Top News

ශ්‍රී ලංකාවේ ණය ගැන ජපාන, ප්‍රංශ, ඉන්දියා ස්ථාවරය මෙන්න

මෙරට ණය හිමියන් සහ පාර්ශවකරුවන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත්කිරීමට ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව, ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 4.00ට පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල්…

(0)Comments | April 14, 2023 6:34 pm
  • video

සූර්යා වෙතින් ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක්

පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන සන් මැච් සමාගම (Sun Match Company) ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක් හඳුන්වා දී තිබේ. සෑම වසරකදීම, අලුත් අවුරුදු චාරිත්‍රවල නිරත වන කවුරුත් පාහේ එම වසරේ අවුරුදු නැකැත් සහ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් අවුරුදු ලිත ප්‍රකාශයට පත්වනතුරු නො-ඉවසිල්ලෙන් බලා සිටිති. එහෙත් අවුරුදු ලිතක් සොයාගැනීම සහ අවශ්‍ය…

(0)Comments | April 12, 2023 8:22 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන අප්‍රේල් 25 වනදා සිට පාර්ලිමේන්තුවේ විවාදයට

දේශපාලන පක්ෂ තම රටට සහාය දෙනවාද නැද්ද යන්න එහිදී තීරණය කළ හැකියි – සාගල රත්නායක මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි…

(0)Comments | April 12, 2023 10:36 am

භාණ්ඩාගාර බිල් පොලී ඉහළට

අද (11) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි ඉහළ යාමක් වාර්තා වේ. ඒ අනුව පුර්ව වෙන්දේසිය හා සැසඳීමේ දී දින 91 බිල්පත් පොලිය 24.12% සිට 24.80% ක් දක්වා සහ දින 364 බිල්පත් පොලිය 22.37% සිට 22.64% ක් දක්වා ඉහළ ගොස් තිබේ. දින 182 බිල්පත් පොලිය 24.10% මට්ටමේ නොවනෙස්ව…

(0)Comments | April 11, 2023 4:51 pm

මුදල් රාජ්‍ය ඇමතිගෙන් වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට නියෝගයක්

පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව පාසල් වාරය ආරම්භ වීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග්  මිල දී ගැනීමේ දී මාපියන් දැඩි අපහසුතාවට පත් ව සිටින බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාසල් බෑග් සහ සපත්තු මිල…

(0)Comments | April 11, 2023 4:04 pm

ඇමති කංචනගෙන් ගල් අඟුරු ගැන update එකක්

මේ වන විට ලංකා ගල් අඟුරු සමාගම විසින් නොරොච්චෝලේ, ලක්විජය බලාගාරයට මෙම වාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 22ක් ලබා ගෙන අවසන් කර ඇති බවත් 23වන නෞකාව ගොඩබාමින් පවතින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටී. මෙම වාරය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය පුරෝකථනය කල ජනන සැලසුමට…

(0)Comments | April 11, 2023 1:34 pm

ටෙලිකොම් ලාභ බෙදයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විදුලිසංදේශ සේවා සැපයුම් සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී, 2022 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එක් කොටසක් වෙනුවෙන් සත 25 ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙය 2022 මූල්‍ය වර්ෂය වෙනුවෙන් අදාළ වන ප්‍රථම සහ අවසාන ලාභංශයයි. සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය, සාමාන්‍ය…

(0)Comments | April 11, 2023 12:07 pm

ලංකාවේ Lion Beer ඉන්දියාවේ වෙළෙඳපොළට

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ගෝලීය සන්නාමයක් වන “Lion Beer”, ඉතිහාසයේ ප්‍රථම වරට ඉන්දියානු වෙළෙඳපොළ වෙත හඳුන්වාදීම පසුගිය දා සාර්ථකව සිදුකරන ලදී. දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය වෙන්කටේෂ්වරන් විසින් ඉන්දියානු වෙළඳපොළ වෙත ශ්‍රී ලාංකීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද මුලපිරීමක් ලෙස, ශ්‍රී ලංකාවේ Lion Brewery PLC සහ ඉන්දියාවේ චෙන්නායි හි Fairmacs Ltd සහයෝගීතාවයට…

(0)Comments | April 11, 2023 11:13 am

කලකට පසු කොටස් වෙළෙඳපොළට පැය 5 ක පූර්ණ ගනුදෙනු සැසියක්

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලය අද (10) දින සිට පැය 5 ක් දක්වා දීර්ඝ කෙරුණි. ඒ අනුව පෙරවරු 9.30 ට අද දින ගනුදෙනු ආරම්භ වී පස්වරු 2.30 ට ගනුදෙනු අවසන් විය. 2020 කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය විටින් විට සංශෝධනය කිරීමත් සමඟින් පැය 5 ක් පුරාවට ගනුදෙනු ක්‍රියාත්මක වූ පළමු…

(0)Comments | April 10, 2023 6:29 pm

නුවරඑළියට විශ්වවිද්‍යාලයක්

රටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළිය උපරිමයෙන් දායක කර ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුම් ලබාදීමට ජනපතිගෙන් උපදෙස්. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රටට අවශ්‍ය නව වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු දෙනා පෙළගැසෙන්න – ජනපති කියයි වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන…

(0)Comments | April 10, 2023 5:22 pm