Top News

මහ බැංකුව ජූලි මාසයේ දී ඩොලර් විකුණයි

2023 ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 41.5 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජූලි මාසය තුළ ඩොලර් මිලියන 29 ක ප්‍රමාණයක් මහ බැංකුව මිල දී ගෙන ඇති අතර ඒ අනුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 12.5 ක ප්‍රමාණයක් පසුගිය මාසය තුළ දී මහ බැංකුව විකුණා ඇත….

(0)Comments | August 14, 2023 4:32 pm

‘ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය – 2023’ කොළඹදී ආරම්භ වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command – INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය – 2023 (Indo-Pacific Environmental Security Forum-IPESF) කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී, අද දින (2023 අගෝස්තු 14) ආරම්භ වූ අතර, එහි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත්…

(0)Comments | August 14, 2023 3:50 pm

මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි

පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කමිටුව සිය අප්‍රසාදය පළ කළේය. මෙම කරුණ මතු වූයේ පසුගියදා (අගෝ. 08) පාර්ලිමේන්තුවේ දී පැවැති…

(0)Comments | August 14, 2023 3:36 pm

සංචාරක පැමිණීම අටලක්ෂය පනී. ඩොලර් බිලියනයක ආදායමක්

2023 අගෝස්තු 10 වන දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 819,507 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2023 අගොස්තු මාසයේ මුල් දින 10 තුළ ද 51,000 ඉක්ම වූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබීමයි. පසුගිය ජූලි මාසයේ දී 143,039 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති…

(0)Comments | August 14, 2023 2:50 pm

BOI සහ EDB වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ – ජනපති

ආයෝජන මණ්ඩලය (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැති බවත්, ඒ වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත් කර අදාළ බලතල කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට ඊයේ (13) පෙරවරුවේ එක් වෙමිනි….

(0)Comments | August 14, 2023 1:24 pm

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ඉහළ අපනයන ආදායමක් උපයා දෙන කර්මාන්තයක් ලෙස සංවර්ධනයට කඩිනම් පියවර ගන්න – ජනපති

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බැවින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත…

(0)Comments | August 14, 2023 7:49 am

කෘෂි නවීකරණ වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

කෘෂි නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක් කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර…

(0)Comments | August 11, 2023 2:36 pm

පිරමීඩවලට හවුල් වු‍ණොත් දඬුවම්. මහ බැංකුව අනතුරු අඟවයි

පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටීමට මහජනතාවට උපදෙස් ලබා දෙන බවත්, පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී. මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ, පිරමීඩ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවන් බවට මහ ජනතාවට අනතුරු අඟවා සිටින බවයි.  

(0)Comments | August 11, 2023 1:39 pm

මත්පැන් බෝතල්වල ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමට නියෝගයක්

මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්‍ෂිත ස්ටිකර්වල ව්‍යාජ ඒවා හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩි දියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගම වෙත නියෝග කළේය. උක්ත කාරක සභාව පසුගියදා (ජූලි 24) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක…

(0)Comments | August 11, 2023 1:04 pm

“රට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යාමට නම් ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් අවශ්‍යයි” – ජනපති

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ ගමනට සහාය දුන් සැමට ස්තුතියි – ජනපති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික හමුවේ දී පවසයි. ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී…

(0)Comments | August 11, 2023 8:44 am