Top News

ACL Cables ට රු. බිලියන 1.4 ක ටෙන්ඩරයක් අනුමතයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය බෙදාහැරීමේ කාර්යය සඳහා භාවිත කරනු ලබන ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝමීටර 2,500ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,456.2ක මුදලකට M/s. ACL Cables PLC වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ…

(0)Comments | July 11, 2018 10:24 am

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම අද සිට අරඹන බව මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරු ව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් සියයට 10ක් තැන්පත්කරුවන් වෙත ගෙවීමට, ආයතනය වෙත උපදෙස් ලබා දී ඇත. මෙම ගෙවීම 2018.07.10 දින ආරම්භ කෙරෙනු ඇත. මෙම ගෙවීම් සැලැස්ම පිළිබඳ විස්තර තැන්පත්කරුවන් වෙත ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය විසින් ඉක්මනින් දැනුම් දෙනු…

(0)Comments | July 10, 2018 5:32 pm

කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සඳහා මධ්‍යම තැන්පතු ගිණුම් (CDS) විවෘත කිරීමේ දී ආයෝජකයින්ගේ දේශපාලන සම්බන්ධතාවයන් පිළිබඳ විමසීමට මේ වන විට පියවර ගෙන තිබේ. මධ්‍යම තැන්පතු ගිණුම් විවෘත කිරීම කොටස් තැරැව්කාර සමාගම් විසින් සිදුකරනු ලබන අතර අදාළ අයදුම් පත්‍රයේ KYC (KNOW YOUR CURTOMER) කොටසින් මීට අදාළ විමසීම් සිදුකරනු ලැබේ. ඊට අනුව රජයේ හෝ ආණ්ඩුවේ නායකයන්,…

(0)Comments | July 10, 2018 2:00 pm

2018 ජූනි මාසයේ ඩොලර් මිලියන 434.53 කින් දී සංචිත වැඩි වුණේ මෙහෙමයි

2018 ජූනි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 9,247.45 ක් දක්වා ඩොලර් මිලියන 434.53 කින් ඉහළ ගොස් ත්බේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදේශ විනිමය සංචිතය පසුගිය මැයි මස අවසානයේ දී පැවති ඩොලර් මිලියන 7,904.85 සිට ඩොලර් මිලියන 8,377.22 ක් දක්වා ඩොලර් මිලියන 472.37…

(0)Comments | July 10, 2018 11:34 am

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර, බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශ එකිනෙකට සම්බන්ධ කෙරෙන මහනගරයක් වශයෙන් සංවර්ධනය කෙරෙනවා

ගෝලීය වටිනාකම් දාමයන් සමග සහ සම්බන්ධවීම, සියළු සමාජ කොටස් අන්තර්ගත කර ගැනීම හා පැරණි සහ නවීන පාරිසරික පද්ධති සේවාවන් වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි යැයි සිංගප්පූරුවේ දී ඊයේ (09 වන දා) ආරම්භ වූ 6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන්…

(0)Comments | July 10, 2018 10:21 am

කෑගල්ලට වතුර දෙන්න නෙදර්ලන්තයෙන් යූරෝ මිලියන 85 ක සහන ණයක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, අරණායක සහ රඹුක්කන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 25,000කට අවශ්‍ය භූගත පානීය ජල පහසුකම් ලබා දීම සඳහා වන හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජය සහන ණය මුදලක් ලබා දේ. මේ යටතේ යූරෝ මිලියන 85ක් නෙදර්ලන්තයෙන් ලැබී ඇති අතර ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්…

(0)Comments | July 10, 2018 9:46 am

කොළඹ සිංගප්පූරුවක් කරමින් ලිප්ටන් වටරවුමට ඉහළින් යන සැහැල්ලු දුම්රිය මෙන්න

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් වන මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබේ. ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම LRT සැහැල්ලු දුම්රිය මාර්ගය බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල , අක්ෂි රෝහල සහ ගාමිණි හෝල් හරහා දිව යන්නකි. කොළඹ රථවාහන තද බදය අවම කිරීමේ අරමුණින්…

(0)Comments | July 9, 2018 1:52 pm

කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

පසුගිය ජූලි 04 දා කොළඹ කොටස් වෙළෙඳපොළට සුවිශේෂී දිනයක් විය. ඒ මෙරට අංක එකේ ධනවත් පුද්ගලයා ලෙසින් සැලකෙන වැලිබල් වන් සමූහ ව්‍යාපාරයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා, කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ කිරීම සංකේතවත් කරමින් එදින සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවට එක් වූ නිසාය. ධම්මික පෙරේරා මෙදින උදෑසන මෙම උත්සව අවස්ථාවට එක් වූයේ ප්‍රධාන…

(0)Comments | July 9, 2018 11:56 am

ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සෘජු ආයෝජන ඉහළට

මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 7.4 ක් අයත්වන බවත්, එය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා ඉහළ අගයක් ගන්නා බවත්, මේ වන විට අපගේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වාර්ෂික නිමැයුම් අගය ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 483 ක් පමණ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව…

(0)Comments | July 9, 2018 10:36 am

අධ්‍යාපනයට ඔපෙක් අරමුදලෙන් ඇ.ඩො. මිලියන 50ක ආධාර

රජය විසින් මෑතකදී හඳුන්වාදුන් වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ  අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගුරුවරුන් පුහුණුව සඳහා අවශ්‍ය නවීණ තාක්ෂණික යටිතල පහසුමක්  සැපයීම සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50 ක් ආධාර ලබාදී තිබේ. මේ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උක්ත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාර…

(0)Comments | July 9, 2018 10:09 am