Top News

ලොව පුරා රටවල් 180ක විදේශිකයන් මිලියන 20ක් චීන භාෂාව හදාරද්දී ශ්‍රී ලංකාව තුළත් චීන භාෂාව ඉගෙනීමට වැඩි ඉඩක්

2020 වර්ෂය අවසාන වන විට ලොව පුරා රටවල් හා කලාප 180 ක වෙසෙන මිලියන 20 ක ජනතාවක් චීන භාෂාව හැදෑරීම සඳහා යොමුව ඇති බව චීන අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ‌ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව සඳහන් කර සිටී.   你好, ආයුබෝවන්, வணக்கம்🙏 20 million foreigners from over 180 countries and regions are…

(0)Comments | June 3, 2021 2:18 pm

එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් පුළුල් කිරීමට දෙරටේ අවධානය

එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය අහමඩ් අලි අල් සයේග් මහතා හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මැයි මස 31 වැනි දින පැවැති අතථ්‍ය රැස්වීමකදී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ඇත. දෙරටේ ආයෝජන සහ වෙළඳාම වැඩි දියුණු කිරීම…

(0)Comments | June 3, 2021 1:11 pm

කොළඹ රජයේ ඉඩම් සහ ගොඩනැගිලි කොටස් වෙළෙඳපොළට

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ පැරණි ඉඩම් සහ දේපළ පෞද්ගලික අංශය සමඟ ඒක්ව සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් පළවිය. මෙහිදී අදහස් දක්වමින් සෙලන්දිවා ආයෝජන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂමායිල් මොහිදීන් මහතා පැවසුවේ හඳුනාගත් වත්කම් සංවර්ධනය සඳහා 49%ක කොටස්, කොටස් ‌වෙළෙඳපොළට යොමුකර අවශ්‍ය මුදල්…

(0)Comments | June 2, 2021 10:49 am

ඩයලොග් බලගන්වන Diriya.lk වෙතින් ව්‍යවසායකයින්ට අවශ්‍ය දැනුම ලබාගැනීමට අවස්ථාව

ශ්‍රී ලාංකේය ජන ජීවිත සහ ව්‍යාපාර දිරිගන්වමින් සවිබලගැන්වීමේ සිය දැක්මට අනුව යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් භාෂා ත්‍රිත්වයෙන්ම නොමිලේ ව්‍යාපාරික දැනුම ලබාදෙන www.diriya.lk වෙබ් අවකාෂය හඳුන්වාදෙන ලදී. මෙම වෙබ් අඩවිය, ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (ලෝක බැංකු සමූහයේ සාමාජික) සහ පිළිගත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වේ. ශ්‍රී…

(0)Comments | June 2, 2021 10:16 am

ඉන්ධන මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුවලින් වැඩි ප්‍රමාණයක් පෙට්‍රොචයිනා සමාගමට 

2021 ජුනි මස 01 සිට 2022 ජනවාරි මස 31 දක්වා මාස අටක කාලයක් තුළ පහත සඳහන් පරිදි ඉන්ධන මිල දී ගැනීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පහත සඳහන් දිගුකාලීන කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * පෙට්‍රල් (92 Unl)…

(0)Comments | June 2, 2021 9:32 am

ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38ක ප්‍රදානයකින් බහුදින ධීවර යාත්‍රා 4,200කට යාත්‍රා නිරීක්ෂණ පද්ධති

ඉන්දියන් සාගර ටූනා කොමිෂමේ 15/03 යෝජනා සම්මුතිය පරිදි මහ මුහුදේ ගමන් කරනු ලබන බහුදින ධීවර යාත්‍රාවන්හි පිහිටීම හඳුනාගැනීම, ආපදාවන්හිදී සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, බහුදින ධීවර යාත්‍රා යොදා ගනිමින් මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන නීති විරෝධී හා අවිධිමත් ධීවර කටයුතු පාලනය කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. 2015…

(0)Comments | June 2, 2021 9:26 am

කොවිඩ්-19 තෙවැනි රැල්ලෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා ණය සහන ලැබෙන්නේ මෙහෙමයි

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් විසින් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑම‌ට ලක්වූ ණය ගනුදෙනුකරුවන් හට පහත සඳහන් සහනයන් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභි බැංකු ලෙස හැඳින්වෙන) වෙත දන්වා ඇත.

(0)Comments | June 1, 2021 6:03 pm

අපනයනය මගින් ලද මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමයන් හි වෙනසක්

සෑම අපනයනකරුවෙකුම අපනයනය මගින් ලද මුදල් ලැබී දින 30 ක් ඇතුළත, බලපත්‍රලාභී බැංකුවක් මගින් ඒකී අපනයනය මගින් ශ්‍රී ලංකාවට ලද මුළු මුදලින් සියයට 25 ක ප්‍රතිශතයකට නොඅඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පෙන්වා දී තිබේ. කෙසේවෙතත් විශේෂිත අපනයන අංශයකට හෝ අපනයන කර්මාන්තයකට හෝ තනි අපනයනකරුවන්ට,…

(0)Comments | June 1, 2021 1:19 pm

ලුණු හිඟයක් ඇතිවෙයිද? – ප‍්‍රධාන ලුණු නිෂ්පාදන සමාගම් දෙකකින් ඒ්කාබද්ධ ප්‍රකාශයක්

දේශීය ලුණු කර්මාන්තය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබඳව මෙරට ප්‍රධානතම ලුණු නිෂ්පාදකයින් දෙදෙනෙකු වන රයිගම් සමූහ ව්‍යාපාරය සහ සීමාසහිත ලංකා සෝල්ට් සමාගම ඒ්කාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඒම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. දේශීය ලූණු අවශ්‍යතාවයෙන් 80% ක පමණ ප‍්‍රමාණයක් සඳහා නිෂ්පාදනයෙන් දායකවන ප‍්‍රධාන සමාගම් වන රයිගම් සමූහ ව්‍යාපාර සහ එහි අනුබද්ධ ලූණු සමාගම් ද සීමාසහිත…

(0)Comments | June 1, 2021 12:35 am

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 මැයි මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.9හි සිට 2021 මැයි මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021…

(0)Comments | June 1, 2021 12:21 am