Top News

හිඟ බිල්වලට රු. බිලියන 360 ක් ගෙවයි

රජය භාර ගන්නා විට ගෙවීමට තිබූ බිල්වලට රුපියල්  බිලියන 360ක් ගෙවා  අවසන් –  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නව රජය බලයට පත් වන විට ගෙවා දැමීමට තිබූ බිල්පත්වලින් 53%ක් ගෙවී ගිය මාස 5ක කාලය තුළ ගෙවා දැමීමට කටයුතු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ 8%ක ඍණ ආර්ථිකයක්…

(0)Comments | February 24, 2023 10:44 am

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තබයි

ගුවන් සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට ඉවහල් වන ශ්‍රී ලංකා-නෙදර්ලන්ත ගුවන් සේවා ගිවිසුම නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම හරහා දෙරට අතර පවතින සබඳතා මෙන්ම යුරෝපා සහ ආසියානු කලාප අතර පවතින සබඳතා ද තීව්‍ර කිරීම සඳහා ඉවහල් වන ශක්තිමත් වේදිකාවක් නිර්මාණය වනු ඇත….

(0)Comments | February 24, 2023 8:54 am

බදු ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය අංශයේ ප්‍රතිව්‍යුහගතකරණ කඩිනම් කරන්නැයි තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය ඉල්ලයි

මෙරට ප්‍රමුඛ පෙළේ තරුණ ව්‍යවසායකයන් 120 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය මගින් සංවිධානය කරන ලද වාර්ෂික සංවාද වැඩසටහන සහ රාජ්‍ය තාන්ත්‍රික හමුව පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සිය දේශනයේදී, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර සහයෝගීත්වයේ වැදගත්කම පෙන්වා දුන්නේය. එමෙන්ම…

(0)Comments | February 23, 2023 12:45 pm

රජයේ සේවකයින්ට රට ගමන් Economy Class පමණයි

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබේ. මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක්…

(0)Comments | February 23, 2023 12:34 pm

බිත්තර බද්දේ වෙනසක්

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, බිත්තර ආනයනයේ දී අය කළ යුතු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සම්බන්ධයෙන් රජයේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2007 අංක 48 දරන විශේෂ…

(0)Comments | February 23, 2023 11:47 am

ආර්ථික සංකෝචනය හමුවේ ආයෝජන මණ්ඩලයේ සමාගම් ඉදිරියට

වර්ථමාන ලෝක ආර්ථික අවපාතය හමුවේ දශක 4කට පසුව ලොව රටවල් මුහුණදුන් ඉහලම උද්ධමන අගයක් පෙන්නුම් කරන වතාවරණයක වුවද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගම් තම භාණ්ඩ හා සේවා අපනයනය කරමින් ශ්‍රි ලංකා ආර්ථිකයට සුභදායි දායකත්වයක් 2022 වර්ෂයේදී ලබාදීමට සමත් වී ඇත. මෙය ශ්‍රි ලංකාවේ දල ජාතික නිෂ්පාදනයේ වටිනාකමින් ඇමරිකානු ඩොලර් බිලියන 8.7 වන අතර මෙය 2021ට…

(0)Comments | February 23, 2023 10:55 am

අදානි ට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය

ඉන්දියානු අදානි සමාගම මන්නාරමේ සහ පුනරීන් වල සුළං විදුලි බලාගාරයන්හි ආයෝජනයක ඉන්දියානු ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අදානි සමාගම, ශ්‍රි ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ සහ පුනරින් වල සුළං විදුලි බලාගාර දෙකක් සදහා ව්‍යාපෘති අනුමැතිය ලබා ගනී. මෙහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 442 කි. මෙහිදි අපේක්ෂා කරන රැකියා අවස්ථා ප්‍රමාණය 1500 – 2000ක් පමණ වේ. උත්පාදනය කිරීමට බලාපොරොත්තු…

(0)Comments | February 23, 2023 7:04 am

රජයේ රෝහල් සඳහා ඩීසල් ලබාදීමට ජපානයෙන් ඩොලර් මිලියන 46ක ප්‍රදානයක්

දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිදු විය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) යන මහත්වරු ගිවිසුමට අත්සන්…

(0)Comments | February 22, 2023 6:14 pm

සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සංචාරක කාඩ්පතක්

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසුන ,සංචාරක කාඩ්පත (Travel Card) එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ඊයේ (21) දින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සදහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී…

(0)Comments | February 22, 2023 2:14 pm

“රට රස්සාවක් හොයලා දෙනවා කියලා කවුරු හරි ඔබට මුදල් තැන්පත් කරන්නැයි කිව්වා ද?“

රට රැකියා ලබා දෙන පවසමින් මුදල් තැන්පත් කරන්නැයි කරන ඉල්ලීම් බොහෝ දුරට වංචාවන් වීමට ඉඩ ඇති බවත්, නිසි පරීක්ෂාවකින් තොරව එසේ මුදල් තැන්පත් කිරීමෙන් වළකින් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අනතුරු අඟවා සිටී. මේ අතර මෙවැනි වංචාවක වින්දිතයකු වී ඇත්නම් හෝ මෙවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිල…

(0)Comments | February 22, 2023 11:48 am