Top News

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ කොටස් ගනුදෙනු තහනම් කෙරේ

කොළඹ කොටස් වෙළෙඳපොළේ බැංකු, මූල්‍ය හා රක්ෂණ කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර තිබෙන සමාගමක් වන ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි කොටස් ගනුදෙනු අද (02) උදෑසන සිට අත්හිටුවා තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් කියා සිටින්නේ සමාගම් ලැයිස්තුගත කිරීමේ විධානයන් යටතේ එන 7.10.7 (i) 7.10.2 (a), 7.10.5 (a),7.10.6 (a) යන ආයතනික යහපාලන නියාමනයන් සපුරාලීමට සමාගම අපොහොසත්…

(0)Comments | July 2, 2018 10:28 am

වාහන ආනයන වියදම අප්‍රේල් මාසයේ දී 180% කින් වැඩිවෙලා

2018 අප්‍රේල් මාසයේ දී මෙරටට ආනයනය කර ඇති රථවාහනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 157.8 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය 2017 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයනය කර ඇති රථවාහන විටනාකම වන ඩොලර් මිලියන 56.3 හා සැසඳීමේ දී සියයට 180.2 ක ඉහළ යාමකි. සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපී…

(0)Comments | June 29, 2018 5:04 pm

අප්‍රේල් මාසයේදී වෙළඳ හිඟය පුළුල් වෙයි

2018 අප්‍රේල් මාසයේදී ජංගම ගිණුමේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පිළිබිඹු වීම මධ්‍යයේ වුවද, ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් විය. විශේෂයෙන්ම, 12 වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලද ලැබීම්, ව්‍යාපෘති ණය හා අක්වෙරළ බැංකු ඒකක ණය සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන වැනි මූල්‍ය ගිණුම…

(0)Comments | June 29, 2018 4:39 pm

කෘෂි ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව උදෙසා මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක්

කෘෂි ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයයත් අතර අවබෝධතා ගිවිසුමකට ( The MOU for the General International for technological…

(0)Comments | June 29, 2018 3:18 pm

දුම්කොළ ගොවීන්ට විකල්ප භෝග වගා හඳුන්වා දිය යුතුයි

වාර්ෂිකව අප ඇමරිකානු ඩොලර් මිලියන 400 ක (රුපියල් මිලියන 64,400 ක) මුදලක් කිරිපිටි ආනයනය සඳහා වැය කරන බවත්, දුම්කොළ වගාව හා ආනයනය සඳහා අප වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 660 ක් (රුපියල් මිලියන 106,260 ක්) වැය කරන බවත්, දුම්කොළ භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන බවත්, 2020 වන විට දුම්කොළ වගාව හා ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බැවින්…

(0)Comments | June 29, 2018 10:27 am

දියුණු වීමට නම් විශාල වෙළෙඳපොළ වෙත යොමු විය යුතුයි – අගමැති, අධ්‍යක්ෂවරුන්ට කියයි

ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ 06 වැනි වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ, කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් (HE James Dauris), ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ සභාපති ප්‍රීති ජයවර්ධන, උප සභාපති ෆයිසාල් සලී, ප්‍රධාන විධායක නිලධාරිනී චමින්දා ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුලූ එම සමාගමේ සාමාජිකයින් සහභාගි වී සිටියහ. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය…

(0)Comments | June 28, 2018 4:55 pm

දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කළ බවට නගන චෝදනා පදනම් විරහිතයි – මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලද බවට සාමාන්‍ය ජනතාව නො මග යවමින් ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකාශයන් මාධ්‍ය වෙත  නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇති බවත් මෙම චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්…

(0)Comments | June 28, 2018 4:06 pm

රවී ගේ චෝදනාවලට මහ බැංකු අධිපතිගෙන් පිළිතුරක්

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පසුගිය කාලය තුළ දිගින් දිගටම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ට එරෙහිව මාධ්‍ය මගින් එල්ල කර තිබුණු චෝදනා සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශයක්  කර ඇත. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි.   “පසුගිය දිනවල දිගින් දිගට ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය…

(0)Comments | June 28, 2018 3:10 pm

විලියම් බහිනවා ….

මෙරට පැරණිතම ඇඹරුම්හලක් වන දෙහිවල විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය සිය ව්‍යාපාර කටයුතු අවසන් කිරීමට තීරණය කර තිබේ. 2018 ජූනි 21 දින සිට සිය ව්‍යාපාර කටයුතු අවසන් කරනු ලබන බවට ආයතනයේ කළමනාකාරීත්වය විසින් එහි ඉදිරිපිට පළ කර තිබෙන දැන්වීමක් මගින් සිය පාරිභෝගිකභවතුන් වෙත මේ බව දැනුම් දී සිටී. 1951 වසරේ ඇරඹි මෙම ව්‍යාපාරය ගාලුපාරේ, දෙහිවල –…

(0)Comments | June 28, 2018 1:24 pm

ශ්‍රීලංකන් යානාවල සඟරා සැපයීමට අයර්ලන්තයේ ඉන්ෆ්ලයිට් ඩබ්ලින්ට ඩොලර් මිලියන 5.92 ක කොන්ත්‍රාත්තුවක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා හා විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2018 10 01 දින සිට වසර 03ක කාලසීමාවක් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.92ක මුදලකට සීමාසහිත ඉන්ෆ්ලයිට් ඩබ්ලින් සමාගම වෙත පිරිනැමීම පිණිස රාජ්‍ය…

(0)Comments | June 28, 2018 12:17 pm