විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවීම සමඟින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ‍්‍රී ලාංකිකයින් දැඩි ලෙස පීඩා විඳින වාතාවරණයක කම්කරු සුබසාධනය සහතික කිරීම සඳහා මෙරට ඇඟලූම් ක්ෂේත‍්‍රය ගනු ලැබූ ප‍්‍රයත්නයන්ට සහයෝගය දැක්වීම සඳහා ආචාර ධාර්මික ආයතනික ප‍්‍රවේශය (Ethical Trading Initiative-ETI) සහ ඇමරිකානු ඇඟලූම් සහ පාවහන් සංගමය (American Apparel and Footwear Association-AAFA) විසින් දැක්…
දශක 09කට අධික කාලයක් පුරාවට දේශීය මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා විශාල දායකත්වයක් සැපයූ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) විසින්, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැණුමක් හිමි තුෂාර අසුරමාන්න මහතා නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇත. SMIB හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීමට පෙර අසුරමාන්න මහතා Nations Trust (NTB) බැංකුවෙහි ණය කළමනාකරණ අංශයේ උප සභාපති ලෙස කටයුතු කර…
එක්සත් ජනපද රජය, තම සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USADI) හරහා, ශ්‍රී ලංකාවේ තිරසාර සමාජ සහ ආර්ථික වර්ධනය උදෙසා පවිත්‍ර බලශක්තිය කඩිනමින් දියුණු කිරීමට කැප වී සිටියි. අගෝස්තු 16 වැනි දින, ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තනාපති ජුුලී චංග් මහත්මිය, USAID හි…
සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන් ව දිරිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද 2022 අගෝස්තු 12 වන දින සිට හෝ ඉන් පසු ව ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම්/ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර ඇත. සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන…
ලාෆ්ස් ගෑස් සමාගමට අයත් “GAS CHALLENGER” නෞකාව අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ ඇත. මේ සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ GAS CHALLENGER නෞකාව, එල් පී ගෑස් මෙට්‍රික් ටොන් 3,120ක් සමඟ හම්බන්තොට වරායේ ස්ථාපිත ලාෆ්ස් ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ලඟා වී ඇති බවයි. මේ වනවිට ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකෙරෙන බවත් පිරවුම් කටයුතු අවසානයේ දේශීය පරිභෝජනය…
අඛණ්ඩව දින 12 ක් පුරාවට ඉහළ ගිය කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් පළමු වරට අද (16) වාර්තා විය. ඒ අනුව අද (16) දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,086.24 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 105.28 ක හෙවත් 1.15% ක පහළ යාමකි. රු. බිලියන 5.40…
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2022 ජූලි 2022 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී. නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පෙර මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ජූලි මාසයේ දී පහළ යන ලදී. සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව සිව්වන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින්, 2022…
දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ Christophe Bahuet මහතා 2022 අගෝස්තු 12 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවිය. දශක පහකට අධික කාලයක් තිස්සේ සහ විශේෂයෙන් දුෂ්කර කාලවල දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ස්ථාවර සහයෝගය…
අභියෝගවලට මුහුණ දීමට ව්‍යාපාර ආකෘතියට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරයි 2022 අගෝස්තු 16, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ ප්‍රථම අර්ධයේ තිරසාර වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 6% කින් වර්ධනය වී රු. බිලියන 52.9 ක් ලෙස සටහන් වන අතර, බදු-පෙර…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2022 ජූනි 30 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී වාර්තා කර ඇති ශුද්ධ අලාභය රු. බිලියන 38.49 ක් බව එහි නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ. ඒ අනුව මණ්ඩලය විසින් 2022 පළමු භාගය තුළ වාර්තා කර ඇති සමස්ත අලාභය රු. බිලියන 71.47 ක් වේ. මෙය 2021 වසරේ පළමු භාගය හා සැසඳීමේ දී…
Video Story