Top News

කොළඹ උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ දී පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 51.7හි සිට 2023 පෙබරවාරි මාසයේ දී සියයට 50.6 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේ දී  අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල…

(0)Comments | March 1, 2023 7:08 am

ණය ශ්‍රේණි ආයතනයක් ශ්‍රී ලංකාව හැරයයි

ICRA Lanka Limited ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් 2023 ජනවාරි 31 දින සිට නවතා තිබේ. මේ තත්ත්වය තුළ තම අනුමත ශ්‍රේණි ආයතන ලැයිස්තුවෙන් ICRA Lanka Limited ආයතනය ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වෙත දැනුම් දීමක් කරමින් වැඩිදුරටත් කියා…

(0)Comments | February 28, 2023 2:19 pm

ඔබට ලොතරැයි දිනුමක්?

ඔබට ලොතරැයි දිනුමක් ඇති බවට නාඳුනන අයෙකුගෙන් දුරකතන ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවුඩයක් ලැබුණි නම් එය අනිවාර්යයෙන්ම බොරුවක්, වංචාවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට දැනුම් දී සිටී. ඔබත් මෙවැනි වංචාවක වින්දිතයකු වී ඇත්නම් හෝ මෙවැනි වංචා සම්බන්ධයෙන් ඔබට තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය වැඩිදුරටත් සඳහන්…

(0)Comments | February 28, 2023 1:56 pm

බර්නාඩ් ස්ටෙෆාන් නෙස්ලේ ලංකා නව කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට

නෙස්ලේ ලංකා සමාගමෙහි නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස බර්නාඩ් ස්ටෙෆාන් මහතා 2023 මාර්තු 01 වැනිදා සිට රාජකාරි ආරම්භ කළේය. ඒ, මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ජේසන් ඇවන්සෙන්‍යා මහතාගේ ධූර කාලය 2023 පෙබරවාරි 28 දිනෙන් අවසන් වීමත් සමඟ ය. අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙස්ලේ ව්‍යාපාර කටයුතුවලට සාර්ථකව නායකත්වය ලබාදුන් ජේසන් ඇවන්සෙන්‍යා මහතා, 2023 මාර්තු…

(0)Comments | February 28, 2023 1:20 pm

ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ජාතික සභා අනු කාරක සභාවේ අවධානය

ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය. මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ…

(0)Comments | February 28, 2023 1:04 pm

න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ හැකියාව ශ්‍රී ලංකාවටත්

න්‍යෂ්ටික වගකීම පිළිබඳ ප්‍රධාන ජාත්‍යන්තර සම්මුතීන් දෙකක ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු වීම ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එකී තීරණයට අනුගත වෙමින් න්‍යෂ්ටික ශක්තිය භාවිතයෙන් විදුලි ජනනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම පිණිස මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරි කණ්ඩායම් 09ක් පත්…

(0)Comments | February 28, 2023 12:49 pm

රේගුව රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන වාහන ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ, විමර්ශන සහ අනෙකුත් අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බව නිරීක්ෂණය වී ඇත. ඒ හේතුවෙන් එකී භාණ්ඩවලට හානි වීම සහ විනාශ වීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදු වන බැවින්, එවැනි භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අනුගමනය…

(0)Comments | February 28, 2023 11:45 am

කොළඹ සහ ගම්පහට සූර්ය බලයෙන් ධාවනය වන බස්

ආරෝපිත විදුලිකෝෂ මඟින් බස්රථ ධාවනය කිරීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනය සඳහා වැය වන පිරිවැය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය උපයෝගි කර ගෙන ධාවනය කළ හැකි බස් රථ හඳුන්වා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. ඒ අනුව, කොළඹ වාණිජ නගරය සහ ගම්පහ…

(0)Comments | February 28, 2023 10:54 am

යෝජිත බංග්ලාදේශ වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනම් කෙරේ

කලාපීය මට්ටමේ ප්‍රධාන වෙළෙඳ පාර්ශ්වකරුවන් සමඟ පවත්නා සබඳතා ශක්තිමත් කර ගැනීම මඟින් වෙළෙඳපොළ බාධක ඉවත් කර ශ්‍රී ලාංකීය අපනයනකරුවන් සඳහා වෙළෙඳපොළ ප්‍රවේශයට පවතින අවස්ථා වර්ධනය කිරීම, දේශීය සැපයුම් සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා පිළියම් වශයෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ආර්ථික සහයෝගිතාව වඩා ඉහළ නංවා ගැනීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරනු ලබයි. එයට සමගාමීව…

(0)Comments | February 28, 2023 10:38 am

1 දා වර්ජනයට මහ බැංකුවත් එක්වෙයි

2023 මාර්තු 01 වන බදාදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිත බවත් ඊට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා නියුක්තිකයින්ද එක්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තීය සමිත් එකතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙහිදී ඔවුන් දැනුම් දී සිටින්නේ එදින ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු හා ප්‍රාදේශීය කාර්යයාල මගින් මහජනතාව වෙත…

(0)Comments | February 27, 2023 4:48 pm