Top News

මහ බැංකුවේ පියවර ප්‍රමාණවත් නැහැ. කාලයට ගැලපෙන පරිදි අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්නට ඉඩ දිය යුතු නැති බවත්, මේ අවස්ථාවේ දී බැංකු ක්‍රමය කඩා නොවැටී පවත්වාගෙන යාම හා ඒවාට සම්බන්ධ සේවක සේවිකාවන් ආරක්ෂා කිරීම අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍රයක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. මේ අතර…

(0)Comments | April 6, 2020 1:31 pm

ඩොලරයේ විකුණුම් මිල රු. 199 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40 ක් ලෙසින් සටහන් විය. මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 194.80 ක් ලෙසින් සටහන් විය. 2020 ජනවාරි මාසයේ…

(0)Comments | April 6, 2020 11:24 am

ආර්ථිකය රැක ගැනීමට “රාමුවට පිටතින්” සිතන්න. EPF ශේෂයෙන් 20% ක් නිදහස් කිරීම ගැන කබ්රාල්ගෙන් යළි පැහැදිලි කිරීමක්

කෝවිඩ්-19 වසංගතයෙන් ඉදිරියේ දී සිදු වෙන ආර්ථික අවපාතයෙන් ජය ගැනීම සඳහා තමා මේ අවස්ථාවේ දී ඉදිරිපත් කොට ඇති තාක්ෂණික සහ වෘත්තිමය අදහස් වලට සමහර දේශපාලනඥයින් සහ ඔවුන්ගේ සහකරුවන් දේශපාලන කෝණයකින් විවේචනය කිරීම හේතුවෙන්, තමා කිසිසේත් අමනාප හෝ අධෛර්ය වන්නේ නැති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින්…

(0)Comments | April 6, 2020 10:02 am

කොළඹට එන MSC Magnifica මගී නැවේ සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙක් රටට ඇතුල් වෙන්න දෙන්නැයි අවසර ඉල්ලයි

ලොව අතිසුඛෝපභෝගී දැවැන්ත මගී නෞකාවක් වන MSC Magnifica නෞකාව අද (06) දින කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා මෙම මගී නෞකාව කොළඹ වරායට පැමිණෙනු ඇත. කෙසේවෙතත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මේ වන විට කොළඹ වරායට පැමිණෙන මගී නෞකාවල මගීන්ට, මෙරටට ගොඩ බැසීමට අවසර හිමිවන්නේ නැත. මෙවැනි තත්ත්වයක් තුළ නෞකාවේ සිටින…

(0)Comments | April 6, 2020 12:37 am

මහ බැංකුවේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ පියවර ගන්නවා – මහ බැංකු අධිපති

පවත්නා තත්ත්වයේ විශේෂත්වය සලකා එයින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පහළ ස්ථරවල ව්‍යාපාර හා මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත්, දිගින් දිගට මේ යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ කටයුතු කිරීමට මහ බැංකුවට සිදු නොවන පරිදි ක්‍රියා කරන සේ තමා එම බැංකු ආයතනවලින්…

(0)Comments | April 3, 2020 7:00 pm

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (2020 අප්‍රේල් 03) දින, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වේලාවේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේය. මෙම…

(0)Comments | April 3, 2020 6:42 pm

ඩොලරය විකිණෙන මිල රු. 193.75 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකා රුපියල මත ඇති කෙරෙන විනිමය පීඩනය තවදුරටත් තීව්‍ර කරමින්, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (03) දින රු. 193.75 ක් දක්ව ඉහළ යන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.55 ක් ලෙසින් වාර්තා විය. මේ අතර මෙරට මූල්‍ය ඉතිහාසයේ මුල් වතාවට…

(0)Comments | April 3, 2020 11:36 am

ශ්‍රීලංකන් ගුවන් සේවකයින් සඳහා 2.5% සිට 25% දක්වා මාස 03 ක කාලයකට වැටුප් කප්පාදුවක්. වැටුප් වර්ධකත් තාවකාලිකව නවතී. සියලු දෙනාගේ රැකියා ආරක්ෂා කිරීමට පියවර

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ජාතික ගුවන් සේවයේ පැවැත්ම සහ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම උදෙසා පිරිවැය ඉතිරි කිරීම් අරඹයි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය රටේ ආර්ථික අවශ්‍යතා සලකා බලමින්, ශ්‍රීලංකන් පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා වන තම යුතුකම පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන අතර ජාතික ගුවන් සේවයේ ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ද…

(0)Comments | April 3, 2020 9:27 am

ෆොන්ටෙරා වෙතින් COVID-19 පැරදවීමේ සටනට රු. මිලියන 32කට වැඩි දායකත්වයක්

දේශීය කිරි ගොවීන්ගේ යහපත උදෙසා කිරි මිලදීගැනීම් අඛණ්ඩව සිදු කරයි ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර රාශියක් ගෙන තිබේ. මෙහි එක් පියවරක් ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට…

(0)Comments | April 3, 2020 9:20 am

ණය සහන ලබා ගැනීමට අප්‍රේල් 30ට පෙර බැංකු ශාඛාවෙන් විමසන්න. සහන ලැබෙන සියලු අංශ මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 50ක සය-මාසික ප්‍රතිමූල්‍ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර, කොරෝනා ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහය වීමට මූල්‍ය ආයතන වෙත උපදෙස් නිකුත් කරයි. කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්‍රාග්ධනය හා පොලී සඳහා) සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු…

(0)Comments | April 1, 2020 9:12 pm