රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා නිතරඟයෙන් අද (05) තේරීපත් විය. පාර්ලිමේන්තු මන්ත්රී එස්. බී. දිසානායක මහතා විසින් ඒ මහතාගේ නම කාරක සභාවේ සභාපතිවරයා ලෙස යෝජනා කරන ලද අතර එය ස්ථිර කළේ පාර්ලිමේන්තු මන්ත්රී නිරෝශන් පෙරේරා මහතා විසිනි. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා සඳහන් කළේ මෙම…
අඛණ්ඩව දින 4 ක් පුරාවට පහළ බසිමින් තිබුණු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (05) දිනයේ දී ධනාත්මක ප්රවණතාවක් පෙන්වන ලදී. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 81.96 කින් ඉහළ ගොස් ඒකක 9,319.01 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 12.47 කින් ඉහළ ගොස් ඒකක 2,887.67 ක් ලෙසත් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි. රු….
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය දෙපාර්තමේන්තුව විසින් අද (05) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. මිලියන 85,000 ක බිල්පත් ප්රමාණයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොලිය පසුගිය සතියේ වාර්තා වූ 31.94% සිට මෙම සතියේ වෙන්දේසියේ දී 32.34% ක් දක්වා වැඩි වී ඇති අතර එම කාණ්ඩය යටතේ රු. මිලියන 76,421…
ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලියක් ලබා දෙමින් හඳුන්වා දී තිබූ ස්ථාවර තැන්පත් ගිණුම් ක්රමය අහෝසි කිරීමට තීරණය වී තිබේ. මෙම යෝජනා ක්රමය වහාම ක්රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර ඇත. මේ අනුව 2022 ඔක්තෝබර් 01 දින සිට විශේෂ පොලියක් ලබා දෙන ජ්යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීම හෝ අලුත් කිරීම…
ක්රිකට් ක්රීඩාවේ ජනප්රිය තරුවක් මෙන්ම මානව හිතවාදියෙකු ලෙස විශාල කීර්තියක් දිනා සිටින රොෂාන් මහානාම මහතා පසුගියදා රොෂාන් මහානාම භාරය නිල වශයෙන් දියත් කළේ ය. රටේ අඩු වරප්රසාදලාභී දරුවන්ගේ යහපත උදාකර දීම සඳහා විවිධ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කළ හැකි වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වී ඇත. පුණ්ය භාරයක් ලෙස ශ්රී ලංකා රජයේ ලියාපදිංචි කර ඇති…
නීති විරෝධී ලෙස ආනයනය කළ හමර් රථයක් ආනයනකරුට ම වෙන්දේසි කිරීම ගැන සතියක් ඇතුළත වාර්තාවක් කැඳවයි – මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත…
මීට පෙර කොළඹ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල තායි තානාපති කාර්යාලය විසින්ම “සියම් නිවාස” නමින් බහුකාර්ය සංස්කෘතික මධ්යස්ථානයක් බවට පත්කර ඇත. සියම් නිවාස – හෝ තායි භාෂාවෙන් ‘සියම් නිවාස්‘ යන්නෙන් අදහස් වන්නේ තායි ජනයාගේ නිවහනයි: නිවාස් යනු සංස්කෘත-මුල් වචනයේ තේරුම ගෙදර, නිවස, ගෘහය යන්නයි. සියම් යනු තායි හෝ තායිලන්තය සඳහා පැරණි නමයි. මෙම…
ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට ශ්රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීරණ අනුව සංශෝධන සහිතව විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ සඳහා අනුමතිය හිමි වූයේ විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (ඔක්. 04) පාර්ලිමේන්තුවේදී රැස් වූ…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්රී ලංකාවේ පොල් ආශ්රිත නිෂ්පාදන අංශයේ අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2022 ඔක්තෝම්බර් 12 වන දින පෙරවරු 9.30 සිට 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්යාපාරවල නියුතු ව්යවසායකයින්, නව ව්යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ….
බංග්ලාදේශයේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්රී ලන්කන් ගුවන් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 – 30 යන දිනවල සහ ඔක්තෝබර් 01 යන දින ඩකා හි බෂුන්දරා හි පිහිටි ජාත්යන්තර සම්මේලන නගරයේ පැවති 9 වැනි ආසියානු සංචාරක ප්රදර්ශනයට (ATF) සහභාගී විය. බංග්ලාදේශයේ සිවිල් ගුවන් සේවා සහ සංචාරක අමාත්යංශයේ මාර්ගෝපදේශ යටතේ බංග්ලාදේශ පර්ජාටන් සංස්ථාව (BPC), බංග්ලාදේශ සංචාරක මණ්ඩලය (BTB) සහ සංචාරක සඟරාවක් වන Parjatan Bichitra හි ඒකාබද්ධ සහයෝගීතාවයෙන් මෙම ප්රදර්ශනය සංවිධානය කරන ලදී….
Video Story