පසුගිය දින කිහිපය තුළ ගෝලීය රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා වුවද මේ වන විට එහි පසුබැස්මක් වාර්තා වන අතර අද (22) පෙරවරුව වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,109.19ක් දක්වා 0.4%කින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව මෙරට රන් මිල ද ඊයේ දිනයට සාපේක්ෂව රු. 20,000 කින් තව…
බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන විස්කම් ප්‍රභා – 2025 ප්‍රදර්ශනය හා වෙළඳපොළ, බස්නාහිර පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ බිම් මහලේදී ඊයේ (21) ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමත්, දිළිඳුකම තුරන් කිරීමත්, කාන්තාවන් සවිබලගැන්වීමත් මෙහි අරමුණයි. බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 සැප්තැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 අගෝස්තු මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 1.5% ක් ලෙසිනි. අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය…
අද (21) පස්වරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 342,200ක් දක්වාත් කැරට් 24 රන් පවුමක මිල රු. 370,00ක් දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව රුපියල් 20,000ක පමණ මිලකින් අද දිනය තුළ මෙරට රන් මිල අඩු වී ඇත. පසුගිය කාල සීමාව තුළ වෙළෙඳපොළ තුළ රත්‍රං මිල…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි නායකත්වය, තිරසර වර්ධනය සහ ස්ථාවරත්වය යළිත් තහවුරු කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම (SLICGL), 2025 වසරේ සැප්තැම්බර් මස 30 වන දායින් අවසන් වූ පසුගිය මාස නවය සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල වාර්තාව ප්‍රකාශයට පත් කළේය. වැඩිදියුණු වූ…
2025 මුල් භාගය අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සිදුකර ඇති සමස්ත ආයෝජනයන්ගෙන් රු. බිලියන 73.97 ක උපලබ්ධි නොවූ ලාභයක් වාර්තා කර ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන වටිනාකම මෙන් 86.13%ක ලාභයක් වේ. සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් 64ක රු. බිලියන 85.88ක ආයෝජනයක් කර ඇති…
GovPay හරහා මාස 9ක කාල සීමාවක් තුළ රුපියල් මිලියන 400කට ආසන්න ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණයක් සිදු වී ඇති බව ඩිජිටල් කාර්ය සාධක බලකාය (ප්‍රවාහන, මාහාමාර්ග හා නාගරික සංවර්ධන අධිකාරිය) සභාපති හර්ෂ පුරසිංහ මහතා පවසයි. අද (21) දින විකාශය වූ දෙරණ “BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේ ය. ඔහු එහි දී වැඩි දුරටත්…
බිඳවැටීමට ලක්ව තිබූ ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අක්‍රීය වූ සියලුම රජයේ මාර්ගගත සේවාවන් අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට භාවිතා කළ හැකි බවය. ‘ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්’ සේවාවේ ඇති වු අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ආයොජනයන් සඳහා ලබා ගන්නා ලද විදේශ වාණිජ ණය ඇතුලුව ඇ.ඩො.මිලියන 827 දක්වා ලඟා වූ අතර එය 2024 අනුරූප කාලපරිච්ඡේදය හා සසඳන විට කැපී පෙනෙන සියයට 138 ක වැඩිවීමක් සනිටුහන් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස, 2025 වසරේ ඔක්තෝබර් මස 13 සිට 18වන දින දක්වා වොෂින්ටන් ඩී.සී.හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් අතරතුර දී, ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සක්‍රීයව සම්බන්ධ විය. එම සාකච්ඡාවල දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
Video Story