දශක ගණනාවක සිට භාවිතයට නොගත් තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කොට ත්‍රිකුණාමල සංවර්ධනය ඇරඹීමට පියවර ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (03) දහවල් ත්‍රිකුණාමලය ලංකා IOC තෙල් ටැංකි හා ගබඩා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, 2023 මාර්තු මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි, පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 දක්වා පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කළේය.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ වැඩසටහනේ කොටසක් ලෙස, අප්‍රිකානු මහද්වීපය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය පුළුල් කිරීම සහ තීව්‍ර කිරීම සඳහා වූ ව්‍යාපාර සංවාදයක්, විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි. ඇඟලුම්, ඖෂධ, ඉදිකිරීම්, මූල්‍ය, නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්ති, යාත්‍රා නිෂ්පාදන, සැපයුම්, කඩිනමින් අළෙවි කළ හැකි පාරිභෝගික භාණ්ඩ (FMCG),…
ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා සහය දැක්වීමේ අරමුණ පෙරදැරිව Sri Lanka Dentsu Grant සමූහය Dentsu India සමඟ අත්වැල් බැඳ ගනිමින් “And you thought you knew Sri Lanka” නමින් ඒකාබද්ධ සංචාරක ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාර මෙහෙයවන‍්නන්ගේ සංගමය (SLAITO) සහ ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) වෙනුවෙන් වූ මෙම ප්‍රචාරණ ව්‍යාපාරය විශේෂයෙන්ම…
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (02) පැවැති උත්සවයට එක්වෙමිනි. රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු…
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහල නංවමින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහල නැංවීමට රටවල් 5ක් සදහා ආයෝජන සන්නාම තානාපතිවරු 5ක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පත් කරයි. රටක ආයෝජනයක් කිරීමට පෙර ඕනෑම ආයෝජකයෙක් ඒ රටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබඳව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ පළවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකුවත් මෙරට දිහා බලන්නේ…
කොවිඩ් වසංගතයෙන් පසුව චීන බලධාරීන් විසින් පිටතට යන ගමන් සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු සංචාරකයින් කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් පිළිගනු ලැබීය. සංචාරකයින් 120 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඊයේ රාත්‍රියේ (1) UL1881 දරණ ශ්‍රීලංකන් ගුවන් යානයෙන් චීනයේ ගුවැන්ශූ සිට දිවයිනට ලඟාවූ අතර ඔවුන් දින අටක සංචාරයක් ශ්‍රී ලංකාව තුළ සැලසුම් කර…
2023 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 107,639 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මෙය 2022 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන 96,507 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 11.53% ක වැඩිවීමකි. මේ අනුව 2023 වසරේ මුල් මාස 02 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් සටහන්ව තිබේ. ඊයේ (01) දිනයේ දී ඩොලරයක් ගැනුම් මිල රු. 351.72 ක් ලෙසත් විකුණුම් මිල රු. 362.95 ක් ලෙසත් වාර්තා විය.
ශ්‍රී ලංකා රජය, අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහල් පදනම් කරගත් ජීවපද්ධතීන්හි නිෂ්පාදනය වර්ධනය කිරීමටත් කුඩා පරිමාන ගොවීන්ගේ ආදායම වැඩිකිරිමටත් ක්‍රියාකරනු ලබයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය සමගින් එක්ව ශ්‍රී ලංකාවේ වියළි සහ…
Video Story