සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා අද (23) සිට 27 තෙක් සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය. අමාත්යවරයා විදේශ කටයුතු අමාත්ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත අතර, එහිදී සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ…
ණය ප්රතිව්යූහගතකරණය සම්බන්ධයෙන් චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා මේ වන විට අවසාන අදියරට පැමිණ ඇති බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත චීනයේ සහතිකය ජාත්යන්තර මූල්ය අරමුදල වෙත ලැබෙන ඇති බවට බලාපොරොත්තු වන බවටත් නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ප්රියන්ත රත්නායක මහතා පවසයි. අද (20) පැවති මාධ්ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්ය භාණ්ඩාගාර…
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කෙරිණි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉන්දීය විදේශ අමාත්යවරයාව ඉතා…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 233.23 කින් ඉහළ ගොස් ඒකක 8,718.15 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 88.45කින් ඉහළ ගොස් ඒකක 2,724.22 ක් ලෙසින් වාර්තා විය. මෙය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 2.75%…
එක්සත් අරාබි එමීර් රාජ්යයේ (UAE) ෂෙයික් මොහොමඩ් බින් මක්ටූම් බින් ජුමා අල් මක්ටූම් ප්රමුඛ ආයෝජකයන් පිරිසක් 2023 ජනවාරි 14 දින කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වූහ. එහිදී වරාය නගර ව්යාපෘතියෙහි සෘජු විදේශ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් එම කණ්ඩායම සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ හා කොළඹ වරාය නගරයේ නියෝජිතයන් අතර සාකච්ඡා කිහිපයක්ද පැවැත්විණි. මෙහිදී කොළඹ…
අද (19) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 98.65 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 28.39 ක ඉහළ යාමක් වාර්තා කරනු ලැබීය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,484.92 ක් හා…
2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්යූහයන් සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්රසාදය පළ කර සිටී. මෙහිදී මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසන්නේ නව බදු තන්ත්රය විවිධ පැතිවලින් දැඩි හානියක් සිදුකරනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, භාණ්ඩාගාර ලේකම්…
එක්සත් ජාතීන්ගේ රියෝ+20 සමුළුවේදී පාර්ශ්වකාර රාජ්යයන්ගේ එකඟතාවයෙන් අන්තර් රාජ්ය සංවිධානයක් වශයෙන් 2012 වර්ෂයේදී ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute) ස්ථාපිත කරනු ලැබ ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත වර්ධන උපායමාර්ග ප්රවර්ධනය කිරීමට සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් හරිත වර්ධන සැලසුම් සකස් කිරීම හා ඒ සඳහා සහාය ලබා දීම එම ආයතනය පිහිටුවීමේ අරමුණ වේ. පුනර්ජනනීය බලශක්තිය,…
ඊයේ (18) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොලිය 31.15% සිට 30.08% ක් දක්වා පදනම් අංක 107කින්, දින 182 බිල්පත් පොලිය 31.37% සිට 29.07% ක් දක්වා පදනම් අංක 230 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.04% සිට 28.25% ක් දක්වා පදනම් අංක…
ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්රණ වැඩසටහනට’ රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ. එම කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට භාරදීම ෆොන්ටේරා සමාගමේ ප්රධාන විධායක නිලධාරී ජුඩිත් ස්වොල්ස් මහත්මිය විසින්…
Video Story