කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත්යවරයාට සහතික විය. කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති තරුණ පිරිස මුහුණ දී ඇති ප්රමාදය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා විදේශ අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් 2021 ජූනි…
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්යවරයා වශයෙන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) දින අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ…
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව එහි සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය විසින් අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (16) දින පිළිගන්වනු ලැබුවාය. 2019 දෙසැම්බර් 31 වැනිදාට රුපියල් ට්රිලියන 1.2ක් ලෙස සටහන් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත වත්කම් පදනම සියයට 17.8ක වර්ධනයක් සමගින් 2020 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්රිලියන 1.4 බවට පත්ව…
එමිරේට්ස් ගුවන් සමූහයේ වසර 30 කට අධික ඉතිහාසය තුළ පළමු වරට 2020-21 මුදල් වසර තුළදී අලාභ ලබා තිබෙන අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා පැනවූ සංචාරක සීමා ආදායම් කැපී පෙනෙන ලෙස අඩුවීමට සම්පූර්ණයෙන්ම හේතුවී තිබේ. එමිරේට්ස් සමූහය විසින් නිකුත් කර තිබෙන 2020-21 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2021 මාර්තු 31 වනදායින් අවසන් වන මුල්ය…
මහා පරිමාණ සංවර්ධන ව්යාපෘතීන්හි 2021 පළමු කාර්තුව අවසන් වන විට ප්රගතිය ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියනය ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්යාපෘති 284ක් අමාත්යාංශ 41ක් යටතේ මේ වන විට ක්රියාත්මක කෙරෙමින් පවතින අතර එම ව්යාපෘති වෙනුවෙන් 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 692.5ක් වෙන් කර තිබේ. ඒ අතුරින් ව්යාපෘති 53ක් “සැමට පානීය ජලය” හා “කිලෝමීටර 100,000ක මාර්ග ජාල…
ත්රිකුණාමලය, මන්නාරම, මාදම්පේ, බෝලවත්ත සහ කප්පල්තුරේ පිහිටි ග්රිඩ් උපපොළ 05ක් සඳහා මෙගාවොට් 60ක සුළංබල ධාරිතාවක් එක් කිරීම පිණිස 2019 ජනවාරි මස 29 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව, එම ව්යාපෘතිය යටතේ මන්නාරම ග්රිඩ් උපපොළ සඳහා වන සුළං බලාගාරය ඉදි කිරීම සහ සම්ප්රේෂණ ජාලයට සම්බන්ධ කිරීම සඳහා ජාත්යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ….
2021 ජුනි මස 01 දින සිට 2022 පෙබරවාරි මස 28 දින දක්වා මාස 09ක කාලයක් සඳහා මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්රාත්තුව සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්රාත්තුව M/s Conscio Ltd, Nigeria වෙත පිරිනැමීම…
ඕමානයේ ස්පාර් සුපිරි වෙළඳසැල් දාමයට ශ්රී ලංකා ආහාර නිෂ්පාදන අපනයනය කිරීම ආරම්භ කීරිමෙන් පසු කෙටි කාලයක් තුල එම භාණ්ඩ සීඝ්රයෙන් අලෙවි වන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් යුතුව මෑතක දී ස්පාර් ඕමාන් ආයතනය වෙත අපනයනය කරන ලද ශ්රී ලාංකික භාණ්ඩවලින් හතරෙන් තුනක්ම දින පහළොවක් ගතවන විට විකුණා අවසන් කර…
පසුගිය දිනක (ජුනි 02 වන දින), ඩී. සැම්සන් සහ පුත්රයෝ (පුද්ගලික) සමාගම ඔවුන්ගේ නීතිඥයන් වන සුදත් පෙරේරා නීතිඥ සමාගම මගින්, එම සමාගමට අයත් “බීට්” (BEAT) වෙළඳ ලකුණේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ දී නඩුවක් පවරන ලදී. එම නඩුවේ දී අධිකරණය විසින් විත්තිකරු වූ උඩවත්ත දුරාගේ ලලිත් යන අයට සහ ඔහුගේ සේවකයන්ට, නියෝජිතයන්ට, වැඩකරුවන්ට,…
ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්රී ලංකා (Standard Chartered Sri Lanka), ලංකා බැංකුව සහ මහජන බැංකුව සමග එක්ව, COVID-19 එන්නත් මාත්රා මිලියන 4 ක් ආනයනය කිරීම සඳහා ශ්රී ලංකා රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙළඳ ණය පහසුකම් සලසා දීමට කටයුතු කර තිබේ. COVID-19 නවතම රැල්ල හමුවේ ජාතික එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව මෙම ප්රමුඛ පෙළේ…
Video Story