Top News

ඩොලරය යළි නගී. ගැනුම් 320 යි විකුණුම් 340 යි

අද (14) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල නැවත වතාවක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එහිදී ඩොලරයක ගැනුම් මිල රු. 320 සීමාව දක්වා පැමිණෙද්දී විකුණුම් මිල රු. 340 සීමාව කරා පැමිණ ඇති බව දක්නට ලැබුණි. ඒ අනුව අද (14) පෙරවරුවේ දී මෙරට…

(0)Comments | March 14, 2023 11:59 am

හෙට වර්ජනයට මහ බැංකුවත් එක්වෙයි

2023 මාර්තු මස 15 වන බදාදා දියත් කිරීමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා නියුක්තිකයින් ද එක්වන බව දැනුම් දී සිටී. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුවේ වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ ඒ අනුව, හෙට (15) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු හා ප්‍රාදේශීය…

(0)Comments | March 14, 2023 11:39 am

වැව් දෙකකට සූර්ය බලාගාර

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන් වැව යන ජලාශයන්හි මතුපිට අවකාශය මත පාවෙන සූර්ය පැනල පද්ධති බලාගාර ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර 2009 වර්ෂයේදී අත්සන් කරනු ලැබූ ප්‍රදාන ආධාර පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ කොරියානු ජනරජයේ වෙළෙඳ, කර්මාන්ත හා බලශක්ති අමාත්‍යාංශය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව…

(0)Comments | March 14, 2023 11:25 am

බිල වැඩිවෙද්දී විදුලි ඉල්ලුමත් වැඩිවෙලා

පසුගිය 2023 මාර්තු 09 වෙනි බ්‍රහස්පතින්දා දිනයේ දී මෙරට උපරිම විදුලි ඉල්ලුම මෙගා වොට් 2,315.30 ක් බව ලංකා විදුලිබල මණ්ඩලය උපුටා දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය මෙම වසරේ තනි දිනක් තුල උපරිම විදුලි ඉල්ලුමෙහි වාර්තා වී ඇති ඉහළම අගය වේ. එසේම මාර්තු 09 වැනි දින මෙරට මුළු විදුලි උත්පාදනය ගිගා වොට් පැය…

(0)Comments | March 14, 2023 11:16 am

මහ බැංකු පනත් කෙටුම්පත ගැන මහ බැංකු අධිපති ප්‍රසිද්ධියේ කතා කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත පිළිබඳ දේශනයක් සහ සාකච්ඡාවක් 2023 මාර්තු 16 වන බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් සිදුකරනු ලබන මෙම ප්‍රසිද්ධ දේශනය සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙනු ඇත. 2023 මාර්තු 16 වන දා ප.ව. 2.30 සිට ප.ව. 4.30…

(0)Comments | March 14, 2023 8:02 am

ඉන්ධන ආනයනයට, අලෙවියට චීනයේ සිනොපෙක් සමාගම සූදානම් බව ජනපතිට කියයි

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන බව ජනපති පවසයි ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. සිනොපෙක්…

(0)Comments | March 13, 2023 5:58 pm

මහ බැංකුව කැඳවූ රු. බිලියන 180ක දැවැන්ත බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දිනයේ දී රු. මිලියන 130,000 ක හෙවත් රු. බිලියන 130 ක දැවැන්ත භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවනු ලැබීය. එහිදී 2024 සහ 2027 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 70,000 ක් සහ රු. මිලියන 110,000 ක් බැගින් වන බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි. කෙසේවෙතත් 2024…

(0)Comments | March 13, 2023 4:41 pm

පහළ ආ රන් මිල අධි වේගයෙන් යළි ඉහළට

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය බ්‍රහස්පතින්දා (09) කැරට් 22 රන් පවුමක මිල රු. 134,000…

(0)Comments | March 13, 2023 12:00 pm

රට ගිය ඇත්තෝ ඩොලර් මිලියන 844ක් එවති

2023 වසරේ මුල් මාස 02 තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ‌එක්සත් ජනපද ‌ඩොලර් මිලියන 844.9 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්ව ඇත. මෙය 2022 වසරේ මුල් මාස 02 තුළ ලැබී තිබුණු ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 464.1 හා සැසඳීමේ…

(0)Comments | March 13, 2023 8:21 am

රුපියලේ වටිනාකම 14%කින් වැඩිවෙලා

2023 වසරේ මාර්තු 10 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 14කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇත. එහිදී ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 17.4%…

(0)Comments | March 13, 2023 8:02 am