Top News

සති දෙකක දී රජයට කොටස් වෙළෙඳපොළෙන් රු. කෝටි 42 ක බදු ආදායමක්

2021 ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ දී රු. මිලියන 428.95 ක හෙවත් රු. කෝටි 42.89 ක බදු ආදායමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා රජයට ලැබී ඇත. කොටස් වෙළෙඳපොළේ රුපියල් මිලියන 100 දක්වා ගනුදෙනු සඳහා 1.12% ක ගාස්තුවක් අය කෙරෙන අතර එය ගනුදෙනුවේ වටිනාකම මෙන් තැරැව්කාර ගාස්තු 0.640% ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු 0.084% ක්,…

(0)Comments | January 18, 2021 6:08 am

තත්පරයක දී කොටස් ගනුදෙනු 5ක් – පද්ධති ධාරිතාව ඉක්මවා යාමක්?

පසුගිය සිකුරාදා (15) කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවන් කිහිපයක්ම නැවත අලුත් කළ දිනයක් විය. ඒ අතුරින් කැපීපෙනන වාර්තාවක් වූයේ තනි දිනක් තුළ මෙතෙක් ඉතිහාසයේ සිදුකෙරුණු වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වීමයි. එම ප්‍රමාණය 61,722 කි. කොවිඩ් වසංගත තත්ත්වයට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5 ක කාලයක් ගනුදෙනු සඳහා විවෘතව පැවතිය ද…

(0)Comments | January 18, 2021 6:07 am

කලාපීය වැවිලි සමාගම් දිනකට රු. 1,105/- ක කම්කරු වැටුපක් ගෙවීමට අවසන් යෝජනාව සකස් කරයි

සෑම වතු කම්කරුවකුටම තිරසාර අනාගතයක් උදාකර දීම වෙනුවෙන් වන කැපවීම නැවත අවධාරණය කරයි නව යෝජනාව ම`ගින් කම්කරුවකුගේ දෛනික ආදායම රු.1000/- ඉක්මවන බව සහතික කරයි සමස්ත වතු ක්ෂේත‍්‍රයේ මූල්‍ය තිරසාරත්වය වෙනුවෙන් සියලූ පාර්ශවයන්ගේ ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටියි කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මෙරට සියලූම කලාපීය වැවිලි සමාගම්හි (RPCs) සභාපතිවරු අතර…

(0)Comments | January 18, 2021 12:06 am

රටේ ආර්ථිකමය විශ්වාසනීයභාවය ඉහළ යාම කොටස් වෙළෙඳපොළෙන් පිළිබිඹු වෙනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

වත්මන් රජයේ ප්‍රතිපත්තීන් දියත් කරන ආකාරය බොහෝ දෙනාගේ විශ්වාසය ඉහළ නැංවීමට සමත් වී ඇති බවත්, එය කොටස් වෙළෙඳපොළේ ප්‍රගතිය හරහා මනාව පිළිබිඹු වන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. වර්තමාන කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

(0)Comments | January 15, 2021 6:07 pm

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විශාල සමාගම් ලැයිස්තුවේ අංක එකට

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය මේ වන විට රු. ට්‍රිලියන 3.38 ක් දක්වා ඉහළට පැමිණ ඇත. මෙය කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ (Market Capitalization) වටිනාකමයි. මෙලෙස වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟම සමාගම් ගණනාවකම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයයන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද…

(0)Comments | January 15, 2021 5:29 pm

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත දිනයක්. සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි. රු. බිලියන 12 ක පිරිවැටුමක්. වැඩිම ගනුදෙනු සංඛ්‍යාවත් අද

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි….

(0)Comments | January 15, 2021 3:02 pm

ලොව සුප්‍රකට ආයෝජක නතෑන්යල් රොත්ස්චයිල්ඩ් කොළඹ වරාය නගරයේ සංචාරයක

ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි ව්‍යාපාරික සංචාරයක නිරත විය. එහිදී ඒ මහතා ජනවාරි 14 දින කොළඹ වරාය නගරය වෙතද පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය දේශපාලඥයෙකු සහ යුරෝපා සංගමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේව ආදිත්‍ය මහතා සහ ව්‍යාපාර ලොවේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ මහතාද…

(0)Comments | January 15, 2021 2:43 pm

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

රාජ්‍ය  බැංකු  සම්බන්ධයෙන් මෑතකදී යම් මාධ්‍යයන් තුළ පළ වූ යම් මත සම්බන්ධයෙන් මහජන බැංකුව පහත සඳහන් කරුණු අවධාරණය කර සිටී; මෙරට  වැඩිම ගනුදෙනු කරුවන් පිරිසක් සහ විශාලතම ශාඛා පද්ධතිය හිමි මහජන බැංකුව අසමසම ස්ථාවරත්වයක් සහිත රාජ්‍ය  බැංකුවකි. මහජන බැංකුව සතුව ඇති ඇති මෙම ස්ථාවරත්වය සහ බැංකුව පවත්වාගෙන යන විශිෂ්ටතම වෘත්තීමය ප්‍රමිතීන් හේතු කරගෙන 900 අධික…

(0)Comments | January 15, 2021 2:24 pm

ඩොලරය හමුවේ රුපියල යළිත් පසුබසී. විකුණුම් මිල රු. 196 ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (15) දිනයේ දී රු. 196 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. මේ අතර ඩොලරයේ ගැණුම් මිල ද අද දින රු. 190 සීමාව ඉක්මවා යනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරය ගැණුම්…

(0)Comments | January 15, 2021 1:45 pm

ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යවසායක හැඳුනුම්පතක්

දේශීය ආර්ථිකයට මෙන්ම දේශීය සංවර්ධනයට දායක වෙන ප්‍රධාන කොටස්කරුවන් වන දේශීය ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යසායක හැඳුනුම්පතක් නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ ව්‍යාපාරික සංගමය සභාපති ආරියසීල වික්‍රමනායක මහතා අතින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පසුගිය (13) දා සිදුකරන ලදී. රාජ්‍ය ආයතනයකට බැංකුවකට පෞද්ගලික ආයතනයකට ව්‍යාපාරික මහතකු පැමිණිය හොත් ඔහු හෝ ඇය හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අප රට තුළ මෙතෙක් පැවතියේ…

(0)Comments | January 15, 2021 12:22 pm