වරායේ රඳවාගෙන සිටින රූපලාවන්‍ය උපකරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියකින් වෙළඳපළට ඉදිරිපත් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ වන විට වරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ රටතුළ පැවති වාතාවරණය හමුවේ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්…
පෙර නොවූ විරූ තත්වයන් සහ අභියෝගවලින් පිරුණු වසරක් වූ 2022 වසරේදී හැටන් නැෂනල් බැංකුව (HNB) ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 15.7ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ, ”මෙම මූල්‍ය ප‍්‍රතිඵල ලබා ගැනීමට සමාලෝචනයට ලක් වූ වසර ආර්ථික,…
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් එක්සත් ජනපදයේ Trans American Customhouse brokers LLC සමාගමේ පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගෙන තිබේ. ඒ සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන EFL Global LLC (EFL USA) හරහා යි. පසුගිය පෙබරවාරි 24 දින සිදුකරන ලද මෙම ගනුදෙනුවට අනුව Trans American Customhouse brokers LLC…
පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ සහ අපනයනවලින් සියයට 30 කට වඩා ගනුදෙනු කරන රටේ ප්‍රමුඛතම ජාතික බැංකු තුනකට හරස් මුදල් හුවමාරු පහසුකමක් (cross-currency swap facility) ලබා දෙයි. එය රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාවයට දායක වෙමින් තීරණාත්මක මූල්‍යකරණය සමඟ පුද්ගලික අංශයට සහාය වනු ඇත….
වැඩි වශයෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩි බලතල සහිත ආයතනයක් බවට පත් කරන්නේ යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. කලාපයේ අනෙක් රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාව තුල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වැඩි වෙහෙසක් දැරිය යුතුය. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ආරම්භ…
මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) 2023 පෙබරවාරි 15 සිට බලපැවැත්වෙන පරිදි 66% ක විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලබා දුන්නේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇඟලූම් කර්මාන්තයේ පිරිවැය ඉතා අධික ලෙස ඉහළ ගිය අතර එමඟින් මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ඇඟලූම් කර්මාන්තයේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක අපනයන ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා වන කර්මාන්තයේ අඛණ්ඩ මෙහෙයුම්වලට දැඩි…
ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලොවපුරා සුවහසක් ජනතාව ගෞරවාදරයෙන් වැළඳගත් “සන්ක්වික්” ස්වභාවික පළතුරු යුෂ නිෂ්පාදනයන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කොට බෙදාහරිනු ලබන සන්ක්වික් ලංකා පුද්ගලික සමාගම, Sunquick BiBi ready-to-drink (RTD) පානය නිෂ්පාදනය කිරීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුක්ත නව කර්මාන්තශාලාවක් 2023 පෙබරවාරි මස 23 වැනිදා හොරණදී නිල වශයෙන් විවෘත කරනු ලැබීය. ශ්‍රී ලාංකීය වෙළෙඳපොල තුළ ශක්තිමත්…
ඉඩම් තක්සේරු දර්ශකය – 2022 වසරේ දෙවන භාගය කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය සියයට 14.8ක වාර්ෂික වර්ධනයක් සමඟ 2022 වසරේ දෙවන භාගයේ දී දර්ශකාංක 205.2 දක්වා ඉහළ ගියේය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම ඉහළ යාම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකය සියයට 15.7ක ඉහළම…
අක්වෙරළ ආර්ථික නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගන්නා ලෙසත්, වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ නීතිඥවරුන්ට යෝජනා කළේය. අක්වෙරළ ආර්ථික නීතියක් සහිත මූල්‍ය මධ්‍යස්ථානය ලෙස නව වරාය නගරය සංවර්ධනය කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය (25) දා පස්වරුවේ…
ව්‍යාපාරික ගැටලු සොයා බලමින් ජනපති හික්කඩුව නගරයේ සංචාරයක වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (23) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමිනි. සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ…
Video Story