ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යලයේදී අද (12) පෙරවරුවේ පැවැත්විණි. ඉදිකිරීම් සේවාව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයක් වන විදුලි කේබල් අපනයනය කිරීමෙන් ආර්ථිකයට ලබාගත හැකි දායකත්වය ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වූ අතර, මෙම කර්මාන්තය අපනයන ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය කිරීමේදී…
සැප්තැම්බර් මාසයේ පළමු දින 10 තුළ දී 52,246ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,618,769ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. සැප්තැම්බර් මාසයේ පළමු දින…
TikTok, ශ්‍රී ලංකා රජය සමඟ සහායෙන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය අන්තර්ගතයන් ඇතුලත් STEM Feed දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රජය සහ ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ ඩිජිටල්කරණය ප්‍රමුඛ කොටගත් අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම නවතම අන්තර්ගතය මෙරට TikTok පරිශීලකයින්ට නවමු අත්දැකීමක් එක් කරනු නිසැකය. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා…
ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ විශාලතම පෞද්ගලික බැංකු අතරින් එකක් වන Axis Bank සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. Axis Bank යනු මිලියන 15 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සිටින දැවැන්ත බැංකුවකි. මෙම හවුල්කාරීත්වය යටතේ Axis Bank හි ගනුදෙනුකරුවන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් විශේෂ ගුවන් ගමන් ගාස්තු සහ වෙනත් දීමනා හිමි වේ. ඉන්දියාව යනු ශ්‍රීලංකන් ගුවන්…
මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවත්, එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව…
• අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26 • අයවැය කථාව නොවැම්බර් 7 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් ඊයේ (11) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය…
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු පිරිසක් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත පැන වූ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිත කණ්ඩායම ඇගයීමට ලක් කළ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීහු රටක් ලෙස…
2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ඒ අනුව 2024 වර්ෂයේ මුල් මාස හයේ මුළු ආදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය සඳහා ශ්‍රී ලංකා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (11) පැවැත්විණි. වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ ගමන්මඟ මෙන්ම, ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කර ගන්නා ආකාරය සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,…
දිළිඳු පුද්ගලයන්ට අසමානුපාතික හා අහිතකර ලෙස බලපාන ප්‍රතිගාමී බදු ක්‍රමයක් 2024 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 12.3%කින් බදු ආදායම ඉහළ ගොස් ඇති නමුත්, මෙලෙස ඉහළ ගිය බදු ආදායමෙන් 75%ක් ම උපයා ඇත්තේ වක්‍ර බදුවලින් බවත් ලෝක බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව පෙන්වා දෙන්නේ මෙය දිළිඳු පුද්ගලයන්ට අසමානුපාතික හා අහිතකර ලෙස බලපාන ප්‍රතිගාමී බදු…
Video Story