Top News

අප්‍රේල් මාසයේ ආ සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 166ක ආදායමක්

පසුගිය 2023 අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 105,498 ක් වන අතර ඒ හරහා ලද සංචාරක ඉපයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 166.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. මෙය 2022 අප්‍රේල් මාසයේ දී වාර්තා වී තිබූ ඩොලර් මිලියන 108.7ක් වූ සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 57.8%ක වර්ධනයක් වේ. මේ…

(0)Comments | May 8, 2023 10:55 am

කෙන්යාවේ දැවැන්ත තේ වැවිලි සමාගමක අයිතිය ශ්‍රී ලංකාවේ සමාගමක් යටතට

තේ, කෝපි සහ උද්භිද විද්‍යාත්මක අමුද්‍රව්‍ය සහ විසඳුම් සපයන ලොව ප්‍රමුඛ පෙළේ ගෝලීය සැපයුම්කරුවෙකු වන Finlays, එහි James Finlay Kenya තේ වැවිලි ව්‍යාපාරය Browns Investments PLC වෙත විකිණීමට එකඟතාවයකට පැමිණ තිබේ. ඉදිරි මාස කිහිපය තුළ මෙම ගනුදෙනුව සිදුකොට අවසන් කිරීමට නියමිතය. එහිදී James Finlay Kenya Ltd හි Saosa තේ නිස්සාරණ අංශය හැර සමාගමේ සියලු කොටස්…

(0)Comments | May 8, 2023 7:37 am

තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවට ජනපති එක් වෙයි

ඝානා සහ රුවන්ඩා ජනාධිපතිවරුන් සමග ද සාකච්ඡා පවත්වයි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් සිකුරාදා (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කථා බහක නිරත වූ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය…

(0)Comments | May 7, 2023 2:16 pm

සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 අප්‍රේල් මාසය තුළ දී 2.2% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මහ බැංකුව පවසන පරිදි 2023 මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 2,694 ක්ව පැවති නිල සංචිත වත්කම් අගය 2023 අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 2,755 ක් දක්වා 2.2%කින් ඉහළ ගොස් ඇත….

(0)Comments | May 4, 2023 6:55 pm

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය අලලා රචිත “An Island’s Eleven – A Story of Sri Lanka Cricket ” ග්‍රන්ථය එලි දැක්වේ

බ්‍රිතාන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී නිකලස් බෲක්ස් (Nicolas Brookes)  විසින් රචනා කරන ලද “An Island’s Eleven – A Story of Sri Lanka Cricket ” ග්‍රන්ථයේ නිල ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සත්කාරකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සිය ප්‍රවර්ධන කටයුතුවල තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. කීර්තිමත් ‘MCC ක්‍රිකට් සමාජය සහ MCC වසරේ ග්‍රන්ථය සම්මානය මෙන්ම ලෝක ප්‍රකට විස්ඩන් (Wisden)…

(0)Comments | May 4, 2023 4:56 pm

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 523කින් පහළට

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ දී එක්සත් ජනපද ඩොලර් 3,474 ක් ලෙසින් සටහන් වී ඇත. 2021 වසරේ දී මෙම අගය ඩොලර් 3,997 ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ දී ඩොලර් 523 කින් අඩු වී ඇත. කෙසේවෙතත් රුපියල් වටිනාකම අනුව ඒක පුද්ගල…

(0)Comments | May 4, 2023 3:49 pm

ඉන්දියාවේ වානේ දැවැන්තයෙකුට ශ්‍රී ලංකාවේ ආයෝජනයට ආරාධනා

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගිය (28) දා නවදිල්ලියේ Jindal Steel and Power Limited හි සභාපති නවීන් ජින්ඩාල් මහතා හමු වී තිබේ. මහ කොමසාරිස්වරයා හා Jindal Steel ප්‍රධානියා අතර මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. නිෂ්පාදනය කරනු ලබන ටොන් ප්‍රමාණය අනුව Jindal Steel and Power…

(0)Comments | May 4, 2023 12:34 pm

කොළඹ කොටස් හුවමාරුව ලංකාවේ සමාගම්වලට හරිත බැඳුම්කර නිකුත් කිරීමේ අවස්ථාව ලබා දෙයි

2023 අප්‍රේල් 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ ප්‍රථම වරට හරිත බැඳුම්කර ලැයිස්තුගත කිරීම සහ වෙළඳාම් කිරීම හඳුන්වා දෙයි. හරිත බැඳුම්කර සංකල්පය යටතේ, ලැබෙන ආදායම දේශගුණය හෝ වෙනත් පාරිසරික ප්‍රතිලාභ ජනනය කරන හරිත ව්‍යාපෘති සඳහා පමණක් ආයෝජනය කෙරේ. උදාහරණයක් ලෙස පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය, තිරසාර ඉඩම් භාවිතය…

(0)Comments | May 4, 2023 11:55 am

ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකය 2019 ප්‍රතිඵල: ජාතික හා ළමා විශ්ලේෂණය

දරිද්‍රතාවයට බොහෝ පැතිකඩ ඇති අතර, විශේෂයෙන් පෝෂණය සහ සංජානන වර්ධනය වැනි ළමා කාලය තුළ අහිමිවීම් පිළිබඳ අත්දැකීම් ජීවිත කාලය පුරාම පැවතිය හැකිය. තිරසාර සංවර්ධන ඉලක්කය (SDG) 1 හි පිළිගෙන ඇති පරිදි, “සෑම තැනකම සෑම ආකාරයකම  දරිද්‍රතාව අවසන් කිරීම” යන ජාත්‍යන්තර ප්‍රජාවේ සම්මුතියට අනුකූලව, මුල්‍යමය දරිද්‍රතාවයට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ජීවන තත්වය යන බහුමාන පැතිකඩවල් සැලකිල්ලට…

(0)Comments | May 4, 2023 11:33 am

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වෙයි

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07දෙනෙකුගෙන් සමන්විතය. පත්කරන ලද සාමාජිකයෙක් ලෙස පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමි ද කටයුතු කරති. වසර හතරකට පසු…

(0)Comments | May 4, 2023 10:39 am