ශ්රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ අගය සීඝ්‍රයෙන් පහළ යාම පාලනය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වූ බවත් පසුගිය දින කිහිපය තුළ දී ඩොලර් මිලියන 500 ක් පමණ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගත් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. දෙරණ නාලිකාවේ විකාශය වූ Rebuild Sri Lanka වැඩසටහන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා මහ…
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිලෙහි සුළු ඉහළ යාමක් අද (10) දිනයේ දී වාර්තා වී ඇත. ඊයේ (09) දිනයේ දී බැංකු කිහිපයක් සඳහන් කළ පරිදි රු. 305.00 ක් දක්වා ඩොලරයක ගැනුම් මිල පශළ ගොස් තිබුණු අතර අද දිනයේ දී එම මිල රු. 310.00 ක් ලෙසින් වාර්තා වී…
ආයතනික තොරතුරු අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වහාම පරීක්ෂණ පවත්වන ලෙස කෝප් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට උපදෙස් දෙයි. මුදල් අමාත්‍යාංශයට අනුබද්ධ අභ්‍යන්තර විගණකවරයාගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කර සති 3ක් ඇතුළත මෙම ආයතනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නිර්දේශ. ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වා අප්‍රේල් 18 වැනිදාට පෙර…
ශ්රී ලංකාව සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, රැස්වීම් ඇතුළු ලෝකයේ ව්‍යාපාර අංගයන් සඳහා ප්‍රසිද්ධ ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඇති MICE (Meetings Incentives Conventions and Exhibitions) අංශය ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකා MICE Expo 2023 ප්‍රදර්ශනය සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම ප්‍රදර්ශනය 2023 මාර්තු මස 13 සිට මාර්තු මස 15…
2023 වසරේ පළමු මාස දෙක තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 331.7ක සංචාරක ඉපැයීමක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2022 වසරේ මුල් මාස දෙකේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් මිලියන 321.1 හා සැසඳීමේ දී 3.3% ක වැඩිවීමකි. 2023 පෙබරවාරි මාසයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 169.9 ක් ලෙසින් වාර්තා වේ. 2022 වසරේ සමස්ත…
නවෝත්පාදන, කර්මාන්තයේ අභියෝග සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳ අදහසක් ලබා ගනී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ වැවිලි සමාගම වන හේලීස් වැවිලි සමාගම විසින් පසුගියදා ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මියට නුවරඑළියේ පිහිටි පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක් සඳහා සත්කාරකත්වය දක්වන ලදී. සංචාරය පිළිබඳව ටුවිටර් හරහා අදහස් දක්වමින් තානාපතිනී චන්ග් මහත්මිය මෙසේ පැවසීය: ”තේ කර්මාන්තය…
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් අද (09) දිනය සඳහා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව බැංකු කිහිපයකම විනිමය අනුපාතික සටහන්වලට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 305 ක් දක්වා පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය. එමෙන්ම විකුණුම් මිල ද රු. 325 ක් දක්වා පමළ ගොස්…
අද (09) පෙරවරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව ඊයේ (08) පැවති රු. 143,500 ක මිලට වඩා රු. 9,500 ක පමණ මිලකින් අද පෙරවරුව වන විට රන් මිල අඩු වී ඇත. මේ අතර කැරට් 24 රන් පවුමක…
දේශීය වෙළෙඳපොළෙහි රත්‍රං මිලෙහි දැවැන්ත පහළ යාමක් අද දිනයේ දී සිදුව ඇති බව වාර්තා වේ. මේ අනුව අද (08) පස්වරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 143,500 ක් දක්වා පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 153,500…
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෘදු මත්පැන් (Soft liquor) බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්ථාන 211ක් වෙත මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. පාලනයක් සිදු කිරීම සහ රජයට බදු ආදායම ලබා ගැනීම යන කරුණු දෙක පදනම්ව ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි…
Video Story