Top News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780 ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780 ක පමණ මුදලක් ලැබීමට නියමිත බවත් ඒය ඒළඹෙන අගෝස්තු – සැප්තැම්බර් මාස වන විට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි. පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව අනාවරණය කළේය….

(0)Comments | June 14, 2021 2:18 pm

කෘෂි කර්මාන්තයේ වර්ධනය සදහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීමට ICTA වෙතින් ක්‍රියාකාරී වැඩසටහනක්

කෘෂි කර්මාන්තයේ වර්ධනය සදහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතය වැඩි දියුණු කිරීම ට කෘෂි නිපැයුම් තාක්ෂණික වේදිකාවක් බිහිකිරීමේ  ක්‍රි යාකාරි වැඩපිළිවලක් ආරමභ කෙරේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය (ICTA)  මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කරයි. කෘෂි  අංශයේ  විද්වතුන් හා ව්‍යාපාරික ආයතන නියෝජිතයන් 130කට වැඩි පිරිසක්  එක්වූ මෙම සාකච්චාව  පසුගියදා  (10) අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි. කෘෂිකාර්මික…

(0)Comments | June 14, 2021 12:52 pm

2020 දී තෙල් සංස්ථාවට රු. බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක්. ඉන්ධන අරමුදලට රු. බිලියන 69.2ක් ඒකතු වෙලා. LIOC ලාභය රු. මිලියන 876 ක්

ගෝලීය තෙල් මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතිය ද, ප‍්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය මිල ගණන් නොවෙනස්ව පවත්වා ගෙන යෑම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි මූල්‍ය ක‍්‍රියාකාරීත්වය 2020 වසරේ දී වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 මහ බැංකු වාර්ෂික වාර්තාව පවසන්නේ විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව, ලං.ඛ.නී.සං.හි පසුගිය 2019…

(0)Comments | June 14, 2021 10:07 am

ඉන්ධන මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් – ජනාධිපති මාධ්‍ය අංශය

ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපති ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම ඉන් එක් ප්‍රධාන හේතුවකි. මේ වන විට බොර තෙල් බැරලයක මිල ඇ.එ.ජ.ඩො.70 ඉක්මවා ඇති අතර, එය තවදුරටත් ඉහළ…

(0)Comments | June 13, 2021 5:51 pm

මහ බැංකුවෙන් චක්‍රලේඛයක් – ලීසිං සහන දෙන්නැයි ඉල්ලයි

කෝවිඩ්-19 ව්‍යසනයේ තෙවන ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වල (මින් ඉදිරියට බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) ගනුදෙනුකරුවන් මුහුණපා ඇති ගැටලු සැලකිල්ලට ගනිමින්, පහත සහනයන් ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටිමින් 2021 අංක 06 දරන කෝවිඩ්-19 නිසා…

(0)Comments | June 11, 2021 6:45 pm

වාහන ආනයන සීමා නිසා මෙරට ඒකලස් කරන SUV රථ සඳහා වැඩි උනන්දුවක්. KUV 100 හා DFSK ලියාපදිංචිය ඉහළට

2021 අප්‍රේල් මාසයේ දී මෙරට අලුතින් ලියාපදිංචි කර ඇති මුලු වාහන සංඛ්‍යාව 2,418 ක් බව J B Securities ආයතනය විසින් සකස් කරනු ලබන නවතම මාසික ‌මෝටර් රථ ලියාපදිංචිය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවහෙි සඳහන් වේ. කෙසේ වෙතත් මෙම අගය 2021 මාර්තු මාසයේ දී ඒකක 3,556 ක් ලෙසින් සටහන්ව තිබුණි. මෙහිදී වඩාත් අවධානයට යොමුවන කරුණ නම් දේශීය වශයෙන්…

(0)Comments | June 11, 2021 1:30 pm

ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිපදවීමට රුසියාවේ සහාය

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ ඉකුත් ජූනි 07 වනදා පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රුසියානු රජයට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය. එසේම, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය සදහා රුසියාවෙන් ලබා දෙන සහයෝගයද අමාත්‍යවරයා මෙහිදී බෙහෙවින් අගය…

(0)Comments | June 10, 2021 1:07 pm

ශ්‍රී ලාංකික ඇඟලුම් සමාගම් 3 ක් – රසායනික සමාගමක් ඉතියෝපියාවේ සාර්ථක ගමනක. ඉතියෝපියානුවන් 5,000කට රැකියා

ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව  දේශපාලන හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා රජයේ වර්තමාන ප්‍රතිපත්තියට අනුකූලව,අප්‍රිකානු කලාපයේ රටවල් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ඉතියෝපියාව සමග පැවැති  අමාත්‍යාංශ මට්ටමේ අතථ්‍ය සාකච්ඡාවේදී විදේශ අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් බී කාන්දීපන් මහතා ඊයේ (09) ප්‍රකාශ කළේය. ශ්‍රී…

(0)Comments | June 10, 2021 1:01 pm

ලීසිං සහන යළිත්

කොවිඩ් 19 තෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමඟම බලපෑමට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාර විසිිින් සහන සලසන මෙන් කළ ඉල්ලීම් රැසක් මේ වන විට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබා දෙන ණය සහන දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය…

(0)Comments | June 10, 2021 11:05 am

ICTA සහ PwC එක්ව තාක්ෂණික සමාගම් සඳහා නව ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමඟ එක්ව තාක්ෂණික සමාගම් සඳහා අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ…

(0)Comments | June 9, 2021 4:12 pm