Top News

  • Ada Derana BIZ Sinhala
  • Parliament
  • Solar panels
  • sri lanka

ආගමික ස්ථානවලට සූර්ය පැනල

ආගමික ස්ථානවල විදුලි බිල කළමනාකරණය කිරීම සඳහා සූර්ය පැනල සවි කිරීමට කටයුතු කරන ලෙස තමන් රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (20) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. තව ද අමාත්‍යවරයා පවසා සිටියේ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක සූර්ය පැනල සවිකිරීම ආරම්භ කර තිබෙන බවත්,…

(0)Comments | September 20, 2022 11:40 am
  • Ada Derana BIZ Sinhala
  • Consular Affairs Division
  • sri lanka

කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ඇරඹෙයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීම විසඳා ඇති අතර, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව අද (2022 සැප්තැම්බර් 20) දින සිට නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි. කොන්සියුලර් අංශයේ අනෙකුත් සියලුම සේවාවන් ද…

(0)Comments | September 20, 2022 11:37 am

AIA ඉන්ෂුවරන්ස් ලංකා නව සභාපති ටැන් හක් ලේ – CEO චතුරි මුනවීර අධ්‍යක්ෂක මණ්ඩලයට

  • Ada Derana BIZ Sinhala
  • AIA Sri Lanka
  • appointed
  • Chairman
  • Chathuri Munaweera
  • sri lanka
  • Tan Hak Leh

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, එහි නව සභාපති ලෙස, ටැන් හක් ලේ මහතා සිය අධ්‍යක්ෂක මණ්ඩලයට 2022 ජූලි මස සිට පත්කර ඇතිබව ප්‍රකාශ කර සිටියි. ඒ මහතා AIA සමූහය වෙනුවෙන් තායිලන්තය, සිංගප්පූරුව, බෲනායි, මලයාසියාව, කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය සහ දැන් ශ්‍රී ලංකාව යන රටවල් වල පවත්වාගෙන යන ව්‍යාපාර මෙහෙයුම් සඳහා වගකීම් දරන කලාපීය ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන්…

(0)Comments | September 20, 2022 9:31 am

2022 මුල් මාස 06 දී රජයේ ආදායම රු. බිලියන 919 යි. වියදම රු. බිලියන 1,800 ඉක්මවයි

  • Ada Derana BIZ Sinhala
  • Government revenue
  • sri lanka

2022 වසරේ මුල් මාස 06 තුළ දී රජයේ ආදායම රු. බිලියන 919.5 ක බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය 2021 වසරේ මුල් මාස 06 හි රජයේ ආදායම් අගය වූ රු. බිලියන 715.3 හා සැසඳීමේ දී 28.54% ක වර්ධනයකි. මෙම වකවානුව තුළ දී රජයේ බදු ආදායම රු. බිලියන 641.2 සිට රු. බිලියන…

(0)Comments | September 19, 2022 4:44 pm

මාස 08 ක සංචාරක ආදායම ඩොලර් මිලියන 900ට ආසන්න වෙයි

  • 08 months
  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • tourism income

2022 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08 ක කාලපරිච්ඡේදය තුළ දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම ඩොලර් මිලියන  892.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී. මෙහි රුපියල් වටිනාකම රු. බිලියන 246 ක් වේ. 2022 අගෝස්තු මාසය තුළ දී සංචාරක ඉපැයීම් ප්‍රමාණය සටහන් වන්නේ ඩොලර් මිලියන 67.9 ක් ලෙසයි. 2022…

(0)Comments | September 19, 2022 2:39 pm

මූල්‍ය කටයුතු අධීක්ෂණය සඳහා නව අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවට

  • Ada Derana BIZ Sinhala
  • budget office
  • Parliament
  • sri lanka

ආදායම වියදම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නිවැරදී තොරතුරු ඍජු ලෙස ලබා ගනිමින් එම මූල්‍ය කටයුතු අධීක්ෂණය සදහා වෙනම අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පසුගිය (15) දා පැවසීය. සැප්තැම්බර් 15 වැනිදාට යෙදුණු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පුවත්පත්…

(0)Comments | September 19, 2022 10:16 am

ශ්‍රී ලංකාවේ පීඩාවට පත් දරුවන් ලක්ෂයක් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලබාගැනීමට ‘Light a Future’ දියත් කෙරේ

  • Ada Derana BIZ Sinhala
  • Light a Future
  • Save the Children
  • sri lanka

දින 90 ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් එක්රැස් කිරීමේ වෑයමක් අද දවසේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබේ. එම නිසා ඔවුන්ට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත. ‘Save the Children’ ආයතනය මගින් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ…

(0)Comments | September 19, 2022 9:33 am

ලංකා IOC නව ව්‍යාපාරයක් අරඹයි

  • Ada Derana BIZ Sinhala
  • Lanka IOC
  • sri lanka

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී, සිය නවතම ව්‍යාපාරය වන ත්‍රිකුණාමලයේ පිහිටි ග්‍රීස් නිෂ්පාදනාගාරයේ (Grease Plant) මෙහෙයුම් කටයතු පසුගිය සතියේ දී ආරම්භ කර ඇත. මේ සමඟම සමාගමේ ත්‍රිකුණාමල පර්යන්තයේ දැනට පවතින ලිහිසිතෙල් මිශ්‍රණාගාරයේ (Lube Blending) කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC…

(0)Comments | September 19, 2022 9:01 am

Subway අවන්හල් ජාලය Softlogic යටතට

  • Ada Derana BIZ Sinhala
  • Softlogic
  • sri lanka
  • Subway

මෙරට ක්‍රියාක්මක ජාත්‍යන්තර අවහන් ජාලයක් වන Subway හි මෙහෙයුම් නියෝජිත හිමිකාරීත්වය (franchise) සිය පාලිත සමාගමක් වන Softlogic Restaurants Ltd යටතට පවරා ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් නිවේදනය කර සිටී. ඒ අනුව මීට පෙර Subway Development Ltd විසින් සිදුකරන ලද Subway හි මෙරට මෙහෙයුම් කටයුතු Softlogic Restaurants Ltd යටතට පැවරෙනු…

(0)Comments | September 19, 2022 8:35 am

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ණය හිමියන් අමතයි

  • Ada Derana BIZ Sinhala
  • international creditors
  • sri lanka
lead-story-image

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසා ගෙන ඇති ණය සහන පැකේජය සහ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකාව විසින් එළඹෙන සිකුරාදා (23) සිය ජාත්‍යන්තර ණය හිමියන් දැනුවත් කිරීමට නියමිතය. ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව විසින් තෝරාගන්නා ලද මූල්‍ය නීති උපදේශක ආයතනයක් වන Clifford Chance සමාගම හරහා මෙරට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින්…

(0)Comments | September 19, 2022 6:48 am