Top News

කොටස් වෙළඳපොළ කඩාවැටීමෙන් පීඩාවට පත් සියලුම ආයෝජකයින්ට සහන සලසන්න සුරැකුම්පත් කොමිසම පියවර ගනී

ලැයිස්තුගත සමාගම් කොටස්වල මිල ගණන් පහත වැටීම හේතුවෙන් 2020 මාර්තු 11 වන දින හෝ ඊට ආසන්න කාලයකදී ආයෝජකයින්ට ඇති වූ බලපෑම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සියලුම බලපත්‍රලාභී කොටස් තැරැව්කරුවන්ගේ සහ ලියාපදිංචි ආන්තික ණය පහසුකම් සැපයුම්කරුවන්ගේ සේවාදායකයින්ට ණය සහනයක් ලබා දීමට තීරණය කර තිබේ. මේ අනුව ආයෝජකයින්ගේ ණය සඳහා පොළී…

(0)Comments | April 1, 2020 8:46 pm

ශ්‍රීලංකන් සියලු මගී ගුවන් ගමන් අත්හිටුවයි. භාණ්ඩ ප්‍රවාහනය තවදුරටත්. විශේෂ නිවේදනය මෙන්න

ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගම විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් පහතින් දැක්වේ. දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින  සිට අප්‍රේල් මස 21 වන දින  දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව අපගේ වටිනා මගීන්ට ඉතා කණගාටුවෙන් වුවද දැනුම් දෙමු. ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළඳපොල තත්ත්වයන්…

(0)Comments | April 1, 2020 8:19 pm

ජනපති මහ බැංකු ප්‍රධානීන් හමුවෙයි

COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය. මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සංනිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ සාකච්ඡාවට එක්ව සිටියහ. COVID-19  ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම්…

(0)Comments | April 1, 2020 5:23 pm

කොවිඩ්-19 පිළිබඳ සාවද්‍ය තොරතුරු මර්දනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය හා වයිබර් අත්වැල් බැඳගනී

කොවිඩ්-19 සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, Rakuten Viber සමඟ පසුගියදා නව සහයෝගීතාවකට එළඹුණි. මෙම සහයෝගීතාව යටතේ බහු භාෂාත්මක අන්තර්ක්‍රියා සහිත chatbot පහසුකමක් වයිබර් වෙතින් හඳුන්වාදෙන ලදී. නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පැතිරෙන සාවද්‍ය පුවත් සහ තොරතුරුවලට එරෙහිව ක්‍රියාකිරීම එහි අරමුණයි.   නිරවද්‍ය සෞඛ්‍ය තොරතුරු අපේක්ෂාවෙන් සිටින ලොව පුරා වෙසෙන සෑම…

(0)Comments | April 1, 2020 12:14 pm

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 242 ඉක්මවයි

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5 ක  ඝෘජු තැන්පත් කිරීම් සහ ජනාධිපති ලේකම් කාර්යාලය පරිත්‍යාග කළ රුපියල්…

(0)Comments | April 1, 2020 10:20 am

සහන ලබාදීම පහසු කිරීමට මූල්‍ය, කල්බදු සමාගම් වෙත මහ බැංකුවෙන් නම්‍යශීලී ක්‍රියාමාර්ග රැසක්

කොරෝනා ව්‍යසනය හෙවත් COVID–19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම උදෙසා අවශ්‍ය නම්‍යශීලීත්වය බැංකු නො වන මූල්‍ය ආයතන  ක්ෂේත්‍රයට ලබා දීමේ  අරමුණින් ‍ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ අනුව බලපත්‍රලාභී මූල්‍ය…

(0)Comments | April 1, 2020 8:55 am

කොරෝනා හේතුවෙන් කොල්ලුපිටියේ බැංකු ශාඛාවක් දින 14 කට වසා දමයි

සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ මව/පියා (a parent) කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ කොල්ලුපිටිය ශාඛාව දින 14 ක් පුරාවට වසා තැබීම සඳහා කටයුතු කරනු ලබන බව HNB බැංකුව පවසයි. HNB බැංකු නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව සඳහන් කරමින් බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම…

(0)Comments | March 31, 2020 3:09 pm

ඇඳිරි නීතිය ඉවත් කරන තුරු කොටස් වෙළෙඳපොළ වැසෙයි

දැනට දිවයින පුරාවට බලපැවැත්වෙන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු හෙට (2020 අප්‍රේල් 01) දින සිට, කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත නොකිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ උපදෙස් පරිදි තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ කොව්ඩි-19 වසංගත තත්ත්වය හමුවේ රජය විසින් දිවයින පුරා ඇඳිරි…

(0)Comments | March 31, 2020 2:33 pm

ශ්‍රී ලංකා රුපියල කොරෝනා වෛරසයට ගොදුරු වුණු හැටි. ඩොලරයේ අද විකුණුම් මිල රු. 192.45 යි

2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය විය….

(0)Comments | March 31, 2020 1:40 pm

COVID වෛරසය පවතින මෙම කාලසීමාවේ ඩයලොග් හි e-Working, e-Learning සහ e-Health විසඳුම් ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වයි

Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව සන්නිවේදනයෙන් සම්බන්ධ කිරීම සඳහා කැපවී කටයුතු කරයි. පාර්ශවකරුවන්, පාරිභෝගිකයන්, ව්‍යවසාය, ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ රජය යන ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් සිය විදුලි සංදේශ යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවා සැපයීම හරහා අඛණ්ඩව…

(0)Comments | March 31, 2020 12:48 pm