නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම සහ අභියෝගය භාර ගැනීමට රජය සූදානම් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020 අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ආර්ථික සමුළුවේ දෙවන දිනය වූ අද (02) දින අන්තර්ජාලය ඔස්සේ සමුළුව හා එක්වෙමින්, “අප රටට තීරණාත්මක ඉදිරි වසර කිහිපයේ ආර්ථිකය ශක්තිමත්…
නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුුතු බව කොප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් ලිඛිතව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත. මේ අනුව තම අමාත්‍යාංශ යටතේ පවතින රාජ්‍ය ආයතන සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට දින 150ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි සිය…
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ එක් පැකේජයක් වශයෙන් කෝඳුරුවාව සිට නාමල්පුර දක්වා මින්නේරිය, ගිරිතලේ හා හුරුළු සංරක්ෂිත වනාන්තර හා අභය භූමිවලට යටින් කිලෝමීටර 27.7ක දිගකින් යුත් උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව අමාත්‍ය…
ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ඕමානයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ෂෙයික් අබ්දුල් මලික් බින් අබ්දුල්ලා බින් අල් අලි කලීලි මහතා හා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා අතර පැවැති සාකච්ඡාවකදී විශේෂ අවධානය යොමු කර ඇත. 2016 දී ශ්‍රී…
වාහනයක් ලියාපදිංචි කිරීමේදී වාහන ලියාපදිංචි සහතිකය, වාහන අංක තහඩු හා ස්ටිකරයක් නිකුත් කරනු ලබයි. දැනට පවතින ක්‍රමවේදය යටතේ ඒවා ලබා ගැනීම පිණිස සැලකිය යුතු කාලයක් සහ වියදමක් දරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතු වේ. එසේම, නව රියදුරු බලපත්‍ර ලියාපදිංචි තැපෑලෙන් සේවාදායකයින් වෙත යොමු කිරීමේදී ද යම් ප්‍රමාදයක් සිදු වන බව පෙනී ගොස් ඇත….
සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයා ගැනීම සඳහා රජයට අයත් රක්ෂණ සේවා සැපයුම්කරුවන් වෙතින් යෝජනා කැඳවා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පමණක් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ කරන ලද සාකච්ඡා සම්මුතීන්ගෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයාගැනීම සඳහා…
පෞද්ගලික අංශය වර්ධනයේ ගාමක බලවේගය යන කියමන යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් සැමවිටම ගතානුගතික, අඩු අවදානමක් සහිත උපායමාර්ග යොදා ගැනීම වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගත හැකි නිර්භීත, පැහැදිලි ආයෝජන අවස්ථා උදා කර ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (01) ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020 අමතමින් ජනාධිපතිවරයා මේ…
රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රේල් 08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දෙන ලදී. ඒ අනුව, 2020 ඔක්තෝබර් 07 දින වන විට, විශේෂ තැන්පතු ගිණුම්වල ඇති මුළු තැන්පතු ප්‍රමාණය දළ වශයෙන් එ.ජ.ඩො. මිලියන 272ක් විය. විදේශ විනිමය…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (30) දිනය ගනුදෙනු අවසානයේ දී ඒකක 6,243.76 ක් ලෙසින් වාර්තා විය. නොවැම්බර් මාසය ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වී තිබුණේ ඒකක 5,726.59 ක් ලෙසිනි. මේ අනුව පසුගිය නොවැම්බර් මාසය තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 517.17 ක හෙවත් 9% ක ඉහළ යාමක් වාර්තා…
1989 වර්ෂයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික්කයකට එකක් බැගින් ක්‍රීඩා පාසල් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. එම සංකල්පය වඩාත් ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව වැඩසටහනක් සැලසුම් කර ඇත. ඒ අනුව, අධ්‍යාපන සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පහත සඳහන් ඒකාබද්ධ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින්…
Video Story