Top News

පින්ලන්තයට සිහිනයක් වුවත් ශ්‍රී ලංකාවට සැබෑවක් වූ දෙයක් ගැන තානාපතිවරයා කියූ කතාව

පින්ලන්ත වැසියන්ට සිහිනෙන් පමණක් දැකිය හැකි ස්වභාවික සම්පත් රැසක් ශ්‍රී ලංකාව තුළ ඇති බවත් පසුගිය වසර 10 ක කාලපරිච්ඡේදය තුළ දී ඉතා සීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවත් ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපති Harri Kämäräinen පවසයි. පසුගිය දා කොළඹ දී පැවති උත්සව අවස්ථාවක දී අද දෙරණ වෙත අදහස් දක්වමින් තානාපතිවරයා මේ…

(0)Comments | June 14, 2018 4:14 pm

සෙරමික් ආනයනයේ දී සෙස් බදු වෙනුවට රේගු බද්දක්

ජාතික ආර්ථික සභාව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) උදෑසන රැස්විය. මෙහිදී දේශීය කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටළු 6 ක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. ආනයනික සෙරමික්, සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉවත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙන අතර සෙස් බද්දට සමාන අගයකින් රේගු බද්දක් පැනවීමට අවධානය යොමුව තිබේ. සෞඛ්‍ය සේවාවන…

(0)Comments | June 14, 2018 1:57 pm

පුද්ගලික රෝහල්වල උපරිම චැනලින් ගාස්තුව රු. 2,000 කට සීමාවෙයි

පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට මේ වන විට සීමා කර ඇති බවත් වෛද්‍යවරයෙකු විසින් රෝගියෙක් පරීක්ෂා කළ යුතු අවම කාලසීමාව මිනිත්තු 10 ක් බවට තමන් විසින් නිර්දේශ කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ (13) පැවති කැබිනට්…

(0)Comments | June 14, 2018 11:45 am

රජයේ කොන්ත්‍රාත්තුවල පිරිවැය, ඇස්තමේන්තු මිලට වඩා වැඩිවීම පාලනයට මංගලගෙන් යෝජනාවක්

රජය විසින් ක්‍රියාවට නංවනු ලබන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ඒවා බොහෝමයක ඉංජිනේරු ඇස්ත‍මේන්තුව ඉක්මවූ මුදලකට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමත්, ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරතුර ඒවායේ පිරිවැය ඉහළ යාමත් නිතර සිදුවන බව පෙනී ගොස් ඇත. මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා නිසි යන්ත්‍රණයක් හඳුන්වා දීමත් යථාර්ථවාදී පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා ප්‍රසම්පාදන අස්ථිත්වයන්ට මඟ පෙන්වීමත් කාලීන…

(0)Comments | June 14, 2018 10:40 am

රාජ්‍ය ව්‍යවසාය 16 ක සමස්ත අලාභය රුපියල් බිලියන 87 පනී

වර්තමානයේ දී ක්‍රියාත්මක වන රජය සතු ව්‍යවසායන් 400 න් 264 ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබන අතර 136 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබයි. 2017 මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාවට අනුව මෙම රාජ්‍ය ව්‍යවසායන්ගෙන් 55 ක් මූලෝපායික වශයෙන් වැදගත් ව්‍යාපාරයන් ලෙසින් හඳුනාගෙන තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා…

(0)Comments | June 13, 2018 3:47 pm

ආසියානු රථවාහන වෙළඳපොළ කැළඹූ නව Toyota Rush SUV රථය දැන් ශ‍්‍රී ලංකාවේ

ආසියානු රථවාහන වෙළඳපොළ කැළඹූ නවතම Toyota Rush SUV රථය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට, මෙරට ටොයොටා මෝටර් සමාගමේ බලයලත් නියෝජිතයන් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම පසුගියදා කටයුතු කළේ ය. ආසන 7 කින් සමන්විත ීඹඪ රථයක් වන මෙය, ගෙවනා මුදලට ඉහළම සුවපහසුවකින් සහ ආරක්ෂක උපාංගයන්ගෙන් පිරිපුන්  මෝටර් රථයක් ලෙස දැනටමත් ඇගයීමට ලක්වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්…

(0)Comments | June 13, 2018 2:03 pm

ඩොලර් මිලියන 3.6 ක ඉල්මනයිට් ඩුබායි සමාගමකට විකුණන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය සමාගම විසින් ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 25,000ක් විකිණීම සඳහා මිල ගණන් කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටුවේ නිර්දේශය පරිදි, මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 145.25ක මුදලකට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ‍ඩුබායිහි Rescom Mineral Trading FZE සමාගම වෙත එම ඉල්මනයිට් තොගය විකිණීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු…

(0)Comments | June 13, 2018 11:38 am

කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගයෙන් ඩොලර් මිලියන 48.67 දුම්රිය එන්ජින් උඩරට ට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍යවන ඇමරිකානු ඩොලර් මිලියන 48.67ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙතින් සපයා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට අදාළ…

(0)Comments | June 13, 2018 11:29 am

කොළඹ කොටස් මාස 06 ක් තුළ අවමයට පැමිණෙයි

අඛණ්ඩව 6 වන දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේ දී පහල වැටුණු අතර පසුගිය මාස 06 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ අවම අගය දක්වා සියලු කොටස් මිල දර්ශක අගය මේ වන විට පැමිණ ඇත. ඊයේ (2016 ජූනි 12) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,348.53 ක් ලෙසින් සටහන් වූ…

(0)Comments | June 13, 2018 10:56 am

අද පැවති රු. මිලියන 12,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අවසන් වුණේ මෙහෙමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ දී කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 12,000 ක බිල්පත් නිකුත් කිරීමට පියවර ගැනුණි. මෙහිදී දින 91 හා දින 182 පරිණත කාලවලින් යුතු භාණ්ඩාගාර බිල්පත්, පසුගිය වර වෙන්දේසියේ දී නියම වී තිබුණු පොළී අනුපාතිකවලටම නිකුත් කෙරුණු අතර දින 364 බිල්පත් පොළිය සියයට 9.49…

(0)Comments | June 12, 2018 4:18 pm