යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චය කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය වූ දුරකථන යෙදවුමක් ලෝ ප්රකට ෆයිසර් සමාගම විසින් ඩොලර් මිලියන 180ක මුදලකට මිල දී ගෙන ඇති බව වාර්තා වේ. මෙහි ශ්රී ලංකාවට ඇති වැදගත්කම නම්, ඕස්ට්රේලියාවේ University of Queensland (UQ) හි මහාචාර්ය උදන්ත අබේරත්න මහතා ප්රධානත්වය දරනු ලැබූ පර්යේෂණ කණ්ඩායමක්…
රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් කඩිනමින් අරඹන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ඇත. මිල්කෝ පුද්ගලික සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ප්රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් අමාත්යවරයා මේ…
ලොව ජනප්රිය සඟරාවක් වන Condé Nast Traveller විසින් පවත්වනු ලැබූ 2022 පාඨක මත විමසුමකට අනුව ලෝකයේ වඩාත් මිත්රශීලී රටවල් 10 (Top 10 friendliest countries) ප්රකාශයට පත් කර තිබේ. මෙහි අපට ඇති විශේෂත්වය නම් එම ලැයිස්තුවේ 09 වැනි ස්ථානයට ශ්රී ලංකාව නම් කර තිබීමයි. එහි ශ්රී ලංකාව සම්බන්ධයෙන් තබා ඇත්තේ මෙවන් සටහනකි. From children to the…
පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 29,802 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙහි ඇති විශේෂත්වය නම් 2022 වර්ෂයේ තනි මාසයක් තුළ පැමිණ ඇති අඩුම සංචාරක සංඛ්යාව ලෙසින් මෙය සටහන් වීමයි. මීට පෙර මෙම වසර තුළ අඩුම මෙරට සංචාරක පැමිණීමේ පහළම අගය වාර්තා වී තිබුණේ…
ශ්රී ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් අධිකරණ අමාත්යංශය සමඟ එක්ව ශ්රී ලංකාවේ සමථකරණ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ″ගිනි සිසිල රැ නීරුම් නෙරුප්පුම්‶ ජාතික මාධ්ය ප්රචාරණ ව්යාපාරය සැප්තැම්බර් 27 වෙනි දින කොළඹ දී දියත් කරන ලදි. බ්රිතාන්ය කවුන්සිලයේ එළිමහන් තණතිල්ලේදී පැවති මෙම එළිදැක්වීමේ උත්සවය සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුවිය. අධිකරණ අමාත්ය ආචාර්ය විජයදාස…
කැලණිය විශ්වවිද්යාලය සහ ධම්මික හා ප්රිසිලා පෙරේරා පදනම එක්ව ශ්රී ලංකාවේ දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා ව්යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳව මාර්ගගත ව්යාපෘතියක් නොමිලේ දියත් කෙරේ කැලණිය විශ්වවිද්යාලය (UoK) සහ ධම්මික හා ප්රිසිලා පෙරේරා පදනම (DP Foundation) එක්වීමෙන් පසුගිය 2022 ඔක්තෝම්බර් 4 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එම අවබෝධතා ගිවිසුමෙහි පරමාර්ථය…
එළඹෙන ඔක්තෝබර් 10 වැනි සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්රකාශයට පත් කර තිබේ. ශ්රී ලංකා මහ බැංකුවේ 2022 වසර සඳහා බැංකු නිවාඩු දිනයන් දැක්වෙන සටහනේ ඒ බව සඳහන් වේ. නබි නායකතුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09 වැනි ඉරිදා දිනයට යෙදී තිබීම ඊට හේතුවයි. එය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයකි. ඒ හේතුවෙන් ඔක්තෝබර් 10 සඳුදා දිනය…
මද්යසාර සහ දුම්වැටි මත බදු පැනවීමේ රජයේ අරමුණ වන්නේ භාවිතය අවම කිරීම මිස බදු ආදායම ඉහළ නංවා ගැනීම නොවන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ සුරා බද්ද යනු, මග පෙන්වීම සඳහා යොදා ගන්නා බද්දක් මිස හුදු රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් පැනවූවක් නොවන බවයි. සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීමේ අරමුණෙන්…
අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සියයට 2.6කින් ඉහළ ගිය අතර, මේ සඳහා ප්රධාන වශයෙන් ඉන්ධන, රෙදිපිළි හා රෙදිපිළි උපාංග (ප්රධාන වශයෙන් රෙදි වර්ග) සහ පොහොර (ප්රධාන වශයෙන් යූරියා) හේතු විය. තවත 2022 අගොස්තු මාසයේ දී රසායනික නිෂ්පාදිත, දියමන්ති, අගනා ගල් වර්ග හා ලෝහ වර්ග (මූලික වශයෙන්,…
නව්ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් හතක් සඳහා අනුග්රාහකත්වය ලබාදීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සංවිධානය කළ ‘Spiralation Demo Day’ හිදී හැකිවි තිබේ. මෙය තුන්වන Demo Day වැඩසටහනයි. නව්ය තාක්ෂණික නිමැවුම් (Startup ecosystems) සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් 2010 සිට මෙම Spiralation වැඩසටහන ක්රියාත්මක කෙරේ. මෙමගින් නව්ය ව්යවසායකයින් (Startup) දැනුවත් කිරීම්, නව ව්යවසායකයන් හඳුනාගැනීම්, වෙළඳපල අවස්ථා උදාකරදීම්, ආරම්භක අවස්ථාවන්…
Video Story