Top News

ඇමති බන්දුලගේ “රජවාස” යෝජනාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය තුළ රාජ්‍ය ආයතනවල නිෂ්පාදන අලෙවිය සඳහා අවස්ථාව ලබා දීම පහත සඳහන් රාජ්‍ය ආයතනවල නිෂ්පාදනය කරනු ලබන හා අලෙවි කරනු ලබන නිෂ්පාදන, දැරිය හැකි මිලකට එකම වහලක් යටදී පාරිභෝගිකයින්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වන පරිදි දැනට නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය…

(0)Comments | November 10, 2020 2:29 pm

රාගම පේරලන්දේ තෙත්බිම් ආශ්‍රිත විනෝදාස්වාද උද්‍යානයක්

රාගම පේරලන්ද නේවාසික කලාපය තුළ පිහිටා ඇති පේරලන්ද තෙත්බිම් ආශ්‍රිතව විනෝදාස්වාද උද්‍යාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උපදේශක සේවාවන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැපයීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා…

(0)Comments | November 10, 2020 1:40 pm

හම්බන්තොට අක්කර 400ක ඖෂධ නිෂ්පාදනය සඳහාම වෙන් වූ කලාපයක්. ආයෝජකයන්ට සහන හා දිරි ගැන්වීම්

ආර්ථික පුනර්ජීවනය සහ දිළිඳු බව දුරලීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් සෘජු විදේශීය ආයෝජන ආකර්ශනය කර ගත හැකි සහ විදේශ විනිමය උපයා ගැනීම සඳහා විභවයක් ඇති කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන ඇත. ඒ අනුව, හම්බන්තොට, ආරබොක්ක වතුයායෙහි අක්කර 400ක භූමි ප්‍රමාණයක, ලෝකයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් ආකර්ශනය කර ගැනීමට හැකි වන පරිදි නවීන…

(0)Comments | November 10, 2020 1:08 pm

සතොසෙන් පාලන මිලට සහල් දෙන්න ක්‍රමයක්

දැනට වෙළඳපොළේ පවතින සහල් හිඟය සහ පාලන මිලට ප්‍රමාණවත් තරම් සහල් තොග සැපයීමට සහල් මෝල් හිමියන් ඉදිරිපත් නොවීම යන කරුණු සැලකිල්ලට ගෙන, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් භාරයේ පවතින වී තොග සහ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර සතොස වෙළඳසැල් මඟින් පාලන මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය…

(0)Comments | November 10, 2020 1:02 pm

කොවිඩ් ණය සහන තවත් මාස 06කින් දීර්ඝ කෙරේ

COVID-19 හි දෙවන රැල්ල හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත ලබා දී තිබූ ණය සහන කාලය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස 06 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත චක්‍රලේඛයක්…

(0)Comments | November 10, 2020 12:09 pm

2020 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට

වෙළඳ හිඟය අඛණ්ඩව පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු ලෙස වැඩි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ස්ථාවරත්වය යනාදියෙහි හිතකර බලප‍ෑම හේතුවෙන් 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා භාණ්ඩ අපනයනය වර්ධනය වීමත්, මාසය තුළ භාණ්ඩ ආනයන අඩු වීමත්…

(0)Comments | November 10, 2020 5:30 am

ඔක්තෝබර් මාසයේ දී විදෙස් ණය ගෙවීමන් පසු නිල සංචිතය ඩොලර් මිලියන 807කින් පහළට

2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,858.5 ක් ලෙසින් වාර්තා වේ. මෙම අගය 2020 සැප්තැම්බර් 30 දිනට ඩොලර් මිලියන 6,666.3 ක් ලෙසින් සටහන් වූ අතර ඒ අනුව ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 807.8කින් නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළ ගොස් ඇත….

(0)Comments | November 9, 2020 12:02 pm

කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩිවෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1,500කින් ඉහළට

කොවිඩ්-19 වසංගත තත්ත්වය ලොව පුරා රටවල ආර්ථික අඩපණ කිරීමටත්, අතිවිශාල ජනතාවක් රැකියා වියුක්තිකයන් පිරිසක් බවට පත්කරලීමටත් මේ වන විට හේතු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට කොවිඩ් අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය මිලියන 40 ක් බව වාර්තා පෙන්වා දේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය. කෙසේ වෙතත් කොවිඩ් වසංගත…

(0)Comments | November 9, 2020 10:09 am

සතියක දී කොටස් වෙළෙඳපොළේ සමාගම්වල සමස්ත වටිනාකම රු. බිලියන 155කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පසුගිය සතිය තුළ දී රු. බිලියන 155 කින් ඉහළ ගොස් තිබේ. සතිය ආරම්භයේ දී රු. බිලියන 2,494.26 ක් ලෙසින් සටහන්ව තිබූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම නොවැම්බර් 06 දින සතියේ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 2,649.30 ක් ලෙසින් වාර්තා වුණි. මේ අනුව රු. බිලියන 155.04 කින් හෙවත් 6.21%කින් 2020 නොවැම්බර් 02…

(0)Comments | November 9, 2020 10:01 am

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම් සලසයි

  සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් – 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.   2020 අප්‍රේල්…

(0)Comments | November 9, 2020 9:29 am