මූලික උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා ශිෂ්ය හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම, ඉගැන්වීම් පර්යේෂණ හා ප්රායෝගික පුහුණුව සම්බන්ධයෙන් අන්යොන්ය පළපුරුද්ද හුවමාරු කර ගැනීම සඳහා අධ්යයන කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම, ප්රකාශන හා වාර්තා හුවමාරු කර ගැනීම ඇතුළත්ව පර්යේෂණ හා සංවර්ධනය සඳහා වන ඒකාබද්ධ වැඩසටහන් ක්රියාත්මක කිරීම ආදිය මගින් උසස් අධ්යාපනික සහයෝගිතාව සඳහා රුහුණ විශ්වවිද්යාලය සහ…
රේඛීය අමාත්යාංශ, අනෙකුත් අදාළ ආයතන හා කර්මාන්ත අංශයේ නියෝජිතයින් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම ප්රතිපත්ති සම්පාදනය හා ක්රියාත්මක කිරීමේ ක්රියාවලියේදී ගැටළු සහ අනවශ්ය ප්රමාදයන් ඇති කිරීමට හේතු වී ඇත. අදාළ පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය ඇති කිරීමේ අරමුණින් 1990 අංක 46 දරන කර්මාන්ත ප්රවර්ධන පනතේ විධිවිධාන අනුව කර්මාන්ත පිළිබඳ උපදේශක සභාවක් පිහිටුවීමට හැකියාව පැවතියද ඒ අනුව මේ…
ශ්රී ලංකාවේ ද්රවීකෘත පෙට්රොලියම් ගෑස් කර්මාන්තය ප්රතිව්යූහගත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ලබා ගැනීම සඳහා වෙළෙඳ අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් අමාත්ය අනුකාරක සභාවක් පත් කිරීම පිණිස 2021 ජුනි මස 07 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, මෙරට ගෑස් කර්මාන්තයේ නිරත සමාගම්වල නියෝජිතයින්ගේ, අදාළ රාජ්ය ආයතනවල හා බැංකුවල නියෝජිතයින්ගේ සහ ක්ෂේත්රයේ විද්වතුන්ගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවලදී…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) (National Consumer Price Index – NCPI) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අප්රේල් මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 මැයි මාසයේ දී සියයට 6.1 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ…
‘සැමට ඩිජිටල් (D4E)’ යන තේමාව යටතේ නව ජාතික වැඩසටහනක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ආරම්භ කෙරේ. පුරවැසියන් අතර ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා සියලු පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙයට සමගාමීව, ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ සමාජයේ සියලුම කොටස් වෙත ගෙනයාම සදහා වැඩසටහන් ගණනාවක් දියත්කරතිබේ . සමාරම්භක වැඩසටහන අන්තර්ජාල සමුළු සේවා ඔස්සේ 200…
මෙරට ලැයිස්තුගත මූල්ය සමාගමක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි පීඒල්සී හි කොටස් මිල පසුගිය සතිය තුළ දී සීඝ්රයෙන් ඉහළ යන ලදී. පසුගිය ජූනි 18 සිකුරාදා දින ඒම සමාගමේ කොටසක අවසන් ගනුදෙනු මිල රු. 412.25 ක් ලෙසින් වාර්තා වූ අතර ඒදින රු. 460.00 ක් දක්වා වූ ඉහළ මිල ගණන්වලට ද ඒම සමාගමේ කොටස් ගනුදෙනු විය. මෙහි…
රටේ ආර්ථිකයට දායක වීම පිණිස ශ්රී ලංකාවේ ස්වාභාවික සම්පත්වල විභවය හඳුනා ගනිමින්, කලාපීය සහයෝගීතා රාජ්ය අමාත්යාංශය, ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ඛනිජ ද්රව්ය තිරසාරව උපයෝගී කර ගත හැකි මාධ්යයන් ගවේෂණය කිරීම සඳහා පහසුකම් සපයයි. මෙම මූලාරම්භයේ වැදගත්කම අවබෝධ කරගත් රුසියාවේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා විසින් කලාපීය සහයෝගීතා රාජ්ය අමාත්යවරයා, අදාළ ශ්රී ලාංකික…
ශ්රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල් දෙකම සාර්ක් වරණීය වෙළෙඳ විධිවිධාන ගිවිසුම (SAPTA), දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම (SAFTA), ගෝලීය වෙළෙඳ වරණ ක්රමය (GSTP), ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) සහ යෝජිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්රිත රටවල ප්රවේශය (BIMSTEC) යන ගිවිසුම්වල පාර්ශ්වකාර සාමාජික රාජ්යයන් වශයෙන් කටයුතු කරනු ලබයි. එහෙත්, එම…
වස විසෙන් තොර දේශයක් වෙනුවෙන් රජය කි්රයාත්මක කර ඇති වැඩපිළිවෙල සහයෝගය දැක්වීමේ අරමුණින් මහජන බැංකුව, කාබනික පොහොර, පළිබෝධනාශක, වල්නාශක දේශියව නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා සාරභුමි ණය යෝජනා ක්රමය දියත් කර තිබේ. ඒ අනුව මහජන බැංකුව ශී්ර ලංකාව පුරා දැනට නිෂ්පාදිතයේ යෙදී සිටින මේ පිළිබඳව දීර්ඝ කාලීන අත්දැකීම් ඇති හා පර්යේෂණ කර ඇති විශේෂිත ප්රාගුණ්යයෙන් යුත්…
ශ්රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ අප්රේල් මාසයේ දී මිශ්ර ක්රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ අප්රේල් මාසයේ දී අඛණ්ඩව දෙවන වරටත් පුළුල් වූ අතර, සංචාරක අංශයේ ඉපැයීම් අඩු මට්ටමක පැවතුණි. 2020 වසරේ අප්රේල් මාසයට සාපේක්ෂව, 2021 වසරේ අප්රේල් මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක…
Video Story