තොරතුරු කළමනාකරණ ක්‍රියාවලියේ අනුකූලත්වය සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, බලපත්‍රලාභී බැංකු විසින් සිය තැන්පත්කරුවන්ගේ අනන්‍ය හඳුනාගැනීමේ අංක (Unique Identification Numbers – UINs) අදාළ බැංකු පද්ධතිවල සටහන් කිරීම අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිවේදනයක් පසුගිය (29) දා මහ බැංකුව විසින් සියලු වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත…
2022 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අතුරු අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අයවැය සංශෝධිත පනත් කෙටුම්පත මගින් 2022 වසර සදහා රුපියල් බිලියන 4,672ක් දක්වා වියදමේ 20%ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළහොත් අයවැය හිඟය එමගින් තවත් පුළුල් වෙනු ඇතිබව PublicFinance.lk වෙබ් අඩවිය පෙන්වා දේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2022 අනුමත අයවැය හිඟය සාක්ෂාත් කරගැනීමට…
අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතුයි. ආනයනය සීමා කොට ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදීගැනීම සිදු කළ යුතුයි. 14/15 % මට්ටමකට රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. ආර්ථික අර්බුදය නිසා ඇතිවන අපහසුතාව අඩු ආදායම් ලබන පාර්ශ්වවලට පමණක් නොව වැඩි ආදායම් ලබන පාර්ශ්ව අතරද බෙදා හැරීම කළ යුතුයි….
මෙම වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 8.7% කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් 2022 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 01 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන ආර්ථික ගැලපුම් වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. දූත…
ඊයේ (31) නිකුත් කර ඇති 2295/08 දරන අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි එකතු කළ අගය මත වන බදු අනුප්‍රමාණය 15% ක් දක්වා ඉහළ නංවා තිබේ. මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත් ෆිස්කල් ගැලපීම් සිදුකිරීමට නම් බදු ආදායම ඉහළ නංවා ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරො නොසාකි මහතා පවසයි. මේ අතර මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ දී ධනය මත පදනම් වන බද්ද (Wealth Tax) ගැන සාකච්ඡාවට ගැනුණු බව…
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව මාස 48ක් වැඩපිළිවෙලක් යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව එම නිවේදනය වැඩිදුරටත් දැක්වේ.
අද (31) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 205.92 (2.32%) කින් ඉහළ ගොස් ඒකක 9,071.32 ලෙසින් වාර්තා විය. සියලු කොටස් මිල දර්ශයේ ඉහළ යාම සඳහා සමාගම් 146 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර එයිට්කන් ස්පෙන්ස්, මෙල්ස්ටාකෝප්, හේලීස්, ලංකා IOC, LOLC හෝල්ඩිංග්ස් යන…
සිය වටිනාකම් දාමය තුළ වගකීම් සහගත ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට කැපවන Noyon Lanka (Pvt) Ltd (Noyon) විසින් කෘත‍්‍රිම ලේස් සඳහා 100% ස්වභාවික වර්ණකයක් වන Planetones හඳුන්වා දී ඇත. ස්භාවික වර්ණකයක් ක්‍දබඑරදක ඹබසදබ විසින් සහතික කළ පළමු අවස්ථාව මෙයයි. ප‍්‍රමුඛ යුරෝපීය විලාසිතා සන්නාම දෙකක් සඳහා දැනටමත් විකුණා ඇති භදහදබ හි Planetones ස්වභාවික වර්ණකය, වර්ණක වල…
ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින්, මෙරට තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සිය ප්‍රාග්ධනය යෙදවීමට අරමුණු කරන පෞද්ගලික අංශය වෙත අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ‘තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජක සිතියම’ පසුගිය දා එළිදැක්වීය. රජයේ ප්‍රතිපත්ති හා වෙළෙඳපොළ අවස්ථා සමබර ලෙස කළමනාකරණය කරමින්, රට තුළ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමේ දී මෙම…
Video Story