එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද (20) දිනයේ දී ඉහළ යන ලදී. ඊයේ දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 191.97 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගිය ද මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඒය රු. 195.21 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඩොලරයේ ගැනුම් මිල ද රු. 187.93 සිට රු. 190.29…
ඊයේ (19) දිනයේ දී වාර්තාගත ලෙස ඒක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයෙහි අතිප්‍රමාණයක් වාර්තා වුණි. අප්‍රේල් 15 දින රු. 204.62 ක් ලෙසින් වාර්තා වූ ඩොලරයේ විකුණුම් මිල, මහ බැකු දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (19) දිනයේ දී රු. 191.97 ක් දක්වා දැවැන්ත ලෙස අඩු වී තිබුණු අතර ඒය 2021 ජනවාරි 08 දිනෙන්…
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ජර්මනියේ ENPACT E,V, ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේ. යුරෝපයේ ව්‍යවසායක අගනුවර වන බර්ලිනය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යවසායක පරිසර පද්ධති අතර ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නැගීමේ අරමුණින් යුතුව, 2021 අප්‍රේල් 08 වන දින දියත් කළ බර්ලින් සෙනෙට් සභාවේ ආරම්භක වැඩසටහන වන “ඒෂියා බර්ලින්” (AsiaBerlin)…
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයකම නාමයන් සඳහන් කරමින්, ඔවුන්ගේ සාංවත්සරික ප්‍රවර්ධනයන් ලෙස සිය ගනුදෙනුකරුවන් හට නොමිලේ තෑගි ලබා දෙනු ලබන බවට පණිවුඩ රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී. කෙසේ වෙතත් මෙවැනි පණිවුඩ සිය අනුදැනුමෙන් තොරව සංසරණය වන ඒවා බව සමාගම් කිහිපයක් විසින්ම සිය නිල සමාජ මාධ්‍ය පිටු හරහා මහජනතාවට දැනුම්…
ශ්‍රී ලාංකික නිෂ්පාදනවලට චීනයේ වඩාත් ලාබදායී වෙළඳපොළට ඇතුළුවීම සඳහා පහසුකම් සලසනු ලබන දැවැන්ත බයිරොන්ග් තොග වෙළඳපොලේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩපයක් පිහිටුවීමට චීනයේ හෙනාන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවර හේ ජින්පින් මහතා හා ජෙන්ජෝවු හි නියෝජ්‍ය නගරාධිපති ෆු මින් මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාට එකගතාව පළ කර තිබේ. කොහොන මහතා ඉකුත් 08 වනදා හෙනාන්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2021 ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ දී කුළුබඩු අපනයන ආදායම ඩොලර් මිලියන 38.1 සිට ඩොලර් මිලියන 75.2 ක් දක්වා 97.1%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබේ. කුළුබඩු අපනයන සැලකීමේ දී ගම්මිරිස්, කුරුඳු, සාදික්කා සහ වසාවාසි…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 187.93 ක් හා විකුණුම් මිල රු. 191.97 ක් ලෙසින් වාර්තා වී තිබේ. 2021 මාර්තු 15 දිනෙන් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 200.00 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි. එසේම 2021 ජනවාරි 08 දිනෙන් පසු වාර්තා වූ…
දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ගනුදෙනුකරුවන් වෙතින් වූ ලැබීම් වැඩි වීම හේතුවෙන් 2021 වසරේ පෙබරවාරි මාසය තුළ විනිමය අනුපාතිකය සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවතුණි. ඒ අනුව පෙබරවාරි මාසය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 0.2කින් සුළු වශයෙන් අතිප්‍රමාණය විය. 2021 වසරේ පෙබරවාරි 18වන දින සිට රුපියල්වලට පරිවර්තනය කරන සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලින් සියයට 10ක් සහ අපනයන…
බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ගනු ලබන අඩු පිරිවැයක් සහිත අරමුදල් නම්‍යශීලී කරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් 09 දින බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත විදේශ මුදල් ණයට ගැනීම් වලට අදාළ ව විධිවිධාන පැනවී ය. මෙම විධිවිධානයන්ගේ පරමාර්ථය වන්නේ බලපත්‍රලාභී මුදල් සමාගම්හි විදේශ අරමුදල් මගින් ඇති…
භාණ්ඩ අපනයනකරුවන්ගේ ලද ඉල්ලීම් සලකා බලා 2021.03.09 දින ප්‍රසිද්ධ කරන ලද අංක 2218/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය, මුදල් මණ්ඩලය විසින් පහත පරිදි සංශෝධනය කර තිබේ. (අ) භාණ්ඩ අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය සියයට 25 සිට සියයට 10 දක්වා අඩු කිරීම. සහ (ආ) ඉහත අවශ්‍යතාවය අනුව, භාණ්ඩ අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට…
Video Story