වර්තමානයේ කොටස් වෙළෙඳපොළ තුල දක්නට ඇත්තේ Bull Run තත්ත්වයක් බවත්, එහිදී මේ පිළිබඳ දැනුමක් නැති අය පවා ආයෝජනයට පෙළඹීමෙන් රැල්ලක් ඇතිවිය හැකි බවත් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. අද (26) පෙරවරුවේ අද දෙරණ 24 ඔස්සේ විකාශය වූ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා…
2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලය තුළ ඩීසල් ආනයනය කිරීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම 2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500 +10/- 5% ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500 +10/- 5% ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ඛනිජ…
ලංකාපේ භාවිතා කරන ගනුදෙනුකරුවන්ට පහසුවෙන් සිය බලපත‍්‍ර ගාස්තු ගෙවීම සඳහා ඩිජිටල් පද්ධතියක් මගින් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ කළ මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. මේ අනුව, බැංකුවේ පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් පද්ධතිය තුළින් ඒ මොහොතේම ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවට ගෙවීම් කිරීමට අවස්ථාව හිමිවන අතර www.combankdigital.com වෙබ්…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ටයර් ප්‍රසම්පාදනය කිරීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික අවශ්‍යතාව වන නව නිෂ්පාදිත ටයර් කට්ටල 21,600ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස විවෘත තරගකාරි ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 02ක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද…
ශ්‍රීලංකන් ගුවන් සමාගම, වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා විශේෂ අලෙවිකරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ‘Next Door Neighbor’ යනුවෙන් නම් කර ඇති මෙය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ශණය දිනා ගැනීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පසුගිය…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන්…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය අද (25) දිනයේ දී ඒකක දහදහසේ සීමාව ඉක්මවා යන ලදී. අද දිනයේ දී පූර්ව ගනුදෙනු දිනයට (22) සාපේක්ෂව ඒකක 131.58 ක් හෙවත් 1.33% කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 10,046.80 ක්…
මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හෝටලයක ආහාර ගනිමින් සිටින ඡායාරූප පෙළක් ඊයේ (24) දින සිට සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඔස්සේ සැරිසරමින් තිබේ. අගලවත්ත, කලවාන මාර්ගයේ පිහිටි ගුණවර්ධණ හොටේල් ඇන්ඩ් බේකරි නම් මෙම හෝටලය 1922 සිට පැවත එන්නක් බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ගුණවර්ධණ හොටේල් ඇන්ඩ් බේකරි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක්…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (25) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක දසදහසේ සීමාව ඉක්මවා යනු ලැබීය. මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශක වටිනාකම ඒකක 10,000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. දිනයේ මුල් ගනුදෙනු පැය ඉක්මයාමටත් මත්තෙන් රු. බිලියන 2.5 ක් ඉක්මවූ පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.
ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරනු ලබන බව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති LANKAQR ජනගත කිරීමේ වැඩසටහනට එක්වෙමින්…
Video Story