ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards) අඛණ්ඩව පස්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙවර ලෝක සංචාරක සම්මාන උළෙලෙ අති උත්කර්ෂවත් අන්දමින් මොස්කව් හී දී පැවැත්විණි. ශ්‍රීලංකන් ගුවන් සේවය …
2018 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව පසුගිය 02 වනදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කළ විමසීමකදීය. මෙම හිඟ ආදායම්වලින් බහුතරය රාජ්‍ය ආයතන විසින් ගෙවියයුතු ඒවා බවද, එම සමහර ආයතන අදාළ බදු ගෙවීම සඳහා සුදුසු මූල්‍ය තත්ත්වයක දැනට නොසිටින බව…
2020-12-01 සිට 2021-07-31 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් (92Unl) බැරල් 1,564,500+10/-5%ක් සහ පෙට්‍රල් (95 Unl) බැරල් 535,500+10/-5%ක් ආනයනය කිරීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ ප්‍රසම්පාදනය M/s BB Energy (Asia) Pte. Ltd., Singapore වෙත ප්‍රදානය කිරීම…
විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ පළි විවෘත කිරීම සදහා කොවිඩ් මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බවත් ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහාම ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මේ සම්බන්ධව අද පස්වරුවේ (03) සෞඛ්‍ය බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද රණතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව…
සිය කළුබෝවිල ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදනය වූ බවට තහවුරු වී ඇති බව කීල්ස් සුපර් නිවේදනය කර සිටී. මේ වන විට එම එම ශාඛාව තාවකාලිකව වසා ඇත. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. වසරක කාලයක් වෙනුවෙන් අදාළ තනතුර ඔහු විසින් භාර ගත් බවත්, සිය අනෙක් ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බැවින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ කරුණු සොයා බැලීමක දී අද දෙරණ Biz වෙත අනාවරණය…
දේපළ වෙළෙඳ කාණ්ඩය යටතේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ON’ALLY HOLDINGS PLC සමාගමේ 50% ක් ඉක්මවූ කොටස් අයිතිය අත්පත් කරගැනීමට තවත් ලැයිස්තුගත සමාගමක් වන Lanka Realty Investments PLC අද (03) දින පියවර ගන්නා ලදී. කොළඹ යුනිටි ප්ලාසා වාණිජ ගොඩනැගිල්ලේ හිමිකාරීත්වය පවතින්නේ ON’ALLY HOLDINGS PLC යටතේ ය. මෙහිදී කොටස් හිමිකාරීත්වය අනුව ON’ALLY HOLDINGS PLC හි…
Sirio Ltd – නිල නිවේදනය බඩල්ගම කටුකෙන්ද පිහිටි සිරියෝ සමාගම වන අප ආයතනය දෙදහසකට අධික තරුණ තරුණියන් හට ඍජු රැකියාවන් සපයමින් ඔවුන්ගේ පවුල්වල දස දහසකට අධික පිරිසක් පෝෂණය කරන මෙරට සිටින ප්‍රමුඛ පෙලේ නිමි ඇඟලුම් අපනයන සමාගමකි. අප්‍රියෙල් මස ආයතනය ආරම්භ කල මොහොතේ පටන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව රජය, ආයෝජන…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ON’ALLY HOLDINGS PLC සමාගමේ මුල් පෙළේ කොටස්කරුවන් 6 දෙනෙකු විසින් සිය කොටස් අයිතීන් අද (03) උදෑසන අලෙවි කරන ලදී. මේ අනුව ON’ALLY HOLDINGS PLC හි අංක 02 සිට අංක 07 දක්වා වූ ප්‍රමුඛ කොටස්කරුවන් එක් කොටසක් රු. 30.20 බැගින් වන පරිදි සිට කොටස් හිමිකාරීත්ව අද දින අලෙවි කරනු ලැබීය….
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ජයන්ත ද සිල්වා මහතා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ. මෙය ජනාධිපතිතුමා යටතේ පිහිටුවන ලද නව අමාත්‍යාංශයකි . ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා සර්ට්, ශ්‍රී ලංකා ටෙලිකොම්, කාර්මික පුහුණු ආයතනය, ශ්‍රී ලංකා…
Video Story