විදේශීය ශ්රම වෙළඳපොළ වෙත ගුණාත්මක ශ්රමිකයින් ලබාදීම අරමුණුකොටගෙන ශ්රමිකයින් පුහුණු කිරීමේ ඒකාබද්ධ සැලැස්මක් සකස්කිරීම පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ගුණාත්මක භාවයෙන් හා නිපුණතාවයකින් යුතු සංක්රමණික ශ්රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම සහ ඊට ආනුශංගික කරුණු සම්බන්ධයෙන් අන්තර් අමාත්යාංශ කමිටුව විසින් සකස් කරන ලද පුහුණු වැඩසටහන…
බ්රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්යාපෘතිය හේතුවෙන් කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්රීඩාව ආශ්රිතව මතුව ඇති ගැටළු සොයා බැලීමට කමිටුවක් බ්රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්රදේශය කේන්ද්ර කර ගනිමින් ක්රියාත්මක වන ලෝකප්රකට ක්රීඩාවක් වන වයිට් වොටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්රීඩාව ආශ්රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා…
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, වර්ෂයකදී සාමාන්යෙයන් බලපත්ර 17,000ක් පමණ නිකුත් කරනු ලබන අතර එම ක්රියාවලිය අවම තාක්ෂණ මැදිහත් වීමක් සහ ඉතා ඉහළ මානව මැදිහත් වීමක් මත සිදු කෙරේ. එම බලපත්ර නිකුත් කිරීමේ ක්රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා අවම මානව මැදිහත් වීමක් සහිතව ක්රියාත්මක කිරීම පිණිස තොරතුරු තාක්ෂණ ක්රමවේද හඳුන්වා දීමේ අවශ්යතාව පෙනී ගොස් තිබේ. ඒ…
ශ්රී ලංකා මහ බැංකුවේ 2023 අංක 01 දරන මුදල් ප්රතිපත්ති විවරණය හෙට (25) දින පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිතව ඇත. ප්රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේම පවත්වාගෙන යනවා ද, නැතිනම් වෙනසක් කරනවාද යන්න පිළිබඳ ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීරණය හෙවත් මුදල් ප්රතිපත්ති විවරණය එහිදී ප්රකාශයට පත් කිරීමට නියමිතය. මුදල් ප්රතිපත්තියට අයත් ප්රධාන සංරචකයන්…
කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් ගමන් සංතරණ ගාස්තු අය කිරීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සිදුකරන අතර එම ගාස්තු 1985 වර්ෂයෙන් පසු සංශෝධනය කර නොමැත. එබැවින් කොළඹ ගුවන් ගමන් සඳහා දැනට අය කරනු ලබන ගුවන් ගමන් සංතරණ ගාස්තු 2023.02.01 දින සිට ක්රියාත්මක…
ශ්රී ලංකාවේ විශාලතම වරාය වන කොළඹ වරාය, දකුණු ආසියානු කලාපයේ ප්රධාන කේන්ද්රීය වරාය ද වේ. කොළඹ වරාය සේවා සැපයුම් කේන්ද්රස්ථානයක් බවට පත් කිරීම ශ්රී ලංකා වරාය අධිකාරියේ ජාතික වරාය ප්රධාන සැලැස්මේ එක් මූලික ක්රමෝපායික අරමුණකි. කොළඹ දකුණු වරායට අයත් බැටන්බර්ග් ප්රදේශය සහ බ්ලූමැන්ඩල් ප්රදේශය යන සේවා සැපයුම් ප්රදේශ රාජ්ය – පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ දියුණු කළ…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 දෙසැම්බර් මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 59.2% ක් බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 2022 නොවැම්බර් මාසයේ දී මෙම අගය 65.0% ක් ලෙසින් වාර්තා වී තිබුණි. ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ දී පැවති 69.8% සිට 2022 දෙසැම්බර් මාසයේ දී 59.3% ක් දක්වා පහළ ගොස් තිබේ. මේ…
රාජ්ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා කියා සිටින්නේ ඒ අනුව රාජ්ය සේවක වැටපු ජනවාරි 25 වැනි දා නියමිත පරිදි ගෙවීමට හැකි බවයි. විධායක නිලධාරීන්ගේ වැටුප ද එදිනම හෝ දිනක ප්රමාදයක් සහිතව ලබා…
සිය බම්බලපිටිය ශාඛාවේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්ය ජාල ඔස්සේ වීඩියෝවක් සංසරණය වෙමින් පවතින බවත්, සිය කීර්තිනාමයට හානි සිදුකරමින් ඒ පිළිබඳව පැතිර යන කටකතා සම්බන්ධයෙන් සිය වටිනා ගනුදෙනුකාරභවතුන් වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන බවත් හවුස් ඔෆ් ෆැෂන්ස් දැනුම් දී සිටී. හවුස් ඔෆ් ෆැෂන්ස් විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
2023 වසරේ ජනවාරි 20 වන දින දක්වා කාලය තුළ දී ශ්රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.3කින් අතිප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව කියා සිටී. කෙසේවෙතත් අනෙකුත් විදේශ ව්යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට…
Video Story