Top News

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා  පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (පෙබ. 21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ  2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර…

(0)Comments | February 22, 2023 10:47 am

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනපති පවසයි

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය…

(0)Comments | February 22, 2023 7:00 am

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල දැන් තත්ත්වය

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261 කට අදාළව 2022 වර්ෂයේ සිව්වන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. ඇතැම් ව්‍යාපෘතිවලට අදාළ විදේශ අරමුදල් අත්හිටුවීමත්, රට තුළ පවතින ආර්ථික තත්ත්වය මත අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට අපහසු වීමත් හේතුවෙන් ව්‍යාපෘති බහුතරයක…

(0)Comments | February 21, 2023 4:12 pm

රුසියාවේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවට

රුසියාවේ ව්ලැඩ්මියර් ප්‍රාන්ත ආර්ථික සංවර්ධන සහ කර්මාන්ත අමාත්‍ය සිදොරින් සර්ජි, කමෙෂ්කෝවෝ දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලක කර්ගන්ස්කි අරියාටෝලි යන මහත්වරු  ප්‍රමුඛ දූත පිරිසක් පසුගියදා (පෙබ. 17) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ද එක්ව සිටියේය. දැනට මෙරට පැමිණෙන රුසියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට මෙන්ම මෙරට ආයෝජන අවස්ථා වැඩිකිරීම ඇතුළු…

(0)Comments | February 21, 2023 3:13 pm

IMF අපට ක්‍රියාත්මක කිරීමට කරුණු 15ක් ලබා දුන්නා. දැන් ඒ සියල්ල සම්පූර්ණයි – ජනපති කියයි

  • video

රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නිවැරදි සැලැස්මක් තිබිය යුතු බවත්, වත්මන් ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ නිසා පසුගිය මාස කිහිපය තුළ පැවති ආර්ථික දුෂ්කරතාවන් තරමක් අඩු වී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන්…

(0)Comments | February 21, 2023 1:49 pm

FitsAir ඉන්දියාවේ චෙන්නායි වෙත ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත ද ක්‍රියාත්මක  කරන ලදී. කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරන ලද ගුවන් ගමන්  සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක  වන අතර අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය. මෙම නව සේවාව පාරිභෝගිකයින් සඳහා සුවපහසු…

(0)Comments | February 21, 2023 12:50 pm

සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් ෆයිසාල් සාලි මහතා පත් කර තිබේ. ඒ මහතා ඊයේ (20) දිනයේ දී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩ භාරගත් බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) දැනුම් දී සිටී. සාලී මහතා වර්තමානයේ දී ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු…

(0)Comments | February 21, 2023 12:18 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය SATTE 2023 ප්‍රදර්ශනයට එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය ආසියාවේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනය වන දකුණු ආසියා සංචාරක සහ චාරිකා හුවමාරු (SATTE) ප්‍රදර්ශනය සඳහා පසුගියදා එක්විය. 2019 වසරෙන් පසු නවැත වරක් ගුවන් සේවය මෙම සංචාරක ප්‍රදර්ශන සඳහා එක්වූ අතර ඒ හරහා ඉන්දියාවෙන් පිටතට යන සංචාරක ව්‍යාපාරය සඳහා නැවත සම්බන්ධතා අලුත් කරගැනීමට හැකිවිය. ශ්‍රීලංකන් ගුවන් සේවය 2023 පෙබරවාරි 9 සිට 11 දක්වා ප්‍රදර්ශනයේ…

(0)Comments | February 21, 2023 12:10 pm

හිඟ බිල්පත්, බැඳුම්කර නිකුත් කර ගෙවීමට නිර්දේශයක්

අමාත්‍යාංශ හා රජයේ ආයතන විසින් නිරවුල් කළ යුතුව ඇති ගෙවීම්/නොගෙවූ බිල්පත් සම්බන්ධ ගැටලු විසදීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත‍. එකී කමිටුවේ වාර්තාව මඟින් වෙළෙඳපොළ සහ භාණ්ඩාගාර මුදල් ප්‍රවාහ මෙහෙයුම් ක්‍රියාවලිය සුමට කිරීම සඳහා සැපයුම්කරුවන්ට/ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල්, මුදලින් ගෙවීම වෙනුවට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මඟින් නිරවුල්…

(0)Comments | February 21, 2023 12:04 pm

ආර්ථික සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභියෝග හමුවේ වුව ද ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය යළිත් වරක් රු. බිලියන 100ක් ඉක්ම වූ වාර්ෂික ආදායමක් වාර්තා කරයි

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, යළිත් වරක් වාර්ෂික ආදායම රු. බිලියන 100 ඉක්මවමින් සුවිශේෂී සමස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී. ඒ අනුව, 2022 මුල්‍ය වර්ෂය සඳහා එම සමූහය රු. බිලියන 108 ක ආදායමක් වාර්තා කර තිබේ. එම ආදායම පසුගිය වර්ෂය සමග සැසඳීමේදී 5.2% ක වර්ධනයක්වන අතර, එය  සමූහය 2022…

(0)Comments | February 21, 2023 11:20 am