Top News

USAID හි පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මුල්‍යකරණය ව්‍යාප්ත කිරීමට HNB සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජා. නියෝජිතායතනයේ (USAID) පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSME) මුල්‍යකරණය ව්‍යාප්ත කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB) සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී. “අප කිසිවකු තනිව ඇතිකරන බලපෑමට වඩා සෑහෙන පමණකින් වැඩි ආර්ථික සහ සමාජ බලපෑමක් ඇතිකරන්නට මෙවැනි හවුල්කාරීත්ව හරහා හැකිවෙනවා” යනුවෙන් ශ්‍රී ලංකාව…

(0)Comments | October 25, 2021 10:28 am

අදානි අද කොළඹට – ජනපති සමඟ හමුවක්

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරනු ලබන ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා අද (25) දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය අනාවරණය කර සිටී. මෙය පෞද්ගලික සංචාරයක් බවත් එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා පවත්වන බවත් ‘ද හින්දු’…

(0)Comments | October 25, 2021 8:00 am

ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම මෙන්න. වටිනාකම රු. බිලියන 400 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් බිලියන 400 සීමාව ඉක්මවා ගිය පළමු සමාගම බවට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී පසුගියදා අභිසෙස් ලැබීය. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි ‌කොටසක මිල රු. 209.00 ලෙසින් පසුගිය සිකුරාදා (22) සටහන් වූ අතර ඒ සමඟම එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 408.57 ක් ලෙසින් වාර්තා විය. LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ‌මෙම ලැයිස්තුවේ දෙවන…

(0)Comments | October 25, 2021 6:41 am

80 Club අලුත් වෙයි

ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) රාත්‍රියේ දී විවෘත විය. පරිශ්‍ර භූමිය විදුලි ආලෝකමත් කළ අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කරමින් එයිටි ක්ලබ් නිල වශයෙන් විවෘත කළ බව  සංකේතවත් කළේය. අනතුරුව අග්‍රාමාත්‍යතුමා විශේෂ අමුත්තන්ගේ පොතෙහි අත්සන තැබුවේය. මෙහි දී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නනායක්කාර…

(0)Comments | October 22, 2021 3:58 pm

පාකිස්තාන මූල්‍ය සමාගමක පූර්ණ අයිතිය LOLC යටතට

පාකිස්තානයේ ක්‍රියාත්මක මූල්‍ය සමාගමක් වන Pak Oman Microfinance Bank Limited හි LOLC Asia Private Limited සතු කොටස් හිමිකාරීත්වය 100% ක් දක්වා ඉහළ නංවා ගැනීමට එරට නියාමන අධිකාරියේ සහ පාකිස්තාන රාජ්‍ය බැංකුවේ අනුමැතිය අනුමැතිය හිමිව තිබේ. 2017 වසරේ දී LOLC Asia Private Limited විසින් Pak Oman Microfinance Bank Limited හි 50.1% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගනු…

(0)Comments | October 22, 2021 3:34 pm

Ex-Pack කොටස් නිකුතුවට ඉහළ ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගම විසින් අද (22) දිනයේ දී දියත් කරන ලද මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වය ලැබී ඇති බව සමාගම විසින් කොළඹ කොටස් ‌වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මේ අනුව අද පස්වරු 4.30 ට නිකුත්ව වසා දමන බවට මෙම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම…

(0)Comments | October 22, 2021 3:04 pm

LOLC හෝල්ඩිංග්ස් කාම්බෝජයේ මූල්‍ය සමාගම විකිණීමේ ගනුදෙනුව සම්පූර්ණ කරයි

කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC Microfinance හි ඉතිරි 21% ක් වූ සිය කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 225 ක් හෙවත් රු. බිලියන 45.6 ක මුදලක් ඊයේ (21) දිනයේ දී ලද බව LOLC හෝල්ඩිංග්ස් නිවේදනය කරන ලදී. මේ අනුව PRASAC Microfinance හි කොටස් අයිතියෙන් LOLC සමූහය සම්පූර්ණයෙන් ඉවත්වන අතර අදාළ ගනුදෙනුව හරහා ඩොලර්…

(0)Comments | October 22, 2021 10:18 am

උද්ධමනය පහළ ගොස් ඇති බව මහ බැංකුව කියයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.7හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා පහළ ගියේය. 2021 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…

(0)Comments | October 22, 2021 9:11 am

ශ්‍රී ලංකා – කටාර් මහ බැංකු අධිපති හමුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව සහ ආර්ථීකය කෙරෙහි කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව කටාර් මහ බැංකුවේ අධිපති අතිගරු ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා සමඟ සාකච්ඡා කළේ ය.

(0)Comments | October 22, 2021 9:04 am

වරාය ආශ්‍රිත කර්මාන්ත සඳහා අවසර ලබා දීමේ ප්‍රතිපත්තියේ වෙනසක්

එක් වරායක එක් විශේෂිත ක්ෂේත්‍රයක එක් බැර කර්මාන්තයක් සඳහා අවසර ලබා දීම දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්තිය වේ. බංග්ලාදේශය, ඉන්දියාවේ නැ‍ඟෙනහිර වෙරළබඩ ප්‍රදේශය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන රටවල ආර්ථිකයේ සීග්‍ර වර්ධනයත් සමඟ බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ කේන්ද්‍රීය වරායක් වශයෙන් දියුණු කිරීම පිණිස ත්‍රිකුණාමල වරාය සංවර්ධන සැලැස්ම සකස් කරනු ලැබ ඇත. එම සැලැස්ම සකස් කිරීමේදී ත්‍රිකුණාමල වරායේ…

(0)Comments | October 21, 2021 12:46 pm

Video Story

Stock Market

Exchange Rates