ශ්රී ලංකාව හා එක්සත් රාජධානිය අතර වෙළඳ, ආයෝජන, සංචාරක ව්යාපාරය, ජනතාව ජනතාව අතර සබඳතා, අධ්යාපනය සහ දෙරටෙහි ව්යවස්ථාදායකයන් අතර සහයෝගිතාව වැනි ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් දෙරටේ ම අවධානය යොමුව තිබේ. එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය මැයි මස 24 වන දින බ්රිතාන්ය මහජන මන්ත්රී මණ්ඩලයේ කථානායක ශ්රීමත් ලින්ඩ්සේ හොයිල් මහතා…
ෆේස්බුක්, මැසෙන්ර් හා වට්ස්ඇප් ආදී සමාජ ජාලා හරහා ක්රියාත්මක වන මූල්ය වංචාවන් කිහිපයක් පිළිබඳ මේ වන විට අනාවරණය වී ඇති බව ලංකා බැංකුව පවසයි. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ලංකා බැංකුව වැඩිදුරටත් පවසන්නේ, ඉක්මන් ණය පහසුකම් සැපයීමේ මුවාවෙන් ගනුදෙනුකරුවන්ගේ බැංකු ගිණුම්වල මුද් ලබාගැනීම මෙමගින් සිදුවන බවත් ඒ් සඳහා පූර්ණ වශයෙන්ම දායක වන්නේ ගනුදෙනුකරුවා විසින්…
ශ්රී ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය තුළ කුඩා හා මධ්යම පරිමාණ පෞද්ගලික රෝහල් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. රටේ දැනට ලියාපදිංචි පෞද්ගලික රෝහල් 250 න් 90% කට වැඩි ප්රතිශතයක් ඇත්තේ කුඩා හා මධ්ය පරිමාණ රෝහල්ය. මෙම රෝහල් මගින් බාහිර රෝගී ප්රතිකාරවලින් 60% ක් සපුරාලන අතර සෞඛ්ය ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් පවා ලබා දෙයි. ඒ අතරින් වඩාත් වැදගත් දෙය…
කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මධ්යම තැන්පතු ක්රමය (CDS) මෑතකදී සිය සේවා සැපයුම විවිධාංගීකරණය කළේය. ගෝලීය වශයෙන්, මධ්යම තැම්පතු ක්රමයන්හි සාම්ප්රදායික කාර්යභාරය වන්නේ නව තාක්ෂණයේ උද්දීපනයත් යොදා ගනිමින් ගනුදෙනු කරුවන් කේන්ද්ර කරගත් නව්ය වූ සේවාවන් සැපයීමයි. එයනුකූලවම, ශ්රී ලංකාවේ මධ්යම තැම්පතු ක්රමයද තම ගමන් මාර්ගය තුළ විවිධ ඉසව්වාන් කරා සේවාවන් විවිධාංගීකරණය කර…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශිය කෘෂි නිෂ්පාදන වගාකරුවන් සහ සැකසුම් කරුවන්ට ශ්රී ලංකා කාබනික ප්රමිතිය (SLS 1324:2018) අනුව කාබනික සහතික ලබාගැනිමට ආධාර වැඩ සටහනක් ක්රියාත්මක කරනු ලැබේ. SLS 1324:2018 කාබනික සහතිකකරණය සඳහා ප්රතීතන මණ්ඩලයේ අනුමැතිය ලත් සහතිකකරණ ආයතනයක් මගින් කාබනික සහතිකය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහනෙහි මූලික අරමුණු වන්නේ කුඩා ගොවීන් අතර ශ්රී…
ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා යොදා නොගත් වෙළඳපොල සදහා ආයෝජකයින්ට අවස්ථාව තිබෙන බව ප්රංශයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙබිනාර් සාකච්ඡාවකදී අනාවරණය කෙළේය. ශ්රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම් අමිල දිසානායක මහතා මේ බව පෙන්වා දුන්නේය. ශ්රී ලංකාවේ ග්රැපීන් ව්යාපෘතිවල වියහැකි වෙළඳපොළ අවස්ථා පිළිබඳව දිසානායක මහතා නැවත අවධාරණය කළේය. ප්රංශයේ මූව්මන්ට් ඩෙස් එන්ටප්රයිසස් ඩි ෆ්රාන්ස් (MEDEF)…
ඕමානයේ මස්කට් හි අල් මීරා හයිපර්මාර්කට් හි දී “ලංකා කුරුඳු තේ” නව සන්නාමයක් හදුන්වා දීම ඉකුත් 21 වනදා සිදුවිය. ඕමාන් සුල්තාන් රාජ්යයේ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ගේ ප්රධානත්වයෙන් එදිනට යෙදී තිබුණ ජාත්යන්තර තේ දිනයට සමගාමීව මෙය සිදු විය. මේ අතරතුර දී ජාත්යන්තර තේ දිනය සනිටුහන් කරමින්, මෑතක දී ශ්රී ලංකා තේ මණ්ඩලය මඟින් එළිදක්වන ලද ලංකා තේවලින්…
කොවිඩ් තුන්වැනි රැල්ල හමුවේ පීඩාවට පත් පුද්ගලයින් හා ව්යාපාර විසින් ලබා ගෙන ඇති බැංකු ණය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව බලපත්රලාභී වාණිජ බැංකු සහ බලපත්රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව 2021 මැයි 15 දිනට තිබෙන ක්රියාකාරී ණය අයකර ගැනීම් සඳහා 2021 අගෝස්තු 31 කාලපරිච්ඡේදය වෙනුවෙන් ණය ප්රතිව්යුහගතකරණයක් සිදුකිරීමට යෝජනා වී ඇත. මේ…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පෙරවරුවේ අත්සන් තැබීය. ඊයේ (27) පෙරවරු 11.20 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව කථානායක කාර්යාලය නිවේදනය කර සිටී. මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික…
සිංගප්පූරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශය , ශ්රී ලංකාවේ විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ මාර්ගගත වැඩමුළුවක් 2021 මැයි 11 වැනි දින සාර්ථක ලෙස පවත්වන ලදි. ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිංගප්පූරු බෝට්ටු කර්මාන්ත සංගමය සම-සත්කාරකත්වයෙන් යුතුව පවත්වන ලද මෙම අවස්ථාව සඳහා, සිංගප්පූරු-ශ්රී ලංකා ව්යාපාරික කවුන්සිලය සහ ශ්රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ආයතනය යන ආයතනවල සහාය ලබා…
Video Story