙන් 85% ක් ගණනය කිරීම සහ සාක්ෂරතාව වැනි මූලික කුසලතාවන්හි අවම ලකුණු මට්ටම් පවා ලබා ගෙන නොමැත. පසුගිය වසර තුනක කාලය තුළදී දිගු කාලීනව පාසල් වසා දැමීම් සහ…

(0)Comments | August 17, 2023 11:14 am

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි

එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතුයි ශ්‍රී ලංකාවේ තේ නොකිළිටි තේ ලෙස ජාත්‍යන්තරයට ගෙන යන ඉලක්කය සාර්ථක කර ගන්න – ජනපති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ වාර්ෂික මහා සම්මේලනයේ දී පවසයි. තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට…

(0)Comments | August 16, 2023 4:58 pm

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

අද (16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 19.78% සිට 17.55% ක් දක්වා පදනම් අංක 223කින් සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 17.11% සිට 14.87% ක් දක්වා පදනම් අංක 224කින් පහළ ගොස් තිබුණි. මේ අතර දින 364 බිල්පත් ඵලදා…

(0)Comments | August 16, 2023 4:52 pm

රට යන්න බොරු EPF වාර්තා හදලා. මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

සේවක අර්ථසාධක අරමුදල හා සම්බන්ධ ව්‍යාජ ලේඛන සැලසීම නීති විරෝධී කටයුත්තක් වන බැවින් එවැනි කටයුතුවල නිරත නොවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දොපර්තමේන්තුව මහජනතාව සහ අනෙකුත් සියලුම ආයතනවලින් ඉල්ලා සිටී. මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ වීසා ලබා ගැනීම, විදේශ රැකියා සඳහා අයදුම් කිරීමේ දී ස්ථිර රැකියාවක්/ සේවා පළපුරුද්දක් ඇති බවට මෙන්ම විවිධ…

(0)Comments | August 16, 2023 2:29 pm

දේශීය ණය ප්‍රශස්ථකරණයේ තවත් කඩඉමක් පසුකරයි

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) මඟින් පියවීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2023 ජුලි 04 වන දින ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු යෝජනාව සහ ඉන් අනතුරුව නිවේදනය කරන…

(0)Comments | August 16, 2023 1:00 pm

දේශීය නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය සක්‍රීය කෙරේ

දේශීය ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයට පිළියම් යෙදීම සඳහා ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය අපනයන සංවර්ධන මණ්ඩලය තුල ස්ථීරව ස්ථාපිත කිරීම සිදුවිය. ඒ යටතේ ස්ථිර ඇසුරුම් ප්‍රදර්ශන ඒකකය විවෘත කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඒ. ආර්. දේශප්‍රිය මහතා,  කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ…

(0)Comments | August 16, 2023 12:42 pm