ශ්රී ලංකාව හා ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට 2003 08 24 දින අත්සන් තබා ඇති අතර එකී ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 2016-12-06 දින බහාමාස් හි, නාසායුහිදී පැවති සිවිල් ගුවන්සේවා සාකච්ඡා සම්මන්ත්‍රණයේදී දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇත. ඒ අනුව, ඒ සඳහා වන සන්ධාන පත්‍රයට (Protocol) අත්සන් තැබීම පිණිස 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර…
2023 අප්‍රේල් 17 දාතමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් අත්සන් තබා නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව, 1. විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් 2. ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම 3. තැපැල් සේවය 4. රෝහල්වල, සාත්තු…
2023 අප්‍රේල් 01 සිට අප්‍රේල් 16 දින දක්වා කාලපරිච්ඡෙදය තුළ දී විදෙස් සංචාරකයින් 56,402 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තහවුරු කර සිටී. 2023 අප්‍රේල් 01 – අප්‍රේල් 16 කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එය 9,554 ක් වේ. මීට අමතරව රුසියාවෙන් 8,138 ක්, එක්සත්…
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය මාස නවයක් අඛණ්ඩව පහත වැටීමෙන් පසු, 2023 මාර්තු මාසයේ දී 51.4ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන මාවතට අවතීර්ණ විය. පෙර මාසයට සාපේක්ෂ මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන යන උප-දර්ශකයන්ගේ ඉහළ යෑම දායක විය. එසේ වුවද, සේවා නියුක්තිය, තොග මිලදී ගැනුම්,…
ශ්රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේදී එහි සමාරම්භක ආයෝජක සමුළුව පවත්වනු ලැබීය. සොෆ්ලොජික් ලයිෆ්හි ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයන්ට හා කොටස් හිමියන්ට සමාගමේ මෙහෙයුම්, මූල්‍ය කාර්ය සාධනය, වර්ධන ක‍්‍රමෝපායන් හා අනාගත සැලසුම් පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් විය. සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා, නියෝජ්‍ය…
‘Economic Dialogue’: IMF and Beyond පිළිබඳ වරලත් ගණකාධිකාරීන්ගේ සංසදයට අයත් ප‍්‍රධාන පාර්ශවකරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ අපනයන මූලික කරගත් ආර්ථිකයක් පවත්වාගෙන යාමට වෙළඳපල තරඟකාරිත්වයක් සඳහා දිරිමත් කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ (JAAF) සභාපති ශරඞ් අමලියන් මහතා අවධාරණය කළේය. ආර්ථික අර්බුදයන් සහ කොවිඞ් වසංගතය මධ්‍යයේ වුවද දැඩි අසීරුකම් මැද…
ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ආසිරි පෝට් සිටි හොස්පිටල් (පුද්) සමාගම විසින් කොළඹ වරාය නගරය තුළ රෝහලක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සමඟ බදු ගිවිසුමකට එළඹ ඇති බව නිවේදනය කර සිටී. කොළඹ වරාය නගරය තුළ හඳුනාගෙන ඇති ප්‍රධාන උපායමාර්ගික සහ මහා පරිමාණ සමාජ යටිතල පහසුකම් සංවර්ධන…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන Cooperative Insurance Company PLC හි ව්‍යාපාරික කටයුතු 2023 අප්‍රේල් 11 දින සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂං සභාව තීරණය කර තිබේ. සංස්ථාපනයේ දී දක්වා ඇති ආකාරයට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සංයුතික පවත්වාගෙන යාමට Cooperative Insurance Company PLC අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව…
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ පසුගිය අප්‍රේල් 02 වන දින පුවත්පතක පළ වී තිබුණු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙනි. ලංකා IOC සමාගම නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව එම පුවතේ සඳහන්ව ඇත. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ලංකා IOC සමාගම තහවුරු කර සිටින්නේ,…
පසුගිය 2023 මාර්තු මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 453.06 ක් මිල දී ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 287 ක් සහ ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 348.79 ක් මිල දී ගැනීමට ද මීට පෙර මහ බැංකුව කටයුතු කර තිබුණි….
Video Story