Top News

දුම්කොළ සමාගමේ පිරිවැටුම 44%කින් වැඩි වෙද්දී ආණ්ඩුවට රු. බි. 35ක බදු ආදායමක්

2021 වසරට සා‍පේක්ෂව 2022 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මෙම වසරේ දෙවන කාර්තුවෙහි ලංකා දුම්කොළ සමාගමෙහි පිරිවැටුම 41% කින් වර්ධනය වී ඇති අතර සමාගම විසින් රජයට ලබා දී ඇති ආදායම 44% කින් වැඩි වී ඇත. 2022 වසරේ දෙවන කාර්තුවට අදාලව ලංකා දුම්කොළ සමාගමේ බදු පෙර ලාභය රු. බිලියන 6.4 ක් ලෙස දැක්වුණ අතර එම…

(0)Comments | August 15, 2022 5:21 pm

අඛණ්ඩව 12 වෙනි දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

අද (15) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.04 (1.82%) කින්  ඉහළ ගොස් ඒකක 9,191.52 ලෙසින් වාර්තා විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශකයෙහි වර්ධනයක් පෙන්නුම් කළේ වාර්තාගත 12වන දිනයට වීම විශේෂත්වයකි.  මේ අතර අද දිනයේ දී රු. බිලියන 5.82 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී වැඩිම දායකත්වයක් ලංකා…

(0)Comments | August 15, 2022 2:42 pm

ආර්ථිකය ගොඩ ගැනීමට හර්ෂ ඉදිරිපත් කළ අවම පොදු වැඩපිළිවෙල මෙන්න

ප්‍රතිසංස්කරණ කළ යුතු අංශ 10 ක් ගැන කතා කරයි  පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍ය කාලීනව රට ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සම්පාදනය කළ “ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම“ යන ආර්ථික වැඩපිළිවෙල පසුගියදා ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊයේ (14) උදෑසන ඒ සම්බන්ධයෙන්…

(0)Comments | August 15, 2022 12:05 pm

කාණ්ඩ කිහිපයක ටොයෝටා වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්

ටොයෝටා Corolla 121, 141 සහ Yaris වාහන මාදිලි හිමිකරුවන් වෙත, ටොයෝටා සමාගමේ මෙරට බලයලත් නියෝජිත ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ. මගීන්ගේ ආරක්ෂාව සහතික කරමින් ටොයෝටා Corolla සහ Yaris වර්ගයේ මෝටර් රථවල ඉදිරිපස මගී වා මලුව (Front passenger air bag) නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධ වැඩසටහනක් සමාගම විසින් ආරම්භ කර ඇති අතර…

(0)Comments | August 15, 2022 11:22 am

සොෆ්ට්ලොජික් ලයිෆ් ශ‍්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වෙයි

වසර 5ක කෙටි කලක් තුළ 5 වැනි ස්ථානයෙන් 2 වැනි ස්ථානයට රට තුළ වූ  අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ සියලූ බාධක ජයගනිමින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වනල සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 පළමු අර්ධයේදී විශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කරමින් මෙරට දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ බව නිවේදනය කළේය. මෙවැනි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන්…

(0)Comments | August 15, 2022 8:34 am

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපනය කරයි

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanaka

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සිය සබඳතාව පුළුල් කිරීමේ අරමුණින් මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කරන ලදී. පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් දරනු ලබන අතර පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික…

(0)Comments | August 13, 2022 10:39 am

රු.15 තැපැල් ගාස්තුව රු.50ක් දක්වා ඉහළට. සියලු ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

තැපැල් කාර්යාල ආඥා පනත යටතේ නවතම තැපැල් ගාස්තු දැක්වෙන අති විශේෂ ගැසට් පත්‍රය ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇත. ඊට අනුව මෙතෙක් රු. 15 ක්ව පැවති අවම තැපැල් ගාස්තුව රු. 50 ක් දක්වා වැඩිවනු ඇත. මෙලෙස තැපැල් ගාස්තු සංශෝධනයක් සිදුව ඇත්තේ 2018 වසරෙන් පසුවයි. අදාළ සියලු ගාස්තු සංශෝධනය වන ආකාරය…

(0)Comments | August 12, 2022 4:46 pm

අද කොටස් වෙළෙඳපොළෙන් ත්‍රිත්ව ශතකයක්. සියලු කොටස් ඒකක 9,000 පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව 11 වෙනි දිනයටත් ඉහළ යමින් අද (12) දිනය තුළ ඒකක 321.31 (3.69%) ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,027.48 ක් ලෙසින් වාර්තා වූ අතර එය 2022 මාර්තු 31 දිනෙන් පසු ඒකක 9,000 සීමාව ඉක්මවා ගිය…

(0)Comments | August 12, 2022 2:20 pm

මහ බැංකුවට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාවක් දිය යුතුයි – ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවන වැඩ පිළිවෙලෙහි එක් පියවරක් වශයෙන් මහ බැංකුවට ස්වාධීනව තම කාර්යයන් පවත්වා‍ ගෙන යෑමට අවස්ථාව ලබා දිය යුතු බව අර්ථ ශාස්ත්‍රඥ ධනනාත් ප්‍රනාන්දු මහතා පවසා සිටියි. ඔහු මේ බව පවසා සිටියේ අද (12) දින විකාශය වූ  දෙරණ BIG FOCUS සජීවී වැඩසටහනට එක් වෙමිනි. “අපේ මහ බැංකුව සම්බන්ධයෙන් ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්…

(0)Comments | August 12, 2022 1:47 pm

නවසීලන්ත රැකියා සිහින සැබෑ කරන්න මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් විශේෂිත සම්පත් මධ්‍යස්ථානයක්

මෙරට තරුණ තරුණියන්ට නවසීලන්තයේ රැකියා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව විශේෂිත සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවනු ලබන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටී. විදේශ රැකියාවක් අපේක්ෂිත තරුණ තරුණියන්ට තියෙන එක හීනයක් තමයි නවසීලන්තයේ රැකියාවක් ලබාගැනීම. නැතිනම් නවසීලන්තය සංක්‍රමණය…

(0)Comments | August 12, 2022 11:20 am