සංචාරකයන්ට රට විවෘත කිරීමත් ක්‍රීඩාව පදනම් කර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සංචාරක, ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශ එකාබද්ධ වැඩපිලිවෙල් සැකසීම සදහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) දින සංචාරක අමාත්‍යාංශයේදි පැවැත්වින. මෙහිදි ලබන වසර තුල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා අදාල අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන්ගෙන් සමන්විත ඉහල පෙලේ කමිටුවක් පත් කර ගත් අතර ලබන වසර තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ…
හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් සිය හෝටල් ව්‍යාපාර හස්තය වන සෙරන්ඩිබ් හොටේල්ස් පීඑල්සී හි හිමිකාරීත්වය අද (15) දින විකුණා දමනු ලැබීය. කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකාවේ තවත් සමාගම් සමූහයක් වන LOLC සමූහය විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදු කර ඇති බවයි. මෙහිදී සෙරන්ඩිබ් හොටේල්ස් පීඑල්සී හි ඡන්ද බලය හිමි කොටස් 42,802,738 ක් රු….
කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේණික කර්මාන්තයක් වශයෙන් මෙන්ම විදේශ විනිමය ඉපැයීම සඳහා ඉහළ විභවතාවක් පවතින කර්මාන්තයක් වශයෙන් ද හඳුනාගනු ලැබ ඇති අතර, කිතුල් කර්මාන්තය නගා සිටුවීම සඳහා පසුගිය කාලයන් තුළ විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත. වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය ඔස්සේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීමේ වැඩ පිළිවෙල යටතේ කිතුල්…
මෙරට සංචාරක කර්මාන්තය නැවත නඟා සිටුවීමේ අරමුණින් GoodLife X, පසුගියදා ශ්‍රී ලංකා සංචාරක සංසදය සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම සහයෝගීතාව ඔස්සේ නිර්මාණය කළ ‘Grants for Tourism Resilience” වැඩසටහන යටතේ සංචාරක කර්මාන්තයේ නියැළී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ආධාර හිමි වේ. එමෙන්ම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මතුව ඇති අභියෝග සාර්ථකව ජයගැනීමට මෙන්ම, නව අවස්ථා හඳුනාගනිමින් නව…
මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පිළිබඳව ආසියාවේ ප්‍රමුඛ අලෙවි මධ්‍යස්ථාන වන බැංකොක් හා හොංකොං නගරවල මෙන් අලෙවිකරුවන්ට හා ගැනුම්කරුවන්ට අවශ්‍ය පහසුකම්, ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සැපයීමේ පහසුකම්, බැංකු සේවා හා අපනයන සේවා වැනි සියලු සේවාවන් හා පහසුකම් එකම වහලක් යටතේ සැපයීමට හැකි වන පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අරමුදල් ආයෝජනය කර රත්නපුර දෙමුවාවෙතහි…
වාහන ලියාපදිංචි කිරීමේදී වාහන අංක තහඩුවට පළාත් හඳුනා ගැනීමේ අක්ෂර එක් කරනු ලබන අතර, එමඟින් දුම් පරීක්ෂාවේදී හා වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවක් සලසනු ලබයි. එහෙත්, පළාත් අතර වාහන හිමිකම් පැවරීම් සිදු කිරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු වීම හේතුවෙන් සේවාලාභීන්ට මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවට ද ගැටලු ගණනාවකට මුහුණ පෑමට සිදු වී…
එ.ජ. ඩොලර් බිලියන 1.0ක කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව ආපසු ගෙවීමත් සමඟ 2020 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය බාහිර කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව තවදුරටත් පිළිබිඹු කළේය. වෙළඳ හිඟය තවදුරටත් පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වැඩි වීම සහ එම කරුණුවල ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි ඇති වූ ස්ථාවරත්වය යනාදියෙහි බලපෑම මාසය තුළ…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අඩානි සමාගමට 49% ක කොටස් හිමිකාරීත්වය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය හා නාවික කටයුතු…
අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන සුරේෂ් ඩි මෙල් මහතා අද දින (14.12.2020) අපනයන සංවර්ධන මණ්ඩලයේදී වැඩ බාර ගනු ලැබීය. ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ඩි මෙල් මහතා Lanka Fishing Flies (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම EcoWave (Gte) Ltd හා EcoWave Travels හි සභාපතිවරයා ද වෙයි. සුරේෂ් ඩි මෙල් මහතා ශ්‍රී…
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ශ්‍රී ලංකා ස්වෛරී බැඳුම්කර මිල දී ගැනීමේ දී සීමාවන් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව නව විදේශ මූල්‍යකරණයක් හැර ස්වෛරී බැඳුම්කර මිලදී නොගන්නා ලෙස ශ්‍රී ලංකාවේ මහ බැංකුව වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට නියෝග කර තිබේ. විදේශ විනිමය වෙළෙඳපොළ මත පීඩනය…