ශ්රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශකය තනි දිනක් තුළ සටහන් කළ ඉහළම අගය අද (22) වාර්තා විය. ඒ පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 332.18 ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟිනි. මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම…
ශ්රී ලංකා රුපියල මත එල්ල වී ඇති විනිමය පීඩනය යළිත් වරක් පිළිබිඹු කරමින් එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබේ. ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.31 ක් ලෙසින් සටහන්ව ඇති අතර විකුණුම් මිල සටහන්ව ඇත්තේ රු….
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේ ය. 2019 දෙසැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2020…
පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) මාර්ගගත ( ඔන්ලයින්) තාක්ෂණය උපයෝගී කර ගනිමින් තවත් කමිටු රැස්වීමක් ඊයේ (21) පැවැත්විය. පොල් සංවර්ධන අධිකාරියේ මූල්ය කටයුතු විමර්ශනය සදහා එම අධිකාරියේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැදවා තිබිණි. මෙහිදී ප්රාදේශීය කාර්යාලවල නිලධාරීහු ඔන්ලයින් තාක්ෂණය හරහා රැස්වීමට සහභාගී වූහ. මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්ය මහින්ද…
ජාත්යන්තර සංචාරකයින් සඳහා ශ්රී ලංකාව නැවත විවෘත කිරීම නිවේදනය කිරීම සඳහා සංචාරක කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් අන්තර්ජාලය හරහා ඉකුත් 19 වැනි දින බටහිර ඉන්දියාවේ දී පැවැත්විණ. ඊයේ (21) සිට ශ්රී ලංකාව නැවත සංචාරකයින් සඳහා විවෘත කිරීම හා සම්බන්ධ “ආරක්ෂිත පිළිවෙත්” පිළිබඳව අගැයීම සඳහා ඉන්දියානු වෙළඳපොළ සඳහා සංවිධානය කරන ලද පළමු දැනුවත් කිරීමේ සැසිය මෙය විය. ශ්රී…
අන්තර්ජාලය පදනම් කරගත් මුල්ය වංචා වලින් ප්රවේශම් වන්න ශ්රී ලංකා මහ බැංකුව වෙත සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්ය වංචා සිදු කෙරෙන බව තොරතුරු ලැබී ඇත. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්රම හරහා සිදු කෙරේ. එවැනි…
මෙරට ප්රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්රධානතම කොටස් හිමියා වන මෙරට ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් අද දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස්…
පසුගිය දා ශ්රී ලංකාවේ සංචාරකය නිරත වූ ලොව සුප්රකට ව්යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා සිය සංචාරය සාර්ථකව අවසන් කළ බව ට්විටර් සටහනක් තබමින් කියා සිටී. ඉලෙක්ට්රොනික නිෂ්පාදනය සඳහා ශ්රී ලංකාවේ යෝග්යභාවය පිළිබඳව හැදෑරීම මෙම සංචාරයේ ප්රමුඛ අරමුණ වූ බව ඔහු එහිදී කියා සිටී. ශ්රී ලංකාවේ සංචාරය අතරතුර දී මෙරට ප්රමුඛතම රැහැන්…
අද (21) දින සිට ශ්රී ලංකාව නැවතත් ජාත්යන්තර සංචාරකයින් පිළිගැනීමට සූදානමින් සිටී. කොවිඩ් 19 වසංගතය නිසා සංචාරකයින් හට මෙරට පැමිණීමට අවස්ථාව උදා වන්නේ මාස 10 කට පමණ කාලයකට පසුව වීම විශේෂත්වයකි. මෙලෙස ජාත්යන්තර සංචාරකයින් හට මෙරට සංචාරය සඳහා දොරටු විවර වන්නේ සංචාරකයින්ගේ මෙන්ම ශ්රී ලාංකික ජනතාවගේ සෞඛ්යය සහ ආරක්ෂාව මූලික කරගත් ආරක්ෂණ වැඩපිළිවෙල සහ ක්රියාමාර්ග…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව ඉක්මවා යාමට අද (21) සමත් විය. මීට පෙර අවස්ථා කිහිපයක දී ගනුදෙනු අතරවාරයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව ඉක්මවා වාර්තා වුවද, දිනයක ගනුදෙනු අවසානයේ එය ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙයයි. මෙහිදී පෙර දිනයට…
Video Story