Top News

ඉහළ ආදායම් ලැබූ සමාගම්වලට සියයට 25 ක අධිභාර බද්දක්

2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000 ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන සියයට 25 ක අධිභාරය (Tax surcharge) බද්දක් අය කිරීමට යෝජනා කරනු ලබන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය කතාවේ දී ප්‍රකාශ කළේය. එසේම මෙම බද්ද මඟින් රුපියල් බිලියන 100 ක්…

(0)Comments | November 12, 2021 4:25 pm

ප්‍රයෝජනයට නොගත් දුම්රියේ ඉඩම්වලට දෙස් විදෙස් සෘජු ආයෝජන

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්, එහෙත් ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගී ආයෝජන හෝ දේශීය හා විදේශීය සෘජු ආයෝජන ලබාගැනීමට යෝජනා කරනු ලබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළේය.

(0)Comments | November 12, 2021 3:10 pm

Startups වලට අයවැයෙන් සුබ ආරංචියක්

නව ව්‍යවසාය ඇරඹුම්වලට (Startups) උත්තේජනය සැපයීම අරමුණු කරගෙන වසර 2022 වසර පමණක් සඳහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට යෝජනා කරනු ලබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) දින සිය අයවැය කතාව සිදුකරමින් ප්‍රකාශ කළේය. “සේවා ආර්ථිකයේ අවස්ථාවන් උපරිම ඵලදායිතාවයකින් භාවිතයට ගනිමින් නිෂ්පාදන ආර්ථිකයක් වෙත වැඩි බරක් තැබීම කෙරෙහි ශ්‍රී ලංකාව වහාම ගමන් කළ…

(0)Comments | November 12, 2021 2:58 pm

ඉන්දියාවේ ලොකුම ධනවතා ශ්‍රී ලංකාවේ සුපිරි සමාගමක් මිල දී ගනී

Reliance Industries සමාගම MAS Holdings සතුව පැවති amanté මිලදී ගනී MAS Holdings සමූහයට අනුබද්ධව ක්‍රියාත්මක වූ amanté සමාගම, ඉන්දියාවේ Ambani සමූහයේ Reliance Industries සමාගමට අනුබද්ධ සමාගමක් වන Reliance Retail Ventures Limited විසින් මිලදී ගෙන තිබේ. 2007/2008 කාලසීමාවේදී ආරම්භ කරන ලද amanté සමාගම, amanté, Ultimo සහ every dé by amanté  යන සන්නාම යටතේ උසස්ම ප්‍රමිතියෙන් යුත්…

(0)Comments | November 12, 2021 1:51 pm

2022 අයවැය හෙට පාර්ලිමේන්තුවට

අය වැය කථාව ප.ව. 02.00 ට – නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අය වැය මෙයයි ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් අයවැය විවාදය සංඥා භාෂාවෙන් 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අය වැය කථාව ප.ව. 02.00 ට ආරම්භ වේ. නිදහස් ශ්‍රී ලංකාවේ…

(0)Comments | November 11, 2021 3:07 pm

රට සල්ලි එවන විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ ලබා දීමේ වැඩපිළිවෙලක්

විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් සඳහා ඔවුන් විසින් මෙරටට ප්‍රේෂණය කරන විදේශ විනිමය වටිනාකම මත පදනම් වූ ප්‍රතිලාභ ක්‍රමයක් ස්ථාපිත කෙරේ විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට සිදු කරන ප්‍රේෂණ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන වැදගත්ම ප්‍රවාහයක් වි ඇති අතර, පසුගිය වසර 5 තුළදී එහි වාර්ෂික සාමාන්‍ය වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 7 ඉක්මවයි. රජය හා ශ්‍රී…

(0)Comments | November 11, 2021 2:51 pm

කොළඹ වරාය නගරයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 13.8 ක් එකතු විය හැකි බව PwC පවසයි

PwC සමාගම, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ තම නවතම වාර්තාව 2021 නොවැම්බර් 09 දින ආර්ථික කොමිසම හමුවට ඉදිරිපත් කළේ ය. සාර්ව ආර්ථික විචල්‍යයන් 5 කට, එනම් රැකියා නියුක්තිය, දළ දේශීය නිෂ්පාදිතය, සෘජු විදේශ ආයෝජන, ගෙවුම් ශේෂය සහ රජයේ ආදායම යන අංශ වලට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් ලැබෙනු ඇති දායකත්වය මෙම වාර්තාව තුළදී විශ්ලේෂණයට ලක්කර…

(0)Comments | November 11, 2021 2:41 pm

Capital Alliance රු. මිලියන 412 ක මූලික කොටස් නිකුතුවක් නිවේදනය කරයි

Capital Alliance සමාගම (CALT) මූලික කොටස් නිකුතුවක් (IPO) මගින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමේ සිය අරමුණ නිවේදනය කර සිටියි. එමගින් Capital Alliance සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ පළමු ස්වාධීන බැංකු නොවන ප්‍රාථමික අලෙවි නියෝජිතයා වනු ඇත. මෙම මූලික කොටස් නිකුතුව මෙම වසරේ නොවැම්බර් 25 වන දින දියත් කිරීමට නියමිත අතර, සියලු දෙනා අපේක්‍ෂා කල මාර්ගගත ආයෝජක…

(0)Comments | November 11, 2021 2:37 pm

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කෘෂි අපනයන ප්‍රජාව වෙත සිය සහය අඛණ්ඩව ලබා දෙයි

ශ්‍රී ලංකා කෘෂි අපනයන ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජර්මනියේ ආනයන ප්‍රවර්ධන මධ්‍යස්ථානය (IPD) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව “කෘෂි නිෂ්පාදන අංශය සඳහා වන යුරෝපා සංගමයේ ප්‍රමිතීන් සහ සහතික කිරීම්” යන මාතෘකාව යටතේ කාබනික කෘෂි නිෂ්පාදන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංවිධානය කරන ලද වෙබිනාර් සාකච්ඡා මාලාවේ…

(0)Comments | November 11, 2021 12:49 pm

ශ්‍රී ලංකා මහ බැංකුව “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2021 සුවිශේෂ සිදුවීම් සහ 2022 අපේක්ෂා” ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව “මෑත කාලීන ආර්ථික ප්‍රවණතා: 2021 සුවිශේෂ සිදුවීම් සහ 2022 අපේක්ෂා” ප්‍රකාශනය අද දින විද්‍යුත් මාධ්‍යයෙන් එළි දක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම බාගත කළ හැකිය. “මෑත කාලීන ආර්ථික ප්‍රවණතා” ප්‍රකාශනයෙහි අන්තර්ගත වන පරිදි 2021 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය…

(0)Comments | November 11, 2021 10:45 am