Top News

ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම 2022 දී

පසුගිය 2022 වසෙර් දී මෙරට ආර්ථිකය 7.8% ක පසුබෑමක් වාර්තා කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ සිදුවූ ඉහළම සංකෝචන අගය ලෙසින් හැඳින්විය හැකිය. මීට පෙර 2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.6%කින් පරිහානියට ලක්විය. 2020 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 16.3% ක පරිහානියක් වාර්තා කළ අතර ඉන්…

(0)Comments | March 16, 2023 9:55 am

ශ්‍රී ලංකාවේ දී එකලස් කළ SENARO GN 125 මෝටර් සයිකලය ජනපතිට

ලංකා බැංකුවේ අත හිත ලැබුණු සෙනාරෝ මෝටර් කම්පැනි සිය පළමු නිෂ්පාදනය ජනපති වෙත භාරදෙයි අපනයන ආර්ථිකයක් කරා යාමේ රජයේ වැඩපිළිවෙළට දායක වෙමින් දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් නගාසිටුවීමට ලංකා බැංකුව දියත් කර ඇති වැඩසටහන යටතේ මෙරට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කල සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ නවතම මෝටර් සයිකල් කිහිපයක් ජනාධිපති කාර්යාලය වෙත…

(0)Comments | March 15, 2023 6:07 pm

Anka EnergyX සහ Harnyss USA හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකාවට හයිඩ්‍රජන් බලශක්ති ගබඩා තාක්ෂණය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති සමාගමක් වන Anka EnergyX, අති නවීන හයිඩ්‍රජන් බලශක්ති ගබඩා කිරීමේ තාක්ෂණයන්හි ගෝලීය ප්‍රමුඛයා වන Harnyss USA  සමඟ එක්ව රට තුළ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (SMEs)  සඳහා ස්මාර්ට් ජාල හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන යටතේ හයිඩ්‍රජන් බලශක්ති ප්‍රභවය  සහ ස්මාර්ට් ජාල පිළිබඳ දැනුම බෙදා ගැනීමේ සම්මන්ත්‍රණය ”‍The Power of Hydrogen” සහ…

(0)Comments | March 15, 2023 3:24 pm

ඩොලරය නැවතත් සුපුරුදු මාවතට

එක්සත් ජනපද ඩොලරයක අද (15) දිනයේ දී ගැනුම් මිල රු. 327.59 ක් බවත් විකුණුම් මිල රු. 344.66 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය රු. 327.06 ක් ලෙසින් දක්වා ඇත. එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී දේශීය…

(0)Comments | March 15, 2023 1:28 pm

මේ වසර තුළදී තවත් මැලේසියානු රැකියා දස දහසක්

මැලේසියානු රජය මෙරටට අනුමත කළ රැකියා දසදහසක කෝටාවට අමතර ව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (14) ප්‍රකාශ කළේ ය. ඒ විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගී…

(0)Comments | March 15, 2023 12:05 pm

ආයෝජන ගැටළු නිරාකරණය කිරීමේ දෙවැනි සැසිය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන්

ආයෝජන ගැටළු නිරාකරණය කිරීමේ දෙවැනි සැසිය ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන පහසුකම් මධ්‍යස්ථානයේදී (IFC) පසුගියදා පැවතුණි. මෙහිදි ක්ෂේත්‍ර කිහිපයක පැවති ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් හා නියෝග ඇමතිවරයා විසින් අදාල නිලධාරීන් හට ලබා දෙන ලදී. මත්ස්‍ය ආහාර සැකසුම් සහ නිශ්පාදන අංශ වලට අදාල ගැටළු මෙහිදි සාකච්ඡාවට බදුන් විය….

(0)Comments | March 15, 2023 10:43 am

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසියෙන් පමණක් පැවැත්වීමේ තීරණයට එකඟත්වය නොලැබෙයි

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමි නොවිණි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (මාර්තු 10) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව…

(0)Comments | March 14, 2023 5:00 pm

කොළඹ ඉදිකිරීම් අතහැර දැමූ ගොඩනැගිලි නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් තීරණයක්

නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් ආරම්භකොට එහෙත් ඉදිකිරීම් අවසන් කොට නොමැතිව අත්හැර දමා ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියද‍ා (10) පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව…

(0)Comments | March 14, 2023 4:50 pm

කොතලාවල, නෙවිල් ප්‍රනාන්දු, ලයිසියම් කැම්පස් වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් ජනපතිගෙන් කමිටුවක් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ…

(0)Comments | March 14, 2023 1:58 pm

මහ බැංකුවේ ඩොලර් මිලත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 319.84 ක් සහ විකුණුම් මිල රු. 335.68 ක් ලෙසින් සටහන්ව ඇත. ඊයේ (13) දිනයේ දී මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ පිළිවෙලින් රු. 311.82 ක් හා රු. 328.86 ක් වශයෙනි. මේ…

(0)Comments | March 14, 2023 12:41 pm