Top News

කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට

දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් කඩිනම් ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා නව්‍ය හා තිරසර ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මෙරට ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය නංවාලීම උදෙසා අවශ්‍ය දැනුම හා වෘත්තීය නිපුණත්වය ලබා දීම සඳහා ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අමාත්‍ය…

(0)Comments | December 6, 2017 12:45 pm

කිරි ගව පාලනයට තරුණයන් තෝරා ගැනේ

ශ්‍රී ලාංකිකයින්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය දියර කිරි හෝ පිටිකිරි ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය නොවීම හේතුවෙන් එම කිරි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට සිදු වේ. එබැවින් නවීන විද්‍යාත්මක ක්‍රම හා තාක්ෂණය භාවිතයෙන් මෙරට කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව,…

(0)Comments | December 6, 2017 12:35 pm

පරිසර හිතකාමී කර්මාන්තකරුවන්ට මිලියන 30ක් දක්වා ණය

පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාරිකයන්ට මිලියන 30ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පැවැසීය. අමාත්‍යරවරයා මේ බව ප්‍රකාශ කළේ අද (6) ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ පැවැති පරිසර හිතකාමි විසඳුම් ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත්…

(0)Comments | December 6, 2017 12:24 pm

සහල්වලින් ස්ප්‍රීතු නිපදවීමට අවසර දී නැහැ

මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කරන කිසිදු ස්කාගාරයකට සහල් යොදවා ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීමට මේ රජය විසින් කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි. එහෙත් 2006 වසරේ පැවැති රජය විසින් මධ්‍යසාර නිපදවීම සඳහා සහල් යෙදාගැනීමට අනුමැතිය දී තිබූ බව ද එම අමාත්‍යංශය මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. වැඩිදුරටත් එම නිවේදනයේ…

(0)Comments | December 6, 2017 10:54 am

පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක්

බස් රථ සඳහා භූමි තෙල් නොදෙන ලෙස දන්වා තිබෙන බවත් එවැනි තෙල් නිකුත් කරන තෙල් පිරවුම්හල්වල බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බවත් පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ (5) පාර්ලිමේන්තුවේ දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් මේ බව…

(0)Comments | December 6, 2017 10:42 am

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7%ක් බව සමීක්ෂණයකින් හෙළිවේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7%ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත. ඒ අතරින් පුරුෂ පක්ෂයේ සහ ස්ත්‍රී පක්ෂයේ ඩිජිටල් සාක්ෂරතාව පිළිවෙලින් 42.5%ක් හා 35.2%ක් වේ. නාගරික අංශයේ ඩිජිටල් සාක්ෂරතාව 54.5%ක් වන අතර ග්‍රාමීය හා වතු අංශවල පිළිවෙලින් එය 36.4%ක් හා 16.4%ක් වන බව ද එම සමීක්ෂණ…

(0)Comments | December 6, 2017 10:39 am

ෆේස්බුක් මැසෙන්ජර් ඇණහිටී

අද (05) දිනයේ දී ලොව පුරා රටවල් රැසක ෆේස්බුක් මැසෙන්ජර් සේවාව ඇණහිට ඇති බව වාර්තා වේ. මේ වන විට එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය මෙන්ම සවස් කාලයේ දී ශ්‍රී ලංකාවේ දීද ෆේස්බුක් මැසෙන්ජර් වෙත පිවිසීමේ හැකියාව අවහිර වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සතිය තුළ මෙවැනි බිඳ වැටීමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව…

(0)Comments | December 5, 2017 6:17 pm

CIFL තැන්පත් මුදල් පිල්ලි ගැසූවන්ට මහ බැංකුවෙන් නඩු

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුසදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යාම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017 නොවැම්බර් 06 වන දින තීරණය කරන ලදී. ආයතනයේ දුර්වල කළමානකරණය සහ කළමනාකාරීත්වය විසින් සිදුකළ අක්‍රමත් ගනුදෙනු…

(0)Comments | December 5, 2017 5:00 pm

ලොව ප්‍රථම ලැම්බෝගිනි SUV රථය එළි දකී

ලැම්බෝගිනි පවුලේ පළමු SUV රථය ඊයේ (04) දී එළි දුටුවේය. Urus නමින් හඳුන්වන මෙම සුපිරි SUV රථය, එය නිෂ්පාදනය කරන ලද ඉතාලියේ ප්‍රධාන කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී මෙලෙස දියත් කර තිබේ. ඉහළ සුඛෝපභෝගී පංතිය වෙනුවෙන් නිර්මාණය කරන ලද රථයක් වන මෙහි මිල බදු රහිතව ඇමරිකානු ඩොලර් දෙලක්ෂය ඉක්මවනු ඇත. අශ්වබල 650 ක 4.0 litre V8 twin-turbo…

(0)Comments | December 5, 2017 4:12 pm

කිලෝමීටර 400 ක් යා හැකි අලුත්ම නිසාන් ලීෆ් කාරය ලක්ෂ 70 ක් වෙනවා

2018 අයවැය සඳහා වාහන ආනයනකරුවන් ඉදිරිපත් කළ යෝජනාවලින් 75% ක් පමණ රජය ඉටු කර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 ව්‍යාපාරික කතාබහ හා එක් වෙමින් ඔහු මේ බව පැවසූ අතර ඒකක බදු හරහා වාහන සඳහා බදු අයකිරීම සරල ක්‍රමවේදයක් බව ද ඔහු මෙහිදී කියා සිටියේය….

(0)Comments | December 5, 2017 1:38 pm