Top News

LOLC රු. බිලියන 6.5 ක ණයකර නිකුතුවකට සැරසෙයි

මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී රු. බිලියන 6.5 ක වටිනාකමකින් යුතු ණයකර නිකුතුවක් තීරණය කර ඇති බව නිවේදනය කර සිටී. මේ අනුව ලැයිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ඨ, නිදහස් කළ හැකි ණයකර මිලියන 65 ක ප්‍රමාණයක් දක්වා නිකුත් කිරීමට නියමිතය.

(0)Comments | December 10, 2020 11:59 am

ශ්‍රී ලංකාව ආනයනික ආර්ථිකයෙන් අපනයන ආර්ථිකයට යොමු වෙමින් ඉන්නවා – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලකාව ආනයන මත යැපෙන ආර්ථිකය, අපනයන කෙරෙහි නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කෙළේය. ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 43 වැනි සංවත්සරය නිමිත්තෙන් කොරියානු රජයෙන් කොවිඩ්-19 පීසිආර් පරික්ෂණ කට්ටල තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය…

(0)Comments | December 10, 2020 11:17 am

කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 5 ක පිරිවැටුමක්. සියලු කොටස් ඒකක 6,600 පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (09) දිනයේ දී ඒකක 6,600 සීමාව ඉක්මවා යනු ලැබීය. දිනය අවසානයේ දී එය ඒකක 6,605.09 ක් ලෙසින් සටහන් වූ අතර පෙර දිනයට සාපේක්ෂව ඒකක 41.09 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබුණි. මේ අතර අද (09) දින ගනුදෙනු හරහා රුපියල් බිලියන 5.29 ක පිරිවැටුමක් වාර්තා…

(0)Comments | December 9, 2020 3:57 pm

සංජය මොහොට්ටාල ආයෝජන මණ්ඩල සභාපති ධූරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින් කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා පත්කර තිබේ. ඒ මහතා අද (09) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආයෝජන මණ්ඩල කාර්යාලයේ දී වැඩභාර ගනු ලැබීය. රාජකාරි ආරම්භ කරමින් අදහස් දැක්වූ සභාපතිවරයා කොවිඩ් අවදානම් කාලය තුළ දී ආයෝජන කලාප වසා නොදමා…

(0)Comments | December 9, 2020 3:44 pm

විලියම් ෂේක්ස්පියර්ට කොවිඩ් එන්නත

කොවිඩ්-19 ට එරෙහිව මෙතෙක් නිපදවන ලද එන්නත් අතුරින් සායනිකව සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවට තහවුරු වී ඇති Pfizer/BioNTech එන්නත ඊයේ (08) දින සිට එක්සත් ජනපදය තුළ ලබා දීමට පියවර ගැනුණි. මාග්‍රට් කීනන් නම් 91 හැවිරිදි කාන්තාව මෙම එන්නත ලබා ගත් පළමු පුද්ගලයා ලෙසින් ඉතිහාස ගත වුවද, දෙවැනියට එන්නත ලබා ගත් පුද්ගලයා පිළිබඳව මේ වන…

(0)Comments | December 9, 2020 10:20 am

ලක්සලේ ආදායම 90%කින් පහළට. සේවක වැටුප් ගෙවන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල්

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශීය සංචාරකයින් නොපැමිණීමෙන් ලක්සල අලෙවි ආදායම 90%කින් පහත වැටීම නිසා ආයතනය පවත්වාගෙන යාම අපහසු වී ඇත. එබැවින්, ලක්සල ආයතනය පවත්වා ගැනීමට අවශ්‍ය සේවක වැටුප් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් ඇතුළු කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය වෙතින් සලසා ගැනීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…

(0)Comments | December 9, 2020 9:54 am

රාජ්‍ය සේවයට දිගු කාලීන ‘මානව සම්පත් සංවර්ධන සැලැස්මක්’

රාජ්‍ය අංශයේ කාර්යසාධනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම උදෙසා කඩිනම් වැඩසටහනක් වශයෙන් මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව 2018 ජනවාරි මස 24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 02/2018 මඟින් අවධාරණය කර ඇත. ඒ අනුව, රාජ්‍ය සේවයෙහි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව…

(0)Comments | December 9, 2020 9:33 am

ශ්‍රී ලංකාවේ කොත්තු ලෝකයටම කවන්න යයි

කොත්තු රොටී හා ආප්ප වැනි සැබෑ ශ්‍රී ලාංකික ආහාර වර්ග සාදන ආකාරය ලෝකයාට ඉගැන්වීමේ ප්‍රදර්ශන කුටියක් ඉකුත් 06 වැනිදා වියට්නාමයේදී දැක ගත හැකි විය. වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යංශය සංවිධානය කරන ලද ලෝක ආහාර ප්‍රදර්ශනයකදී ශ්‍රී  ලංකාවේ මෙම ප්‍රදර්ශන කුටියටද විශේෂ තැනක් හිමිව තිබුණි. ශ්‍රී ලාංකික කෙටි ආහාර වර්ග සමඟ ලංකා තේ ද මෙම ප්‍රදර්ශනය නැරඹීමට…

(0)Comments | December 8, 2020 6:09 pm

සිරියෝ ආයතනයේ නිල නිවේදනය

පසුගිය දෙසැම්බර් 03 වන දින අප විසින් නිකුත් කරන ලද නිවේදනයට සබැඳිව ඒ පිළිබඳව යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම නිවේදනයෙන් අප බලාපොරොත්තුවේ. පසුගිය නොවැම්බර් 26 දින පීසීආර් පරීක්ෂණ මඟින් අප හට සිරියෝ ආයතනයෙන් පළමු කෝවිඞ්-19 ආසාදිත රෝගියා වාර්තා වූ දින පටන්ල දෙසැම්බර් 07 වන දින දක්වා කාලය තුළ අප ආයතනයේ සාමාජික සාමාජිකාවන්ට මෙන්ම අනෙකුත් සේවා…

(0)Comments | December 8, 2020 5:50 pm

වසර දෙකහමාරකට පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,500 කඩඉම පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පෙන්නුම් කරමින් අද (08) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 90.24 ක ඉහළ යාමක් වාර්තා කළේය. මේ අනුව සියලු කොටස් මිල දර්ශක අගය දිනය අවසානයේ දී ඒකක 6,564.00 ක් ලෙසින් සටහන් වූ අතර මෙය 2018 පෙබරවාරි 26 දිනය පසු වාර්තා වූ වැඩිම සියලු කොටස් මිල දර්ශක අගය ලෙසින්…

(0)Comments | December 8, 2020 3:51 pm