ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා පත් කර ඇත. ජනාධිපතිවරයා දිවයිනේ බැහැර වීමට ප්‍රථම ඔහු වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරිම සිදු කර ඇත. 2022.09.17 දින සිට ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම බලාත්මක වේ.
එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23කට අධික) ආධාර ලබා දෙන බව USAID පරිපාලක සමන්තා පවර්ගේ මෑත සංචාරය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අද (16) ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රිෙයල්…
ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි, මේ වන විට ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව දෙවැනි ස්ථානයට පත්ව සිටී. එම ලැයිස්තුවේ දෙවැනි තැන සිටි Amazon නිර්මාතෘ Jeff Bezos මේ වන විට සිව්වැනි තැනට පත්ව ඇති අතර LVMH ප්‍රධාන විධායක නිලධාරී Bernard Arnault තෙවැනි තැනට පත්ව සිටී. මොවුන් අභිබවමින් ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ Adani සමූහයට අයත් කොටස්වල සීඝ්‍ර…
ඇමරිකා එක්සත් ජනපදයෙහි සහ ලොව වටා ගමනාන්ත සිය ගණනකට පහසු ගුවන් සම්බන්ධතා ලබා දෙමින් තම ජාත්‍යන්තර ජාලයන් ව්‍යාප්ත කරන ඓතිහාසික නව ගිවිසුමකට එමිරේට්ස් ගුවන් සමාගම සහ යුනයිටඞ් එයාර්ලයින්ස් සමාගම එළඹ ඇත. මෙම ගිවිසුම යටතේ නොවැම්බර් මාසයේ සිට ඇමරිකාවේ විශාලතම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන තුනක් වන චිකාගෝ, සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ හුස්ටන් නගරවලට පියාසර කරන එමිරේට්ස් ගුවන් මගීන්ට තනි…
කොළඹ 01 පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් බිඳවැටීමක් හේතුවෙන්, එම අංශයේ සත්‍යාපන සහ සහතික කිරීමේ ඒකකවල සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලදී. එම පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර, සත්‍යාපනය සහ සහතික කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ වූ පසුව මහජනතාවට…
ශ්රී ලංකාවේ වී ගොවීන් අතරින් ප‍්‍රතිලාභීන් තෝරා ගැනීම සහ පොහොර බෙදා දීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින නියෝජිත, විම්ලේන්ද්‍ර ෂාරන් මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, රෝහණ පුෂ්පකුමාර මහතා විසින් අද දින ගරු කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීම මැතිතුමා ඉදිරිපිට දී අත්සන් තබන ලදී. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහභාගීත්වයෙන් ශ‍්‍රී ලංකාවේ…
2022 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, 2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගය සියයට 8.4ක පසුබැසීමක් ලෙස වාර්තා වී ඇති බවයි. ඒ අනුව, 2021 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,038,855 ක්…
පසුගිය වසර පහ තුළ (2017-2021) චීනය ශ්‍රී ලංකාවට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා විය. 2021 දී, චීනය ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 947 ක් වන අතර එයින් ඩොලර් මිලියන 809 ක් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගන්නා ලද වෙළෙඳපොළ ණය ගැනීම් වේ. ආසියානු සංවර්ධන බැංකුව (ADB) පසුගිය වසර 5 තුළ විශාලතම බහුපාර්ශ්වික ණය දෙන්නා…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනයේ දී ඒකක දසදහසේ සීමාව අභිබවා යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,072.38 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 158.26 ක හෙවත් 1.60% ක ඉහළ යාමක් වේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2021…
කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව තරඟකරුවන්ට ක්‍රියාත්මක වීම බලපත්‍ර ලබාදීම අරමුණු කරගනිමින් රජය විසින් නව නීති ගැසට් කර තිබේ. දැනට ශ්‍රී ලංකාව තුළ කැසිනෝ කර්මාන්තයේ නිරත වීම සඳහා බලපත්‍ර ඇත්තේ දෙදෙනෙකුට පමණි. 2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය…
Video Story