Top News

කොරෝනා වසංගතයේ සෘජු බලපෑම – මාර්තු මාසයේ දී සංචාරක පැමිණීම සියයට 70කින් පහළට

පසුගිය මාර්තු (මාර්තු 18 වන දින දක්වා) තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 71,370 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු 18 දින සිට ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් පැමිණීම අත්හිටුවනු ලැබීය. 2019 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 244,328 ක්වූ සංචාරකයින්…

(0)Comments | April 23, 2020 1:33 pm

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බලකාය ස්ථාපනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි. ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා…

(0)Comments | April 22, 2020 10:13 pm

COVID-19 මර්දන මෙහෙයුමට ටොයොටා ලංකා වෙතින් රු. මිලියන 20 ක් වටිනා බස් රථ දෙකක්

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් අද (22) ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය. මෙම බස්‍ රථ පසුව COVID-19 පර්යේෂණ සහ මර්දන කටයුතු වලට යෙදවීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා…

(0)Comments | April 22, 2020 10:01 pm

මාර්තු මාසයේ දී උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති සියයට 8.1හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 7.0 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති ආහාර…

(0)Comments | April 22, 2020 1:46 pm

පාකිස්තානයේ අතරමංව සිටි සිසුන් 113 ක් ශ්‍රීලංකන් යානයකින් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර් සහ පාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. COVID 19 වසංගතය ව්‍යාප්ත වීමත් සමග පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් 433 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන…

(0)Comments | April 21, 2020 9:31 pm

සුරාසැල් යළි වැසෙයි

ඊයේ (20) දිනයේ සිට දිවයිනේ ඇඳිරි නීතිය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල පිහිටි සුරාසැල් විවෘත කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශ වල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව අවසර ලබා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර සිටියේය. කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, නැවත දැනුම් දෙනු…

(0)Comments | April 21, 2020 9:03 am

පිටරට අධ්‍යාපනය ලබන්නන්ගේ වියදම් සඳහා මුදල් යැවීමට බාධාවක් නැහැ – මහ බැංකුව

අධ්‍යාපන කටයුතු සහ කෙටිකාලීන සංචාර සඳහා විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් සඳහා මුදල් යැවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ…

(0)Comments | April 21, 2020 12:57 am

බදාදා පැය 2කට කොටස් වෙළෙඳපොළ විවෘත කිරීමේ තීරණය කල්යයි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන ඇඳිරි නීතිය අද උදෑසන ලිහිල් කෙරුණු අතර කොළඹ ඇතුළු සෙසු අවදානම් කලාපයේ පිහිටි දිස්ත්‍රික්කවලට දැනට බලපවත්වනු ලබන ඇඳිරි නීතිය අප්‍රේල් 22 බදාදා දින සිට ලිහිල් කිරීමට බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණි. මෙම තත්ත්වය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික වෙළෙඳපොළ ගනුදෙනු එළඹෙන අප්‍රේල් 22 බදාදා දින පෙරවරු 11.00 සිට පස්වරු 1.00…

(0)Comments | April 20, 2020 1:15 pm

පාසල් විවෘත කිරීම යළි සලකා බලන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

එළඹෙන මැයි 11 වන දින ශ්‍රී ලංකා රජය විසින් වසංගත තත්වයන් පාලනය උදෙසා වසා දමන ලද පාසල් පද්ධතිය නැවත විවෘත කිරීම සඳහා ගත් තීරණය පිළිබඳ නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කරමින් වගකිව යුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ජනාධිපති තුමන් වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්,පරිපාලන නිලධාරීන්, අධ්‍යාපනඥයින්, රජයේ සහ පෞද්ගලික අංශයේ  වෘත්තිකයන්,  නීතී වේදීන් සහ සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන්ගෙන්…

(0)Comments | April 20, 2020 11:42 am

රුපියල් පන්දහසේ දීමනාව සහ කේන්ස් ගේ පොදු න්‍යාය

ඊයේ (19) දින අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ දී දින 20 ක් වයසැති බිළිඳෙකු අතැතිව සිඟමනේ යෙදෙන තරුණ මවක් ඔබ දකින්නට ඇත. එම කාන්තාවගේ සැමියා ද මාර්ගයේ ගමන් ගන්නා වාහනවලින් සිඟමන් යදිමින් සිටියේ තවත් දරුවකු වඩාගෙනය. ඒ ඔරුගොඩවත්ත ඉඟුරුකඩේ හංදියේදී. “රස්සාව කළා මං, ඔය බ්ලොක් ගල් ගහන ඒවා. දැං ඉතින් ඒවා කරගන්නත් විදියක් නැහැ….

(0)Comments | April 20, 2020 11:23 am